Ads 468x60px

.

වෙඩින් එක අමතක කර මැරෙන්න ගිය කෙනෙක් බේරන්න හදපු නර්ස් නෝනා...


පසුගිය දිනෙක මුහුදු වෙරළක් අසල තම විවාහය දිනයේ මංගල ඡායාරූප ගනිමින් සිටි යුවලකට දැකගන්නට ලැබුණේ යම් පුද්ගලයෙකු දියනාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණාසන්නව සිටින අයුරුයි.

දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් නොසිටි නිසාවෙන් වහාම ඔහු ළඟට ගිය මනමාලිය දැඩි පරිශ්‍රමයක් දරා

ඔහුව බේරගාන්නට උත්සාහ කර තිබුණා.

ඇය  උතුරු චීනයේ ලිසොනිං ප්‍රාන්තයේ රෝහලක හෘද ඒකකයේ රැකියාව කරන අතර විනාඩි 20ක් පමණ මෙම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට අපමණ වෙහෙසක් ගත්තද අවසානයේ ඔහු මිය ගොස් තිබුණා.

තම විවාහය පවා අමතක කර දමා රෝගියෙකු වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඇයට ප්‍රශංසා ලැබුණු අතර පෙම්වතා පවසා සිටියේ ඇය වැනි බිරියක ලැබීම ගැන ආඩම්බරවන බවයි.

ඇය පුද්ගලයාගේ දිවි බේරාගන්නට උත්සාහ කළ අයුරු පහතින්.....








 
Related Posts with Thumbnails