Ads 468x60px

.

ඩුප්ලිකේට් එම්.ජී කෙනෙක් මීගමුවෙන් මාට්ටු-සැබෑ එම්.ජීගේ නම විකුණා තරුණියන් රවටලා...


දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වූ නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක ගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් මුදල් වංචා ඇතුළු විවිධ අකටයුතු කම් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අද (25) මීගමුව බස් නැවතුම්පළේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තම නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් සංගීත සංදර්ශන සංවිධායකයින් ගෙන් මුදල් ලබාගැනීම, අන්තර්ජාලය හරහා තරුණියන් රැවටීම ආදි

අකටයුතුකම් මොහු විසින් කළ බවට  එම්.ජී ධනුෂ්ක විසින් පොලීසියට පැමිණිලි කර තිබී ඇත.

පසුව අද දිනයේ සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීම වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලබාදෙන බවට දුන් දුරකථන ඇමතුමක් අනුව ඔහු මීගමුව බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවේදී පොලීසිය කැටුව එතැනට ගිය බව ධනුෂ්ක අද දෙරණට කියා සිටියේය.

අත්අඩංගුවට පත්ව ඇති තරුණයා සැබෑ එම්.ජී ධනුෂ්කගේ රුවට සමාන රුවකින් යුතු වයස අවුරුදු 28 ක් වන නුවරඑළිය, රම්බොඩරොටොෆ් වතුයායේ පදිංචි එන්.ජී රණසිංහ බණ්ඩාර නමැති අයෙකි.

කෙසේ වෙතත් ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක අද දෙරණට අදහස් දක්වමින් කියා සිටියේ තම නම අවභාවිතා කරමින් ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලා වෙබ් අඩවි හරහා නොයෙකුත් අකටයුතු කම් කරන තවත් පිරිස් සිටිය හැකි බවයි.

තමාගේ සැබෑ නමින් තමාගේ දේවල් කරකියා ගැනීම මිස අනුන්ගේ නම භාවිතා කරමින් දේවල් සිදුකිරීම නොකළ යුතු බවත්, තවදුරටත් එවැනි අකටයුතුකම් කරන පිරිස් සිටීනම් වහාම එම දුරාචාර කටයුත්තෙන් බැහැරවන ලෙස තමන් ඉල්ලා සිටින බවත් එම්.ජී ධනුෂ්ක සඳහන් කළේය.

තමාගේ නමින් පෙනී සිටිමින් තරුණියන් මෙන්ම විදෙස් ගත තරුණියන්ද රවටා ඇති බවට තමාට පැමිණිලි ලැබී ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදුකොට නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails