Ads 468x60px

.

සිංහල පෙම්වතාගෙන් වත්තල දී පිහි ඇනුම් කෑ මුස්ලිම් පෙම්වතිය අවසන් වරට අම්මාට කී කතාව


වත්තල නගරයේ රෙදි අලෙවි සැලක් තුළ තියුණු පිහියකින් ඇන ඝාතනය කළ පාතිමා රුක්ෂානා ඉස්මි නම් තරුණිය ඝාතනය වීමට දින කීපයකට පෙර සිය මෑණියන්ට මරණය අත ළඟ ඇති බව දැනුම් දී ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

19 හැවිරිදි ඇයව සිය පෙම්වතා විසින් ඝාතනය ලද්දේ පසුගිය හත්වැනි දා රාත්‍රියේදී. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථාන

යේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පාතිමා රුක්ෂානා ඉස්මි මරණයට දින කිහිපයක පෙර තම මවට කතා කරමින් තමන්ගේ මරණය අතළඟ ඇතැයි සඳහන් කර ඇත්තේ මෙලෙසයි.


"අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑ. දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑ. ඒ වුණත් එයාට මම ආදරෙයි. එයාට අපේ ආගමට එන්න බැහැයිලු. එයාගෙ අම්මල ඒකට කැමැති නෑ. මට එයාගෙ ආගමට යන්නත් බැහැ. මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑ.

අම්මේ මම දිනේෂ්ව අත්හරිනවා. ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවා. මට කරදර කරනවා මගේ ළඟට එනවා. අතින් අදිනවා.
එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවා. ඇයි අපි ආදරේ කළේ කියලා අහනවා. 


අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයි. පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්න. මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑ. එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේ. අයියට ගෙදර සේරම බර දරන්න බෑ. ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ."

ඇගේ මව පවසන්නේ දුව ලස්සන නිසා විවාහ යෝජනා රැසක් ද පැමිණි බවයි.

"දුව ලස්සන නිසා නිතරම විවාහ යෝජනා ආවා. මෙයා ඒ එකකටවත් කැමැති වුණේ නෑ. අවුරුදු 1 1/2ක සිට පිරිමි ළමයෙක් සමඟ සම්බන්ධකමක් තියෙන බව දුව මටත් මගෙ පුතාටත් කිව්වා. මේ දෙන්නම වැඩ කළේ එකම රෙදි සාප්පුවක. අපි ඒ ළමය ගැන සොයා බැලුව. එයා අපට ගැළපෙන්නෙ නෑ. 


ඒ ළමයා අපේ ගෙදරටත් කෝල් දෙනවා. බැරිම තැන අපි දුව සාප්පුවෙන් අස්කරගත්තා. මාස කීපයක් දුව ගෙදරට වෙලා හිටියා. පස්සේ අපට ආර්ථික අගහිඟකම් ඇතිවුණා. ගෙවල් කුලී ගෙවන්නවත් සල්ලි නැති වුණා.

අගහිඟකම් වැඩි වුණා. ඒ නිසා එයාම කිව්ව ආයෙත් රස්සාවකට යන්න ඕනෑ කියලා. අපි ඒකට ඉඩ දුන්න. එයාගෙ පුංචිඅම්මා වැඩ කළ සාප්පුවෙම එයාට රස්සාවක් හදලා දුන්නා. මේ සාප්පුවත් තිබුණේ
එයා ඉස්සර වැඩ කළ රෙදි සාප්පුව ළඟමයි. 


අපි හිතුවෙ මේ සම්බන්ධය නැහැයි කියලයි. ඒත් අර පිරිමි ළමයගේ හිතේ සම්බන්ධය එහෙමම තිබිලා. දුවට නිතර ඒ ළමයා කරදර කළා. දුවගේ අතින් ඇදලා විහිළු කරනවා කියල දුවගේ යාළුවො අපට කිව්වා. මට ඉවසන්න බැරිම තැන මම ඒ සාප්පුවට ගිහින් ඒ ළමයා හමුවුණා. 

ආන්ටි මම දුවට කරදර කරන්නේ නෑ කියලා ඒ වෙලාවෙ පොරොන්දු වුණා. සාප්පුවෙ මහත්තයත් කිව්ව බය වෙන්න එපා දුව ආරක්‍ෂා කරන්නම් කියලා. ඔන්න මගේ දුව ආරක්‍ෂා කළ හැටි.." මගේ රත්තරන් දුව මට නැති වුණා කියමින් ඇය හඬාවැලපෙනවා.
 
Related Posts with Thumbnails