Ads 468x60px

.

කොටදෙණියාවේ දැරියගේ සිරුර හමුවේ ( වීඩියෝ )


කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප‍්‍රදේශයේ දී අතුරුදහන වූ සේයා සඳෙව්මි නැමැති දැරියගේ සිරුර හමු වී තිබෙනවා.  ඒ දිවුලපිටිය අකරන්ගහ ප්‍රදේශයේදී.

මෙම දැරිය (11දා) රාත්‍රියේ නින්දට ගොස් ඇතැයිද උදෑසන ඇය නිවසේ නොසිටි බවයි පැවසුනේ. වයස අවුරුදු හතරාමරක් පමණ වන දැරියගේ මළ සිරුර දිවුලපිටිය අකරන්ගහ ජයසුමනාරාම විහාරස්ථානය ආසන්න ප‍්‍රදේශයක තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

දැරිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය දැඩිව සැක කරනවා. සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් වන නෙත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


"ඇයි දෙයියනේ ගිල ගත්තේ සඳෙව්මිණි" - කොටදෙණියාවේ මල් කැකුළගේ දුක්මුසු කතාව(VIDEO)

තවත් දින තුනන් සිය පස්වන උපන් දිනය සැමරීමට බලා සිටි මීගමුව කොටදෙණියාව පාරේ බඩල්ගම, අකරංගහ, වැලිපාරේ පදිංචිව සිටි සේයා සඳෙව්මිණි (11දා) රාත්‍රියේ අතුරුදන්ව (13දා)පෙරවරුවේ හමුවන්නේ යළිත් නොඑන ගමනක යෙදී සිටියදීයි.

2010 වස‍රේ සැප්තැම්බර් මස 16 වන දා උපන් සඳෙව්මිණි පවුලේ මද්දුමයා වූ අතර පෙර පාසැලේ හොඳින් ඉගෙනුම ලැබූ දැරියක ද වුණා.
ඇගේ පියා පෞද්ගලික ප්‍රවාහන සේවයක් පවත්වා ගෙන ගිය අතර ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ද සේවය කර තිබෙනවා.

දොරගුරු නොදැමූ නිවසේ ප්‍රධාන දොරටුවෙන් හෝ ඇය නිදා සිටි කාමර‍යේ විවර කර තිබූ ජනේලයෙනුත් පැමිණි බවට සැළකෙන මරුවා රාත්‍රීයේ ඇඳ සිටි ඇඳුම ද ඇඳ මත දමා අහිංසක දැරියගේ ජීවිතය ද රැගෙන පළ ගොස් දැන් අවසන්ය.

සේයාගේ පෙරපාසල් රැගෙන ගිය බෑගය දැන් ඇගේ කාමරයේ මුල්ලකට විසිවී ඇති අතර ඇගේ අකුරු ලියූ පොත ගෙදරට එන විවිධ පුද්ගලයන්ගේ  අතින් අතට යන අයුරු දක්නට පුළුවන.

මේවන විට මුලු කොටදෙණියාවම එකම මළ ගෙයක් බවට පත්ව ඇත්තේ අහිංසක ළදැරියගේ සිරුර නිර්වස්ත්‍රව තිබුණු බවට දැන  ගැනීමත් සමගයි.

සේයා සඳෙව්මිණි යළිත් අම්මේ කියාගෙන ගෙදර නොඑන බව නම් පැහැදිලියි.එහෙත් සඳෙව්මිණිගේ ජීවිතය රැගෙන ගිය ම්ලේච්ඡයන් ගැන කාටත් මෙතෙක් අපැහැදිලියි.

නිවසේ දර්ශන පහතින්


මරා දැමූ සඳෙව්මිණි හීනෙන් පෙනෙයි කියා රන්ජන් ඇතින් හිටපු හැටි(වීඩියෝ)

ඝාතනයට ලක්වූ  සේයා සඳෙව්මිණිගේ සිරුර සොයාගත් අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද එම ස්ථානයට පැමිණියා.සිරුරට ඈතින් රැඳී සිටි ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේ දැරිය තමන්ට හීනෙන් පෙනෙන නිසා ඈතින් සිටි බවයි.

එමෙන්ම ළමා අපචාර නැවත්වීම සඳහා මරණ දඬුවම ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී අවධාරණය කළා.

එම අවස්ථාවේ දර්ශන සහ ඡායාරූප පහතින් නරඹන්න.




10505466_10156704997450377_2741907436253472591_n 11222168_10156705034365377_5614194041493949299_n
12009737_10156704995310377_7007100245286539426_n 12003179_10156704992920377_4358278932021993721_n 11998970_10156704994220377_5571444547282625262_n 11986349_10156704988760377_3402846858500357298_n
 
Related Posts with Thumbnails