Ads 468x60px

.

පොලිස්‌ සුනඛයා සේයාගේ නිවස ආසන්නයේ සැරිසරයි - ඝාතකයා තවමත් නිදැල්ලේ..



කොටදෙණියාව "සේයා" දැරිය අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සඳහා යොදාගෙන සිටින " විකී" නමැති පොලිස්‌ සුනඛයා දැරිය පදිංචිව සිටි නිවස වටා සහ ඒ ආසන්නයේ ඉව අල්ලමින් සැරිසැරූ බව පොලිසිය පවසයි.

මෙම දැරිය ඇය පදිංචි නිවස ආසන්නයේ දීම ඝාතනයට ලක්‌වන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය කියා සිටියි. 


විකී දුන් හෝඩුවාවන් අනුව මෙම දැරියගේ ඝාතනය පිළිබඳ සුලමුල හෙළි කර ගැනීමට හැකි වෙන බවද පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියා. 

දැනටමත් එක්‌ පුද්ගලයකුගේ හැසිරීම පිළිබඳව පොලිසියේ අවධානය යොමු වී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පවා දැඩි පරීක්‍ෂණයට භාජනය කර තිබේ. මේ අතර දැරිය නිදා සිටි ඇඳේ තිබූ කිසියම්
පුද්ගලයකුගේ පා සලකුණක්‌ද පොලිසිය පරීක්‍ෂණයට ලක්‌ කර ඇත. 

වධ දී අතවර කර ගෙල සිරකර මරලා - සේයා දැරියගේ මරණ පරීක්‍ෂණයෙන් හෙළිවේ

කොටදෙනියාව අකරන්ගහ ප්‍රදේශයේදී ඝාතනයට ලක්‌ වූ බලදරගේ සේයා සදෙව්මිණි (අවුරුදු 4 මාස 11) කුඩා දියණියට කෲරවධ දී අතවර කර පසුව ගෙල සිරකර මරා දමා ඇති බව මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. එන්. රුහුල් හක්‌ මහතා ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය කණ්‌ඩායමක්‌ විsසින් (14 දා) සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ පැය ගණනක්‌ සිදුකළ මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණයට මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. එන්. රුහුල් හක්‌, සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය මලින්ත සිල්වා, වෛද්‍ය ආර්. ඩී. එම්. චන්ද්‍රකාන්ත සහ වෛද්‍ය නාමල් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.

මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් සිසිර කුමාර වීරසූරිය මහතාගේ නියෝගයක්‌ මත මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විණි. මරණයට පත් සේයා සදෙව්මිණි දැරිය පසුගිය 11 දා රාත්‍රි නිවසින් අතුරුදන් වී තිබුණි. පසුව ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවස අසල දිය පාරක්‌ ආසන්නයේ දමා තිබියදී පෙරේදා (13 දා) උදෑසන සොයාගන්නා ලදී. එම අවස්‌ථාව වන විට ඇගේ ගෙල රෙදි පටියකින් සිර කර මරා දමා තිබිණි.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වූ තොරතුරු අනුව ඇය ඝාතනය කළ සාහසිකයා මරා දැමීමට පෙර ඇයට අතවර කර ඇති අතර ඉන් අනතුරුව ගෙල සිරකර මරා දමා ඇත.

දැරියගේ පියා වන උපුල් ශාන්ත නමැත්තා තිදරු පියකු වන අතර ඝාතනයට ලක්‌ව ඇත්තේ ඔහුගේ දෙවැනි දියණියයි. ඔහු මීගමුවේ ප්‍රධාන ජාතික පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කොට ඇති අතර ඔහුද ළමා අපචාර සිද්ධියක්‌ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකි. මේ වන විට ඔහුට සහ ඔහුට සහාය වූ තවත් ගුරුවරයකුට එරෙහිව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අපචාර නඩුවක්‌ පවතී.

මෙහි විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර අබේවික්‍රම, මීගමුව සහකාර පොලිස්‌ අධිකාරි ෂෂ ජයන්ත අතුකෝරළ මහතාගේ අධීක්‍ෂණය මත කොටදෙනියාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර, අපරාධ ස්‌ථාන පරීක්‍ෂක (සොකෝ) උප පොලිස්‌ පරීක්‍ෂක නුවන් සිරිපති යන මහත්වරුන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ විසින් පවත්වන ලදී. දැරියගේ පියා මේ වන විට පොලිස්‌ භාරයට ගෙන ඇත.
 

පොලිසිය කොටදෙණියාවේ කාමාතුරයන් සොයයි

කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා නමැති පස්‌ හැවිරිදි දැරිය සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය එම ප්‍රදේශයේ සැරිසරණ විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් කීපදෙනකු සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම විකෘති ආශාවන්ගෙන් පෙළුණ එක්‌ පුද්ගලයකු මීට කලකට පෙර කොටදෙණියාව ප්‍රදේශයේ දැරියන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියකට සම්බන්ධ වූවකු බවද පොලිසිය පවසයි.

සේයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.

කොටදෙණියාව, දිවුලපිටිය සහ කටාන පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත. බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.
 
Related Posts with Thumbnails