Ads 468x60px

.

කොණ්ඩයා සේයාව උස්සන්න මින් පෙර 04 වතාවක් ගේ ළගට ඇවිත්..


කොටදෙණියාවේ සේයා සෙඳව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන් නමැත්තා සිද්ධිය සම්බන්ධ යෙන් පසුගිය සිකුරාදා නැවත වරක් දීර්ඝ පාපොච්චාරණයක් සිදු කළ අතර එහිදී ඒ දක්වා කියූ කරුණු තවත් විස්තර සහිතව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු කියා ඇත්තේ සේයා දැරිය පැහැරගෙන ගොස් ඇය දූෂණය කිරීමට තමා වසරක පමණ කාලයක සිට මාන බලමින් සිටි බවකි. ඇය පැහැරගෙන යෑම සඳහා ඇයගේ නිවසේ ජනේලය ළඟට මින් ඉහත සිව් වතාවක් පැමිණි බවත්

ඒ උත්සාහයන් අසාර්ථක වූයේ නිවසේ දොර අගුළුලා තිබීම නිසා බවත් ඔහු කියා ඇත. එම සෑම විටකම අවස්ථාවක් නොලැබුණු නිසා ආපසු හැරී ගිය බවත් ඇය පැහැරගෙන යෑමට අවස්ථාව ලැබුණේ පස්වෙනි වතාවේ බවත් ඔහු කියා ඇත.


සිද්ධිය වූ දිනයේ නිවසට ඇතුළුවීම සඳහා පැය ගණනාවක් තිස්සේ එම වත්තේ ගත කර ඇති ඔහු නිවස තුළ සිදුවන දෑ බලමින් අවට කළුවරේම සැඟවී සිට ඇත. නිවසේ ඉදිරිපිට දොරේ යතුරුදමා තිබුණා නම් එදිනත් තමාට සේයා පැහැරගෙන යෑමට අවස්ථාවක් නොලැඛෙන බව ඔහු කියා

ඇති අතර ජනේලය ඇර ඇති බව දුටුවත් ඉන් පැන ඇතුලටයාම අවදානම් බව ඔහු සිතා ඇත.

සේයා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කිරීමට පෙර ඇය ඝාතනය කිරීමට සිදුවූ බව කොණ්ඩයා පවසා ඇත. ඇයව රැගෙන යාමෙන් අනතුරුව  පැය ගණනාවක් තිස්සේ දූෂණයට ලක් කළේ එසේ මිය ගොස් තිබිය දී බවත් කොණ්ඩයා පවසා ඇත.

තමා ගමේ සැරිසැරූ අවස්ථා ගණනාවකදීම සේයා වැනි රූමත් දැරියන් කෙරෙහි දැඩි ආශාවකින් පසු වූ බව කියන ඔහු තමන්ට සේයා ඝාතනය කිරීමට සිදු වූයේ ඇය කෑ ගසා කලබල කළහොත් අවට පිරිස් අවදිවීම නිසා තමාගේ අරමුණ ඉෂ්ට කරගැනීමට බැරිවේයයි යැයි හැගුණ නිසා බව ද ඔහු කියා ඇත.

මින් ඉහත අවස්ථාවන්හිදී සේයා දැරිය නිදා සිටියදී කීප අවස්ථාවක් ජනේලය හැර ඇය නිදා සිටි දෙස බලා සිට ඇති කොන්ඩයා ඇය ගැන රහසින් පෙම් බැඳ ඇත.

ඇය සෙසු අය සමඟ නිවසේ සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියදීත් ඇය දෙස ඔහු සැඟවී බලා සිටි බව පොලිසියට පාපොච්චාරණය කරන කොණ්ඩයා එම දැකුම් නිසා ඇය පැහැරගෙන ගොස් තමාගේ

ආශාවන් ඉෂ්ට කර ගැනීමේ අවශ්‍යතාවද වැඩිවූ බව පවසා ඇත. එය ඉෂ්ට කරගන්නා තුරු පසුගිය කාලයේ තමන් වෙන කිසිම දෙයක් ගැන නොසිතූ බවත් ඔහු පවසා ඇත.

මෙම සැකකරුගෙන් රහස් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරගෙන යන අතර ඔහු තරුණ වියේදී තරු‚යන් දුසිම් ගණනක් සමග සම්බන්ධකම් පැවැත්වීමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබීම නිසා මෙම මානසික තත්වය හටගෙන ඇති බව හෙළිදරව්වී ඇත.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොණ්ඩයාගේ ඩීඑන්ඒ වාර්තාව තවම නිකුත් කර නැති අතර එම විද්‍යාත්මක සාක්ෂි සමග ඔහු සේයාගේ සිද්ධියට වරදකරු කරන්නටත් ඔහුට හිමි දඩුවම අධිකරණ යෙන් ලබාදෙන්නටත් පොලිසිය බලාපොරොත්තු වෙයි.
 
Related Posts with Thumbnails