Ads 468x60px

.

ගෙදර නෝනා එක්ක හොර සම්බන්ධෙ අහුවුණා මං පොල්ලෙන් ගැහුවා - උඩුගම්පොළ ඝාතකයා කියයි.


පසුගිය 10 වනදා ගම්පහ උඩුගම්පොළ නයිනවල අක්කර හයක ඉඩමක මැද පිහිටි නිවෙසක අබිරහස් ලෙස ඝාතනය කළ අඹු - සැමි යුවළක් සහ ළිඳකට දමා තිබූ අවුරුදු 4ක දැරියකගේ මළ සිරුරු හමුවීමෙන් පසු එම ඝාතන වලට සම්බන්ධ සැකකරු ඊයේ පස්යාලේදී අත්අඩංගුවට ගැනුණා.

මෙම ගොවිපළේ කලක් තිස්සේ සේවය කරමින් සිටි යුද හමුදාවෙන් ඉවත් වූ මෙම 36 හැවිරිදි පුද්ගලයා ඝාතන 3 ම තමා විසින් සිදු කළ බව දැන් පිළිගෙන තිඛෙනවා. 


ඝාතන සිදුවූ නිවෙසේ ගෘහමූලිකයාගේ බිරිය වූ චන්ද්‍රලතා සමග මෙම පුද්ගලයා අනියම් ඇසුරක් පවත්වා ගියබවත් එය අතටම හසුවිමෙන්
පසුව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම ඝාතන සිදුවූ බවත් ඝාතකයා පාපොච්චාරණය කර ඇත.

මෙම ව්‍යාපාරිකයා කුකුළු ගොවිපළක් හා අන්නාසි වගාවක් පවත්වාගෙන ගිය අතර ඝාතකයා එම නිවසේ අරක්ෂාවට මෙන්ම ගොවිපළ හා වගා වැඩට උදව් කරමින් සිට ඇත. ඔහු නිවැසියන්ට ඉතා සමීපව කටයුතු කර තිඛෙන අතර ඔවුන් සලකා ඇත්තේද පවුලේ සාමාජිකයෙකු ආකාරයට මිස මෙහෙකරුවෙකු ලෙස නොවේ.


කාලයක් ගතවන විට ගෘහමූලිකයා නැති අවස්ථාවල ඔහුගේ බිරිය සමග සමීප කථාබස්වලට ගිය මෙම පුද්ගලයා ඇයව ස්පර්ශ කරමින් අනියම් ඇසුරකට පොළඹවා ඇත. 


ඇය මුල් කාලයේ තමන්ගේ යෝජනාවලට කැමති නොවූ නමුත් ටිකෙන් ටික ඇයව නම්මවා ගත් බවත් පසුව ඇයත් ඔහුත් අතර අනියම් ඇසුරක් ආරම්භවූ බවත් මෙම පුද්ගලයා පොලිසියට පවසා ඇත.

මේ දෙදෙනාගේ එක්වීම සැමියා දුර ගමන් ගිය අවස්ථාවල පමණක් සිදු කිරීමට වග බලාගෙන තිඛෙන අතර අක්කර හයක විශාල පාළු ඉඩමට ඉඳහිට එන ගැනුම්කරුවන් මිස වෙනත් අය පැත්ත පළාතේ ආවේ නැති බවත් මේ නිසා තමන්ගේ සම්බන්ධය කාලයක් යනතුරුම රහසේ තබාගන්නට හැකිවූ බවත් සැකකරු පාපොච්චාරණය කර තිඛෙනවා.

කෙසේ වෙතත් පසුගිය දිනෙක යන්නට ගිය ගමනක් අතරමග නතර කර සැමියා නැවත නිවසට ආ බවත් ඒ අවස්ථාවේ බිරිය සමග තමා අඹුසැමි සබඳතාව පවත්වමින් සිටි බවත් ඔහු කියා සිටියා. 


අනියම් ඇසුර අතටම හසුවිම නිසා අධික කෝපයට පත් සැමියා මොහු සමග අතින් පයින් ගහගන්නට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ තමා නිවෙස අතහැර යන්නට කැමති බව කියා සිටි නමුත් තමන් සමග සබඳතා පැවැත්වූ ඔහුගේ බිරිය එයට අකමැතිවූ බව සැකකරු පවසා ඇත. 

ඇය පවසා ඇත්තේ සැමියාට නිවස අතහැර යන ලෙසයි. මෙයට හේතුව වී ඇත්තේ මේ සියලූ දේපළවල හිමිකාරිය ඇයවීමත් සැමියා ඇය හා විවාහවී ඇත්තේ බින්න බැසගෙන වීමත්ය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ප්‍රශ්නය එතැනින් තාවකාලිකව නතරවී දරුවා ගැන සිතා සැමියාට මේ සම්බන්ධය ඉවසා සිටින්නට සිදුව ඇති නමුත් ඔහු ඉන් පසු දින ගණනාවක්ම මේ දේවල් කියමින් බිරිය හා මොහු සමග වාදවිවාදවල පැටලී ඇත.

