Ads 468x60px

.

දැන්වත් හොරා පොලිස්‌ සෙල්ලම නවත්වමු...!


දැන් ශ්‍රී ලංකාවේ හොර නම නොගෑවුණු විෂය ක්‌ෂේත්‍රයක්‌ සොයා ගන්නට බැරි තරම්ය. සමහර හොරකම් දැනෙන්නේ පාර්ශ්ව කිහිපයක්‌ පමණක්‌ වුවද, රටේ සියලු ජනතාවට දැනෙන තරමේ "කෂඩ" වැඩ කරන හොර නඩයක්‌ ගැන ඊයේ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය හෙළිකර තිබුණා. 

ඔවුන් කියන ආකාරයට රට පුරා පිහිටි පෞද්ගලික ඖෂධ අලෙවිසල් නොඑසේ නම් අපිට හුරු විදියට කියනවා නම් "ෆාමසි" 20,000 කට අධික ප්‍රමාණයකින් 14,000 කට ආසන්න ප්‍රමාණයක සිටින්නේ ව්‍යාජ (හොර) ඖෂධවේදීන්ය. 

ඖෂධවේදීන් යනුවෙන් හඳුන්වන්නේ ෆාමසියකට ගොඩවැදුණු විට අපට බෙහෙත් තෝරා දෙන අයය. එවැන්නෙකු හොරෙකු වූ විට ඇතිවන තත්ත්වය අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. ඇත්තෙන්ම මෙය ඇඟ
කිළිපොලා යන නිවුස්‌ එකකි.

පෙනෙන හැටියට අපි මෙතෙක්‌ ලෙඩට දුකට බී ඇත්තේ
ෆාමසිවලින් "අහඹු ලෙස" තෝරා දුන් බෙහෙත්ය. හඳුනාගත් රෝගවලට දෙන අහම්බෙන් තෝරා ගත් බෙහෙත් පාවිච්චි කිරීමෙන් පසු හඳුනා නොගත් බොහෝ රෝග වැළඳීමේ ඉඩකඩ ද වැඩිය. සමහර සතුන්ට මිනිසුන් භාවිත කරන බෙහෙත්ම ලබා දෙන අවස්‌ථා තිබේ. 

සතුන්ට පමණක්‌ අනිවාර්යයෙන් ලබා දෙන බෙහෙත්වල නම් හා මිනිසුන්ට ලබා දෙන බෙහෙත්වල නම් යම් හෙයකින් හෝ සමාන වී තිබුණේ නම් තත්ත්වය භයානකය. 

බොහෝ විට මේ හොර බෙහෙත් සොයා දෙන්නන් රටේ වෙද්දුය. කිසිවකු පැමිණ සුළු රෝග තත්ත්වයක්‌ ගැන කී විට අදාළ බෙහෙත ඊට සුදුසු යෑයි කියන්නේද ඔවුන්මය. ඉතිං රෝගීන්ට දෙයියන්ගේම පිහිට පතනවා හැරෙන්නට කුමක්‌ කරන්නද? 

මේ හොර යක්‌කුන්ට හොර ඖෂධවේදීන් කියන්නේ ඇයිදැයි යන්න ගැනද ප්‍රශ්නයක්‌ තිබේ. විද්‍යාවේදී, ශාස්‌ත්‍රවේදී, සංගීතවේදී මේ ආදී වශයෙන් "වේදී" යන්න යොදන විට හැඟවෙන්නේ එම විෂය පිළිබඳව ප්‍රමාණික දැනුමක්‌ හා ප්‍රවීණත්වයක්‌ ඇති බවය. 

එසේ නම් මේ හොර නඩ, හොර ඖෂධ(වේදීන්) හැටියට හැඳින්වෙන්නේ කොහොමද? පුහුණුවන ඖෂධවේදී, ව්‍යාජ ඖෂධවේදී නොව මේ කපටි රැළ "හොර බෙහෙත් කිරන්නන්" ලෙස පමණක්‌ හැඳින්විය යුතුය.

µdමසියකට යන පුද්ගලයකුට එහි කාටත් පෙනෙන පරිදි එල්ලා තබා ඇති වෛද්‍ය සභාවෙන් ලබාගත් ලියාපදිංචි සහතිකය දකින්නට ලැබේ. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය කියන පරිදි මේ සහතිකය හිමි පුද්ගලයා (ඖෂධවේදියා)
ෆාමසිය තුළ නැත. 

රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකිවන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදියකුට පමණය. අප හොඳින්ම දන්නා පරිදි ලංකාවේ බොහෝ ඖෂධවල තත්ත්වය එබඳුය. බොහෝ ඖෂධවේදීන් යෑයි කියාගන්නා පිරිස වැඩ කරන්නේ අතේ හුරුවටය. අත්දැකීම් නිසාය, දොස්‌තරගේ බෙහෙත් තුණ්‌ඩුව හඳුනා ගැනීමට ඇති පුරුද්දටය. 

තත්ත්වය භයානක වන්නේ ඒ නිසාය. සමහර රෝගවලට වෙන් වෙන් වශයෙන් ඖෂධ නියම කෙරේ. සමහර ඖෂධ නාමයන් ඉතා ළඟින් යන ඒවාය. එවැනි ඖෂධ නාම සහිත බෙහෙත් ලැයිස්‌තුවක්‌ මේ තකතීරු අත්දැකීම් රහිත ඖෂධ කිරන්නකුගේ අතට ලැබුණොත් තත්ත්වය කෙබඳු විය හැකිද?

නිsසි පුහුණුවක්‌, ලියාපදිංචි සහතිකයක්‌ හිමිකර ගත් ඖෂධවේදියකු
ෆාමසියකට අවශ්‍ය වන්නේ බෙහෙත් ලබාදීමේ කර්තව්‍යයට පමණක්‌ නොවේ. අදාළ ඖෂධය භාවිත කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට සහ ඖෂධ අලෙවිසල තුළ ඇති ඖෂධ නිසි ප්‍රමිතියකින් යුක්‌තව ගබඩා කිරීමටත් එමගින් ඖෂධයේ ගුණාත්මක බව රැකීමට අවශ්‍ය පියවර ගැනීමටත්ය.

එහෙත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය හෙළිකරන පරිදි මේ කිසිදු ක්‍රියාවලියක්‌ බහුතර ඖෂධහල්වල සිදුවන්නේ නැත. අපට කියන්නට ඇත්තේ මෙපමණය. මේ "හොරය" අල්ලා ගැනීම ගැන අප කාටත් සතුටුය. එහි විවාදයක්‌ නැත. එහෙත්
ෆාමසිවල කුමන හෝ මගඩියක්‌ සිදුවන බව ජනතාවට තේරී බොහෝ කල්ය. 

කැස්‌සට බොන බෙහෙත් සහ පිස්‌සන්ට දෙන බෙහෙත් මත්වන්නට කැමැති කොලු ගැටවුන්ට ලබා දෙන්නේ මේ තකතීරු ඖෂධ(වේදීන්ම) හැර වෙන කවුරුද? දැන් හොරා පොලිස්‌ සෙල්ලම නවත්වා රටේ සියලුම ෆාමසි වටලා මේ හොර රැළ පන්නා දැමීමේ ක්‍රමයක්‌ සොයමු.
 
Related Posts with Thumbnails