Ads 468x60px

.

සේයාගේ ඝාතනය ගැන ජනපති කථා කරයි අපරාධ කරුවන්ට ඇත්ත මරණ දඩුවම දෙන්න සූදානම්


පසුගියදා අතවරයට ලක්ව ඝාතනය වූ ගම්පහ කොටදෙණියාවේ සේයා සෙඳව්මිගේ සිද්ධියෙන් පසු මෙවැනි දේවල් සමාජයේ නැවත නැවත සිදුවීම වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන සංවාදයක් ඇතිව තිඛෙනවා.

බොහෝ දෙනෙකුගේ අදහසවී ඇත්තේ මරාදැමිය යුතු තරම් වැරදි කරන අපරාධකරුවන්ට මරණීය
දඩුවම ඇත්තටම නොලබන අධිකරණ
ක්‍රියාමාර්ගයක් රටේ පවතින නිසා අපරාධ කරන්නට අපරාධකරුවන් බියක් නැතිවී ඇති බවයි. 

මරණ දඩුවම ලබන්නන් ජීවිතාන්තය දක්වා සිරගතවී පසුව නිදහස්වීම හා විශාල වැරදි කරන අයද බොහෝ අවස්ථාවල ඇප මත නිදහස්වීම දැන් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති නිසා රටේ නීතියට මිනිසුන් බිය නැතිවීමෙන් මෙවැනි අපරාධ සුලබවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණකි.

මේ සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන අද ප්‍රථම වරට සංවේදීව අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ එකඟත්වය ලැබුණොත් ලබන වසරේ සිට මරණ
දඩුවම ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද ගාල්ලේ පැවති රැස්වීමකදී කියා ඇත.

එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු නැති වුවද තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස විමසීමට බලාපොරොත්තු වන බව ජනපතිවරයා කියා ඇත.

සේයා සෙඳව්මිගේ ඝාතනය සම්බන්ධයෙන්ද ජනපති සිහිපත් කර ඇති අතර එය ගැන පිළිකුළෙන් හෙළාදැක කථා කර ඇත.


එම දැරියගේ ඛේදවාචකය හමුවේ කම්පනයට පත්වූ බොහෝ ජනතාව තමන්ගෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ඇතැයි කියන ජනාධිපතිවරයා තමන්ට එය ක්‍රියාත්මක කිරීමට බලය ඇතැයිද දැනට වැරදිකරුවෙකුට උසාවියෙන් මරණ
දඩුවම නියම කළ පසු තමන්ට ඇත්තේ අත්සන ගැසීම පමණක් යැයිද ජනපති කියා සිටි නමුත් මානව හිමිකම් සංවිධාන මානුෂියත්වය ගැන සලකා මීට හරස්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනූව මේ තත්වය වෙනස් විය යුතු බවත් පාර්ලිමේන්තුවේ එකඟත්වය ඒ සඳහා ලැබුණහොත් ලබන වසරේ සිට  මරණ ද~ුවම ක්‍රියාත්මක කිරීමට ඉඩදෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියා.
අද ගාල්ල නවනගර ශාලාවේදී පැවැති මතින් තොර රටක් උත්සවයට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර ඇත.
 
Related Posts with Thumbnails