Ads 468x60px

.

මිනිස්සු අපිට චෝදනා කරපු නිසා මිනී පෙට්ටිය ගාවට ගියේ නෑ.. වළට පස් දාන්නත් බැරිවුණා.


ගම්පහ කොටදෙණියාවේ අමානුෂික ඝාතනයට ලක්වූ සේයා සෙඳව්මි දැරියගේ අවසන් කටයුතු වලින් පසු ඇය ජීවතුන් අතර නැතිව ඊයේට යෙදුණ ඇගේ 5 වන උපන්දින දවසේ ඇය සිහිපත් කරමින් ඇගේ මව හා පියා නැවත කඳුළු සැලූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ හා මාධ්‍ය වල දැඩි අවධානයට ලක්වූ කාරණාවක් වූයේ මෙම සිද්ධිය නිවසේ අයකුගේ
දැනුවත්භාවය මත සිද්ධවූවක්ය යන්නය. 

ඒ ගැන සේයාගේ පියා කෙරෙහි සැකයක් පහළව තිබුනේ ඔහු මින් ඉහත අධිකරණයේ අපචාර චෝදනා ලැබූවෙකුවූ බැවිනි. එසේම සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇගේ මව හා නිවසේ අයගේ නොසැලකිල්ල ගැනද ප්‍රදේශවාසීන්ට තිබුනේ විවේචනයකි.

මෙම තත්වය මත සේයා සෙඳව්මි දැරියගේ මරණ ගෙදර නිවසේ පවත්වමින් තිබියදී ඇගේ මිනිය අසළට යන්නට පවා මාපියන් බියවූ බවත් ප්‍රදේශවාසීන්ගේ කෝපය මතුවේ යයි සිතා ඔවුන් නිවස ඇතුළේම සිටි බවත් පැවසුණා.එසේම අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ මිනී පෙට්ටියට අතගසන්නට හෝ මළ සිරුර වළලා පස් විසිකරන්නට දෙමාපියන් එක්ව නැත.

මෙම පසුබැසීමට හේතු දක්වමින් සේයාගේ මව හා පියා සිරස ටීවී නාලිකාවට ඊයේ රාත්‍රී විශේෂ ප්‍රකාශයක් කළා.

එහිදී දැරියගේ මව මතුව තිබුණ එම තත්වය විස්තර කළ අතර පියා කියා සිටියේ චෝදනා කළ අය හරිහැටි කරුණු නොදැන චෝදනා කළ බවයි.
මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 15 දෙනෙකුගෙන් මේවනවිට ප්‍රශ්න කර ඇති මුත් ඝාතකයා තවම හදුනාගෙන නැත.

පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශන කටයුතු ඊයේ සිට රහස් පොලිසියට පවරා ඇත.සැකකරු හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ පරික්ෂණයක් සිදුකිරීමට ද පොලීසිය තීරණය කර තිබේ.

දැරියගේ දෙමව්පියන් සිදු කළ විශේෂ ප්‍රකාශය පහත පරිදිය.



සදෙව්මිගේ පියාගේ කට උත්තරයේ ඇත්ත හෙළිවෙයි

දුරකථන කුළුණු වාර්තාත් පරීක්ෂාවට

මේ වන විට සදෙව්මි දැරියගේ මරණය සම්බන්දයෙන් වන පරීක්ෂණ CIDයට යොමුකර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බවද පොලිසියට තහවුරු වී තිබෙන බවට වාර්තා වෙනවා.

දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය  දුරකථන කුළුණු වාර්තා අනුව  සත්‍යයක්‌ බව තහවුරුවී ඇත්තේ ඒ අනුවය.

දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසිය සඳහන් කරන අතර ඔහුට යම් තුවාලයක් සිදුවී ඇති බවටද සැකකරන බව වාර්තාවෙනවා.

මේ වනවිට දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතන සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගත හැකිවන බවයි.

එසේම දැරිය ඝාතනය කළේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු නොව ඇය හොඳින්ම දන්නා, හඳුනන කෙනෙකු විසින් බවට පොලීසියට සැක කරනවා. දැරිය නිවසෙන් රැගෙන යන මොහොතේ කෑගැසීමක් සිදු නොකළේ ඒ නිසාවෙන් බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි.
 
Related Posts with Thumbnails