Ads 468x60px

.

සේයා සදෙව්මිණි තවදුරටත් ඝාතනය නොකරන්න..


සේයා සදෙව්මිණි දැරිය අතුරුදන් වී යෑයි කියන ප්‍රවෘත්තිය බොහෝ දෙනකු දැනගත්තේ පසුගිය සෙනසුරාදා ය. එදින රාත්‍රියේ විද්යුත් නාලිකා මගින් ප්‍රවෘත්තිය විකාශය කෙරිණි. රූපවාහිනියෙන් ප්‍රවෘත්තිය විකාශය වන අතරතුර සේයා දියණියගේ ඡායාරූපයක්‌ ද පෙන්වීය. 

ඒ දුටු සැණින් සියලු ලක්‌වාසීන් ඇයට අනතුරක්‌ සිදු නොවේවායි පැතුවාට සැක නැත. සේයා දුටු සැණින් ඒ තමාගේ දියණියකැයි, තමාගේ සොහොයුරියකැයි, කෙනකුට නොසිතුණා නම් පුදුමයකි. "සේයා"ගේ
අතුරුදන්වීම එපමණකටම කම්පනයක්‌ බොහෝ දෙනා තුළ ඇති කළ බව කියන්නේ අප ද ඒ බව ප්‍රායෝගිකව අත්දුටු නිසාය.

ඇය ගැන යහපත් තොරතුරක්‌ බලාපොරොත්තු වූ, නැවත ඇයගේ සොඳුරු වත දකිනු කැමැති වූ ඒ සියලු දෙනාගේ නෙතට කඳුළක්‌ නංවමින් පසු දින ඉරිදා උදැසන දැනගන්නට ලැබුණේ සේයාගේ නිරුවත් මළ සිරුර ඇගේ නිවස අසල ඇළක්‌ අයිනේ තිබියදී හමුවූ බවය.

සේයා සදෙව්මිණි හෙට ඇයගේ පස්‌වැනි උපන් දිනය සැමරීමට සූදානමින් සිටියාය. අපේ සිත් වඩාත් කම්පනයට පත් කරන්නට හේතුවන්නේ ඇයගේ මළ සිරුර හමුවූ ආකාරයයි. පස්‌වියෑති ඒ පුංචි දියණියගේ ගෙල සිරවී තිබුණේ රෙදි කැබැල්ලකිනි. සේයා සදෙව්මිණි ඝාතනය කර ඇති බවත් ඝාතනයට පෙර අතිශය කෲර ලෙස බරපතළ ලිංගික අපයෝජන යක්‌ සිදුව ඇති බවත් මරණ පරීක්‍ෂණ වාර්තාවල දැක්‌වෙන බව ඊයේ වාර්තා විණි.

දුටු කෙනකුගේ සිත් ස්‌නේහයෙන් පුරවාලන සේයා වැනි සඳ සාවියක මෙසේ ඝාතනය කරන්නට සිත් දෙන්නේ කෲර සිතක්‌ ඇති පාපතරයකුට මිස අන් කිසිවකුටත් නොවේ. සේයා අතුරුදන් වූ විට රටක්‌ කම්පා විය. ඒ සියලු දෙනා අතර මෙවැනි සිත්පිත් නැති කෲරතර අධමයන් සිටීමම රටේ සංස්‌කෘතික සහ ශිෂ්ටසම්පන්න බවේ පිරිහීම පෙන්නුම් කරන්නකි.

සේයා සදෙව්මිණිගේ පැහැර ගැනීම සිදුවන පසුබිම දරුවන්ගේ ආරක්‍ෂාව ගැන මවුපියන්ට තවත් වරක්‌ සිතන්නට බලකරන්නකි.

"සේයා" නින්දට යන ඇඳේ කෙලවර ඕනෑම කෙනකුට පහසුවෙන් ඇතුළු විය හැකි ගි්‍රල් රහිත ජනේලයකි. හිටිහැටියේ රාත්‍රි නින්දෙන් පිබිදෙන සේයා මිත්තනිය සමඟ නිදන්නට යැම ගැන මවුපියන් එතරම් සැලකිල්ල ට ගත්තේ නැත. 


සේයා නිවසෙහි කොතැනක හෝ නැති බව නිවැසියන් දන්නේ පසු දිනට එළිවූ පසුය. එවැනි මොහොතක කෙළින්ම වරද පැටවෙන්නේ මවුපියන්ට වීම ස්‌වභාවිකය. එහෙත් අප විශ්වාස කරන්නේ මල් කැකුළුවන් දරුවන් කෙරෙහි ස්‌නේහය උපදින්නේ මවුපියන්ට පමණක්‌ම නොවන බවය. 

ශිෂ්ට සම්පන්න සමාජයක වෙසෙන කවරකු හෝ වේවා දරුවන් ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරේ. සේයා අතිශය කෲර ලෙස ඝාතනයට ලක්‌වන්නේ එවන් ශිෂ්ට සම්පන්න සමාජයක්‌ අපට අහිමිව ඇති නිසාය.

