Ads 468x60px

.

සේයා සෙඳව්මි දූෂණය කර ඝාතනය කර ඇත්තේ අයිය මලෝ දෙදෙනෙක්


මේ දක්වා විසඳන්නට අපහසු අභිරහසක් බවට පත්ව තිබුණ සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා ඊයේ රහස් පොලිසිය මගින් කොටු කරගත් අතර ඔවුන් එම වරද කළ බවට දැන් පිළිගෙන තිඛෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් තාවකාලික ව වාසය කර ඇත්තේ සේයාගේ නිවසට ආසන්නයේ තිබුණ ඔවුනගේ සොයුරියකගේ නිවසකය. සිද්ධියෙන් පසු බාල සොයුරා අතුරුදන්ව සිටි අතර වැඩිමල්  සොයුරා එම නිවසේදී මුලදී පොලිස් ප්‍රශ්න කිරීම් වලට

ලක්ව තිබුණි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ 32 හැවිරිදි බාල සොයුරු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නමැත්තා ඊයේ ගම්පහ  බදුවතුගොඩ ප්‍රදේශයේදී කොටුවූයේ වනචාරීයෙකු ලෙස හැසිරෙමින් කැලේ සැ`ගව සිටියදීය. 


නිවෙස් වලින් දැරියන් පැහැරගෙන ගොස් අතවර කිරීම මින් පෙරද මොහු විසින් සිදු කර ඇති අතර මිය ගිය තරු‚යකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීමේ විකෘති ක්‍රියාකාරකමකද පසුගිය කාලයේ මෙම දෙදෙනා එක්ව නිරතවී තිබී ඇත.

මෙම සැකකරුවන් කුලී වැඩ කරමින් දිවිගෙවන මෝඩ පහේ අය වන බවත් පහත් පෙළේ හැසිරීම් ඇති අය බවත් පොලිසියට තොරතුරු ලැබුණි. මේ දෙදෙනා තාවකාලිකව

නවාතැන්ගෙන සිට ඇත්තේ ඔවුන්ගේ සොහොයුරිය පදිංචි කොටදෙ‚යාව බඩල්ගම ප්‍රදේශයේ නැගණීයගේ නිවසකය. මෙම නිවස පිහිටා තිබී ඇත්තේ ඝාතනයට ලක්වූ සේයා දැරියගේ නිවසට යන පාර පසුකර යද්දී ඒ ආසන්නයේය. ඔවුන් එම නිවසට යන එන විට සේයා සෙල්ලම් කරමින් සිටිනු දකින්නට ඇතැයි පොලිසිය සැක කරනවා.


අත්අඩංගුවට ගෙන සිටින සොහොයුරන් දෙදෙනාගෙන් බාල සොහොයුරා මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස් ඛෙම්මුල්ල ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමා යැමේ සිද්ධියකට සම්බන්ධය.


ගම්පහ ප්‍රදේශයේදී මියගිය 26 හැවිරිදි තරු‚යකගේ සිරුර වළ දැමීමෙන් පසු මෙම සොහොයුරන් දෙදෙනා එම සිරුර ගොඩගෙන ඊට අතවර කර ඇති බවද පරීක්ෂණවලින් හෙළිවී ඇත.


මොවුන් දෙදෙනාගෙන් වැඩිමලා හිටිහැටියේම බඩල්ගම ප්‍රදේශය අතහැර පලා යැම පොලිසියේ සැකය ඇති කරවන්නට හේතු විය.සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරන බාල සොහොයුරා ගම්පහ බදුවතුගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී ඊයේ කොටුවූයේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සැපයූ ඔත්තුවක් අනුවයි.


මොහු ඛෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් පිටුපස වූ මල් පඳුරක් යට සැඟව සිටිය දී ඔහු පොලිස් භාරයට පත්ව තිබේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙ‚යාව ප්‍රදේශයේ පුද්ගලයෙකි. 


ඔහු පවසා ඇත්තේ දුනේෂුත් ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් ගංජා පානය කිරීම සඳහා පැමිණෙන බවත් ඔවුන් සේයාගේ මළ සිරුර හමු වූ වෙල්යායේ නිතර සැරිසරන බවත්ය. එහෙත් මෙම සිද්ධියෙන් පසුව මොහු අතුරුදන්ව ඇති බව එම පුද්ගලයා පවසා තිබුණා.