සිද්ධියෙන් දින කිහිපයකට පසු සැමියාගේ කෝපය නැවත ඉහවහා ගොස් මේ ගැන අතින් පයින් ගහගනිමින් රණ්ඩුවක් ඇතිව තිඛෙනවා. එම අවස්ථාවේ සැකකරු පොල්ලක් රැගෙන විත් සැමියාට ගසන්නට උත්සාහ දරද්දී බිරිය මැද්දට පැන්න නිසා ඇගේ හිසේ එම පහර වැදුණ බවත් එම අවස්ථාවේ අවාසනාවන්ත ලෙස ඇය එතැනම ලේ පෙරාගෙන වැටී මියගිය බවත් සැකකරු පාපොච්චාරණය කළා. 


ඔහු අතින් බිරිය මරු දුටු පසු කෝපයෙන් නැවත පොල්ල අතට ගත් ඔහු සැමියාටද ඒ ආකාරයේ පහරක් එල්ල කර තිඛෙන අතර සැමියාවද මරා දමා ඇත. බිරිය හා සැමියා මරා දැමූ පසු කළ යුත්තේ කුමක්ද යන්න ගැන මෙම පුද්ගලයාට නිනව්වක් වි නැත. 


ඔහු ව්‍යාපාරිකයාගේ සහ බිරියගේ සිරුරු කාමරයකට දමා විශාල රෙදි කඩකින් වසා ඒ මත කළු ඉටිකොළද අතුරා ඇත්තේ කිසිවෙකු හදිසියේ ආවොත් මේ ගැන හෙලි නොවන්නටය.

මේ සියල්ල සිදුවෙද්දී තවමත් ලෝකය ගැන හරි අවබෝධයක් නැති සිව් හැවිරිදි දියණිය නිවසේ කාමරයක භයෙන් භ්‍රාන්තව සිට ඇති අතර ඇය සමග සමීපව කටයුතු කළ අයෙකුවූ මෙම පුද්ගලයාට ඇයව අස්වසාලන්නට හැකිවී ඇත.

මළ සිරුර නිවසේ තිබියදී එදා රෑ ඔහුට නිවසේ නිදාගන්නට බියක් ඇතිවී තිඛෙනවා පසුව එහි නිදානොගෙන ව්‍යාපාරිකයා සතුව තිබූ ˜බට්ටා˜ වර්ගයේ ලොරිය තුළ නිදාගෙන ඇත්තේ දැරිියද එහි තබාගෙනයි.
දැරියට බඩගිනිවූ නිසා අසළ කඩයකින් කිරිපැකට්ටුවක් ගෙනවිත් ඇයට දෙන්නටද ඔහු කටයුතු කර ඇත.


කුකුළ් මස් මිලට ගන්නට පුද්ගලයන් පැමිණිය හැකි නිසා ඔහු ගොවිපළේ කුකුළන් රඳවා ඇති කූඩු වල දොරවල් හැර දමා ඔවුන්ට පිටතට යන්නට ඉඩ සලසා ඇති අතර පැය කිහිපයකින් පසු එම කුකුළන් සියල්ල ගොවිපළෙන් පිටත්ව ඉඩමේ අනෙක් පසට ගමන් කර ඇත.

සිද්ධියෙන් පසු දරුවාට කවරක් සිදු කරන්නදැයි නිනව්වක් නැතිව සිටි ඔහු පසුදා උදෑසන ඇය නිදාගෙන සිටියදීම ඔසවාගෙන ඇවිත් වත්ත පහළ පාළු ළිඳට තල්ලූකර දමා මියයන්නට සලස්වා ඇත්තේ ඉතාම අමානුෂික ආකාරයටයි.

අනතුරුව ව්‍යාපාරිකයාගේ මුදල්ද සොරාගත් ඔහු බට්ටා ලොරි රථයේ නැගී නිවසින් පළාගොස් තිබුණා. සිද්ධියෙන් සතියකට පමණ පසු කුකුළු මස් මිලට ගන්නට මෙම ගොවිපළ වෙත පුද්ගලයකු පැමිනි පසු නිවස තුළින් දැඩි දුඟඳක් වහනය වීම නිසා ඔහු ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු මේ ඝාතනය ගැන අන් අය දැනගෙන තිබුණා.

නිවසේ තිබී හමුවූ ඝාතකයාගේ හැඳුනුම් පත් හා අනෙකුත් සලකුණු ඔස්සේ පරීක්ෂණ සිදු කර ඔහු ගමන් කරන ස්ථාන ගැන ඔත්තු බලා පොලිසිය දින තුන හතරකින් ඝාතකයා කොටුකරගත්තා. 


වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ ඔහු ඝාතනවලින් පසු නිවසට ගොස් නැති අතර වෙනත් හිතවතුන් සොයා ඇවිද යද්දීී මෙසේ කොටුවුණා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails