Ads 468x60px

.

සේයා සදෙව්මිගේ මාරක අපලය තිබූ කේන්දරය


2010 සැප්තැම්බර් මස 16 වැනි දින ගුරු දින අලුයම 04.20ට මීගමුව මහ රෝහලේදී උපන් සේයා සදෙව්මිගේ කේන්දරයට අනුව මාරකයක් තිබූ බව ජ්‍යෙතිෂවේදීන් සඳහන් කර තිබෙනවා.

2014.11.03 වැනිදා සිට ඇයගේ කේන්දරයට අනුව සෙනසුරු ජන්ම ඒරාෂ්ටක අපලය පැවතුනු බව ඔවුන් පෙන්වා දෙනවා. ජ්‍යෙතිෂවේදීන් කර ඇති කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.


රවි හිමි සිංහය ඇයගේ ලග්නය වූ අතර අඟහරු හෙවත් කුජට අයත් මේෂය නවාංශකය විය. කේතුට අයත් මුල නැකැතේ තෙවැනි පාදයෙන් විකසිත වූ ඇයගේ මහ දශාව හිමිවූයේ කේතුටය. 


දශා ශේෂය වූයේ වසර 03යි, මාස 02, දින 09කි. කේතුගේ මහ දශා කාලය උපතේ සිට 2013 නොවැම්බර් මස 25 වැනිදා දක්වා පැවතිණි. එදින සිට ඇයට සිකුරු මහ දශාව ආරම්භ විය.

සිකුරු හෙවත් ශුක්‍ර, සිංහ ලග්නයට බලවත්ම පාපියකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. සෞම්‍ය ග්‍රහයකු වුවත් සිංහයට සිකුරු මාරක ගෙන දෙන්නෙකි. එය අපගේ පර්යේෂණ මඟින්ද තහවුරු වූ සත්‍යයකි.

සේයා සදෙව්මි ළදැරියගේ කේන්දරයේ ලග්නාධිපතියා වූ රවි ග්‍රහයා බුධ ග්‍රහයාත් සමඟ යෝග වී ලග්නයේම සිටියේය. සිංහයට බුධද මාරක ග්‍රහයෙකි. 'ලග්නය' යනු ජීවයක මූල ධාතුවයි. 


එසේ නම් ලග්න ගත මාරක ග්‍රහයාට එම නිර්මාණයේ ජීව බලය අඩපණ කිරීමේ මහත් හැකියාවක් පවතින බව නොරහසකි. ලග්න ගත මාරක බුධ තම 'අලුගෝසු' රාජකාරිය ඉටුකිරීමේ අවස්ථාව ලග්න භාවය තුළින්ම නිසි ලෙස අරඹා ඇත.

සේයා දියණියගේ ඝාතනය සිදුවන විට රාහු ග්‍රහයා ගමන් කරමින් සිටියේ ඇයගේ සිංහ ලග්න කේන්දරයේ දෙවැන්න වූ කන්‍යාව මතින්ය. රාහු දෙවැන්නේ ගෝචර වන විට කේන්දරයේ මාරක ස්ථානය වූ අටවැන්න දකින අතර එය මාරකයක උදාවක් ලෙස පෙන්වා දිය හැකිය. 


එමෙන්ම ඇයගේ කේන්දරයේ දෙවැන්නේ උපතින්ම තැන්පත්ව ඇත්තේ සිංහයට අපල කරන අශුභ ග්‍රහයකු වූ ශනි හෙවත් සෙනසුරුය. දෙවැන්නේ තැන්පත් සෙනසුරු මතින් රාහු ගමන් කරන අතරේ මාරක ස්ථානය වූ අටවැන්න දකී. එය මරණයකට අතවැනීමකි.

සේයාගේ කේන්දරයේ අටවැන්න වූයේ ගුරු ග්‍රහයාට අයත් මීනයයි. ගුරු එහිම ස්වක්‍ෂේත්‍රව ඇත. ගුරු උපතින් වක්‍රව පිහිටා සිටි අතර යුරේනස් ග්‍රහයාද ගුරු සමඟ යෝගව අටවැන්නේය. එය යහපත් තත්ත්වයක් නොවේ. ඊටත් වඩා සේයා දියණියගේ සිංහ ලග්න කේන්දරයට අනුව 22 වැනි දෙර්කාණාධිපතියා වූයේද ගුරුමය.


22 වැනි දෙර්කාණාධිපතියාගේ මහා දශා, අතුරු දශා කාලවලදී ජන්මියාට මාරක විපත් උදාකිරීම ජේ‍යාතිෂ සිද්ධාන්තයකි. එම න්‍යායට අනුව ඇයගේ කේන්දරයේ ගුරු අටවැන්න වූ මාරක ස්ථානයේ වක්‍රව පිහිටමින් යුරේනස් සමඟ යෝගවීම හදිසි අකල් මරණයක් කරා ඇයව යොමු කර ඇත.

එමෙන්ම ඇයගේ කේන්දරයේ තුලාව වූ තුන්වැන්නේ බුධ (මෝඩ, නපුරු) තත්ත්වයක් පිහිටා සිටි කුජගෙන්, හයවැන්න වූයේ අටවැන්නයි. 'හය' යනු සතුරන් හා සතුරු කරදර නිවේදනය කරන ස්ථානයකි. 


එබැවින් කුජගෙන් හයවැන්නේ 22 වැනි දෙර්කාණාධිපතියා වූ වක්‍ර ගුරුගේ හා යුරේනස්ගේ පිහිටීම මත සතුරකුගේ මුග්ධ ක්‍රියාවක් ඇයගේ මරණයට හේතුකාරක වන්නට ඉඩකඩ සලසා ඇති බවක් පෙනේ.

සේයාගේ කේන්දරයට අනුව ඇයට අකල් මරණයක් ගෙන ඒමට සමත්කම් පෑ තවත් ප්‍රබල ග්‍රහ පිහිටීමක් ඇත. ඇයගේ සිංහ ලග්න කේන්දරයේ පස්වැන්න වූ ධනුගේ සඳු හෙවත් චන්ද්‍රයාගේ පිහිටීමයි. 


චන්ද්‍රයා මතින් හෝ චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හෝ ‍ෙදාළොස්වැන්නේ සෙනසුරු ගමන් කිරීම යනු ජන්ම (චන්ද්‍ර) ඒරාෂ්ටක අපල තත්ත්වයක් ලෙස ජේ‍යාතිෂයේ හැඳින්වේ.

ඇයගේ කේන්දරයට අනුව ඇයට සෙනසුරු ජන්ම ඒරාෂ්ටක අපලය ආරම්භ වූයේ 2014.11.03 වැනිදා සිටය. සෙනසුරු ග්‍රහයා ඇයගේ කේන්දරයේ හතරවැන්න වූ (චන්ද්‍රයාගෙන් ‍ෙදාළොස්වැන්නට) වෘශ්චිකයට ඇතුළුවීමෙන් ඇයට ජන්ම ඒරාෂ්ටක අපලයක් උදාකර වීමට සමත් විය. එය ඇයගේ අකල් මරණයට ප්‍රබල අනුග්‍රහයක් සපයා ඇති බව සක්සුදක්සේ පැහැදිලිය.

සේයා දියණියගේ ඝාතනය සිදුවන අවස්ථාව වන විට ඇය ගතකරමින් සිටියේ තමන්ට මාරක ග්‍රහයා වන සිකුරුගේ මහ දශාව හා තම කේන්දර යේ 22 වැනි දෙර්කාණාධිපතියා වූ ගුරු ග්‍රහයාගේ අතුරු දශාවය. දෛවෝ පගත ලෙස ජේ‍යාතිෂමය සිද්ධාන්තයන්ට අනුකූලව සියල්ල සිදුවී ඇත.


සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධ යෙන් සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එක්දරු පියෙකු හා තරුණයකු මෙලෙස  අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මෙම දෙදෙනා එම දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළා.

ඊයේ (18) රාත්‍රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි  වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ .අත්අඩංගුවට ගත් දෙදෙනා අතර පසුගියදා ප්‍රශ්න කළ සිසුවාද වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
 
Related Posts with Thumbnails