ඉන් අනතුරුව සැකකරු නැවතී සිටි බව කියන සොහොයුරිය පදිංචි නිවසට පොලිසියෙන් මීට දින පහකට පෙර ගොස් ඇත. එම නිවස පිහිටා ඇත්තේ සේයා දැරියගේ නිවස ආසන්නයේය. එහි ගිය පොලිස් නිලධාරීන්ට නිවැසියන් පවසා ඇත්තේ මොහු අම්මාගේ නිවසට ගොස් ඇති බවයි. එනම් ඒ ගම්පහ ඛෙම්මුල්ල ප්‍රදේශයේය.

පසුව පොලිස් නිලධාරීන් ඛෙම්මුල්ල ප්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර එහි දී දුනේෂ්ගේ මව පවසා ඇත්තේ මීට දින දෙකකට පෙර ඔහු නිවසින් බැහැරට ගිය බවය. 


කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි එවිට සැකකරු නිවසේ සිට පිටුපසින් පලාගොස් ඇති බව පොලිසියට තොරතුරු ලැබි ඇත. පසුව සැකකරු නිවසෙන් බැහැරව ගොස් සැඟව සිටි බව සඳහන් බදුවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වෙල්යායක් පරීක්ෂා කර තිබේ. එම වෙල්යායේ සෑම තැනක්ම පරීක්ෂා කළත් සැකකරු සිට නැත.

පසුව මෙහි දී පොලිස් නිලධාරීන්ට සැකකරුගේ බවට සැක කරන දුරකථන අංකයක් හමු වී තිබේ. එම දුරකථන අංකය ජාල පරීක්ෂාවකට ලක් කිරීමේ දී සැකකරු තවමත් අදාළ කැලෑ රොද තුළ සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.


ඒ අනුව ඊයේ (23) දිනයේ රහස් පොලිසියත් බුද්ධි අංශයත් බස්නාහිර උතුරු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීනුත් ගම්වාසීනුත් එක්ව කැලෑව පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.


එහි දී සැකකරු සරත් අයියාගේ වත්ත නමැති ප්‍රදේශයට පැන දුවන බව එක් අයකු දැක ඇත. ඒ අලූයම 5.30ට පමණය. ඒ අනුව සැකකරු සොයා පරීක්ෂණ සිදු කර තිබේ. එහි දී ඔහු පැන ගොස් ඇත. පසුව සියලූ දෙනාම ඔහු පසුපස පන්නා තිබේ. එසේ ලූහුබැඳීමේ දී සැකකරු සැඟව සිටි ස්ථානය ද හමුවී ඇත. එනම් කුඩා වළක් තුළ පුවක් අතු

දමා නිදාගැනීමට සුදුසු වන පරිදි ස්ථානයක් තිබි ඇත. එම ස්ථානයේ හිස් බිස්කට් පැකට් කිහිපයක් ද අනෝදා ගෙඩියක් ද තිබි ඇත. පසුව තවදුරටත් ඉදිරියට යාමේ දී සැකකරු සිටි තවත් තැනක් හමුවී ඇති අතර ඔහු රාත්‍රියේ පොරවනු ලැබූ රෙද්දක් සහ දුරකථනය ද හමුවී තිබේ.


අනතුරුව ප්‍රදේශය පුරා ආරක්ෂාව තරකර ඔහු සිටිනා ප්‍රදේශය වටකර ඇත. එහි දී සැකකරු කැලෙන් පැනගොස් අසල පිහිටි සුසාන භූමියට ඇතුළු වී ඇත. පසුව සියලූ දෙනාම සුසාන භූමිය වටලා ඇති අතර සුසාන භූමියේ පිටුපස පිහිටි මල් පඳුරක් යට සැඟව සිටිනු පොලිසිය දැක ඇත. අනතුරුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


පසුව සැකකරු ගෝනියකින් වසා ඔහු ඩිපෙන්ඩර් රථයකින් රැගෙන ගොස් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි‚. සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ සවස ඔවුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙනැවිත්
තිබිණි‚.
 
Related Posts with Thumbnails