Ads 468x60px

.

කාන්තාවන් දළදා මැදුරේ පහන් දල්වද්දී නැමී ෆොටෝ ගැසූ කාමාතුරයා...


තම ජංගම දුරකතනයෙන් කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශය ඡායාරූප ගතකල පුද්ගලයෙකු දෙවන වතාවටත් රිමාන්ඩ් කර තිබෙන පුවතක් මහනුවර ශි‍්‍ර දළදා මාළිගාවෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පසුගිය පොහෝ දින මහනුවර ශ‍්‍රි දළදා මාළිගාවේ පහන් දල්වන ස්ථානයේ දී පහන් දල්වමින් සිටි කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශය තමන්ගේ ජංගම

දුරකථනයෙන් මොහු විසින් ඡායාරූප ගනිමින් සිට ඇති බවයි.

අවුරුදු 33 ක් වයසැති කුරුණෑගල තෙලියගොන්න ප‍්‍රදේශයේ සුරවීර ආරච්චිගේ දොන් සුනිල් සමිපත් සුරවීර නැමති අය දෙවන වතාවටත් මෙම මස 14 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව් එම් ඒ වසන්ත කුමාර මහතා විසින් ඊයේ (05) නියෝග කළා.

මෙම සැකකරු පසුගිය පොහෝ දින ශි‍්‍ර දළදා මාළිගාවේ පහන් දල්වන ස්ථානයට ගොස් තම අතේ තිබූ ලේන්සුවක් බිම දමා එය අහුලාගන්නා ආකාරයට බිමට පහත් වී  තම අතේ ඇති ජංගම දුරකථනය උපයෝගි කර ගනිමින් කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශ ඡායාරූප ගනිමින් සිටිය දී දළදා මාළිගා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව මහනුවර පොලිසියේ දූෂණ මර්ධන අංශයට භාර දී ඇති අතර එම අංශය මගින් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට මෙම මස 01 දින මොහුව ඉදිරිපත් කළා. එහිදී 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබී නැවත ඊයේ (05) අධිකරනයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩබ්ලිව් එම් ඒ වසන්ත කුමාර මහතා විසින් ඉහත නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් වැඩි දුරටත් නියෝග කළේ මෙම සැකකරු පිලිබදව මානසික වාර්තාවක් මහනුවර මහරෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා මගින් ලබා ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලෙසයි.
 
Related Posts with Thumbnails