සේයා දැරිවියගේ මලක්‌ වැනි මුහුණින් පුවත්පත් පිටු ගණන් පිරවේ. ඒ මුහුණ අපට සිහිපත් කරන ප්‍රබල කරුණක්‌ වේ. ඒ තවදුරටත් මෙවැනි සිදුවීම්වලට ඉඩ නොතැබිය යුතුය යන්නය. සේයාගේ ඝාතකයා කවරකු වුවද, එවැන්නකුට හිමි විය යුතු උපරිම දඬුවම දිය යුතු යෑයි රටේ බොහෝ දෙනෙක්‌ එක හෙළාම කියනු නිසැකය. 


අප කියන්නේ මෙවැනි ම්ලේච්ඡ කෲරතර පාපතරයන්ට දෙන දඬුවම් පිළිබඳව අලුත් සංවාදයක්‌ ඇති විය යුතු බවය. මස්‌ වැද්දකු බවට ක්‍ෂණයකින් පරිවර්තනය විය හැකි පුද්ගලයකුට සිර දඬුවම් නියම කිරීමෙන් පමණක්‌ පලක්‌ නොවන බව අපේ විශ්වාසයයි.

මේ ආකාරයේ අධම සහ තුච්ඡ සිතුවිලි පහල වන කවරකු වුවද යහපත් මානසික මට්‌ටමකින් යුක්‌ත වූවකු නොවේ. මල් කැකුළක්‌ වැනි දැරිවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්‌කර ඝාතනය කරන පුද්ගලයකුගේ එවැනි විකෘති මානසික මට්‌ටමක්‌ ඇතිවීමට බලපාන හේතු කාරණා පුළුල් ලෙස විමර්ශනය කිරීම හා දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ හදිසියේ හෝ කළ යුතු දේවල් ලෙස අපි දකිමු. තුච්ඡ සමාජයෙන් සේයාට සිදුවූ නිවැරැදි කළ නොහැකි බරපතළ වරදට වන්දි ගෙවීම පිණිස හෝ එය ඉක්‌මන් කළ යුතු යෑයි අපි කියමු.

මේ මොහොතේ ශිෂ්ට සම්පන්න සමාජයෙන් තවත් ඉල්ලීමක්‌ කළ යුතුව තිබේ. සමාජ ජාල වෙබ් අඩවි තුළ මේ මොහොත වන විට "සේයා"ගේ ඝාතනය සිදුව ඇති ආකාරය දැක්‌වෙන ඡායාරූප සංසරණය වේ. තමන්ගේ සමාජ ජාල ගිණුම් වලින් එම ඡායාරූප ඉවත් කරන්නට ශීලාචාර වන්න.

සේයාගේ ඝාතකයා වැනි විකෘති පුද්ගලයන් බොහෝ දෙනකුට මේ ඡායාරූප සංවේදී බවට කාරණයක්‌ නොවේ. එය හුදු වින්දනය පිණිස යොදා ගන්නා තවත් ඡායාරූප පෙළක්‌ පමණි. ඒ අහිංසක දැරිවියට අත්වූ ඉරණම ගැන කතා කරන්න, තවත් එවැනි සිදුවීම් නොවන්නට පෙළගැසෙන්න. එහෙත් ඇය තවදුරටත් ඝාතනය නොකරන්න.


සේයා දැරිය මරා දැම්මේ හැඳ සිටි ඇඳුමින් ගෙල සිරකරලා: ඝාතනයට පෙර අතිශය කෘෘර අයුරින් දූෂණය කරලා: ඝාතකයා නිවස තුලම අයෙක්දැයි සැක..

ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. 

ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. 

දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති.

දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් අද කොටදෙණියාව බඩල්ගම නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ. ඔවුන්තර වූ වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයක් විය.

මේ අතර දැරියගේ ම්ලේච්ඡ ඝාතනය ගැන පරීක්ෂන කරන පොලිසියට දැරිය හැඳ සිටි යට ඇඳුම දැරිය නිදාගත් ඇඳ යට තිබී හමුවී තිබේ. පොලිස් සුනඛයාද දැරිය විසූ නිවස සහ අවට කරකැවුනා මිස වෙනත් අතකට යොමු වූයේ නැත.

දැරියගේ පියා කලකට පෙර ළමා අපචාර සිද්ධියකට චුදිතයා වී මාස 3 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස ලබා පැමිණ සිටින අයෙකි. පියා කලක් විදේශ රැකියාවකද නිරතව සිට ඇති අතර දැරිය මවට පිලිසිඳ ගත්තේ පියා විදේශගතව සිටි කාලයේදී යැයි පවසමින් නිවසේ නිතර අඬ දබර තිබූ බවද වාර්තා වී ඇත.

මේ අනුව දැරියට විනාශය ගෙන ආවේ නිවස තුලින්මද යන සැකය බරපතල ලෙස මතු වී තිබේ. දැරියගේ අවමංගල්‍ය කටයුතු හෙට සිදුකිරීමට නියමිත අතර ඉන්පසු නිවසේ කිහිප දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. සේයා දැරිය හැර තවත් දැරියක් සහ දරුවෙක් දෙමාපියන්ට සිටිති. සීයා සහ ආච්චීද ජීවත් වූයේ එනිවස තුලම ය.
 
Related Posts with Thumbnails