Ads 468x60px

.

බ්ලූ ෆිල්ම් බලන්න දීලා තමයි අපරාධය කරන්න එක්‌ක ගියේ - සේයාගෙන් ඔබ්බට සිතන්නට යමක්‌


ආසන්න කාලය තුළ සියලු ලක්‌වාසීන් කම්පාවට පත් කළ අතිශය ශෝචනීය සිදුවීම් දෙකකි. පළමුවැන්න යාපනයේ විද්‍යා සිසුවියගේ ඝාතනයයි. දෙවැන්න පෙරේදා මිහිදන් කෙරුණු සේයා සදෙව්මිණි දැරිවියගේ ඝාතනයයි. 

සේයා සදෙව්මිණි දැරියගේ ඝාතනය පිළිබඳව විද්යුත් නාලිකා මගින් ගෙන එන ලද තොරතුරුවලදී බොහෝ දෙනකුගේ ආවේගශීලී, කම්පිත ප්‍රකාශයන් අසන්නට දකින්නට ලැබිණි. 

දිවයිනේ සෑම ප්‍රදේශයකම සෑම තරාතිරමකම සෑම වයස්‌ සීමාවකම පුද්ගලයන් ඒ ගැන බලවත් ලෙස කම්පනයට පත්ව සිටිනු දක්‌නට
ලැබිණි. ඊයේ පස්‌වරුව වන විටත් සේයාගේ ඝාතකයා කවරෙක්‌ ද යන්න හඳුනාගෙන නොතිබිණි. (ඔබ මේ සටහන කියවන මොහොත වන විට තත්ත්වය වෙනස්‌ වී තිබිය හැක.) 

කෙසේ හෝ ඊයේ පුවත්පත් මුල් පිටුව සේයාගේ ඝාතනය ගැන පළ වී තිබූ ප්‍රවෘත්තියක්‌ කෙරේ අවධානය යොමු කළ යුතුය. එහි සඳහන් වූයේ 'සේයාගේ ඝාතකයා' මත්ද්‍රව්‍ය භාවිතයෙන් විකෘති වූ අයෙක්‌ බව ය. මෙය බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය යුතු කරුණකි.

සේයාගේ ඝාතනයත් සමඟම එහි සැකය විවිධ පාර්ශ්වයන්ට එල්ල විණි. ඒ ගැන රූපවාහිනි නාලිකාවලට අදහස්‌ පළ කළ ජනතාව පවා තම සැකය විවිධ පාර්ශ්වයන් කෙරෙහි මුදා හරින බවක්‌ පෙනෙන්නට තිබිණි. එහෙත් පොලිස්‌ නිලධාරීන් ඇතුළු පරීක්‍ෂණ පවත්වන බොහෝ කණ්‌ඩායම් ඉතා සියුම්ව හා ඉවසිලිමත්ව සිය රාජකාරිය ඉටු කරන බවක්‌ පෙනිණි.

කෙසේ හෝ සේයාගේ ඝාතකයා මත්ද්‍රව්‍ය භාවිතයෙන් විකෘති වූ අයෙක්‌ බව කියන ප්‍රවෘත්තියම වැදගත් ය. මෙවැනි ඝාතන සංස්‌කෘතියක ක්‍රමවේද දෙකක්‌ හඳුනාගත හැකි ය. පළමුවැන්න මත්ද්‍රව්‍ය භාවිත කර තිබීමය. (මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වීම) දෙවැන්න මත්ද්‍රව්‍ය සේම විකෘති මානසික මට්‌ටමක්‌ ඇතිකරන කාම චිත්‍රපට නැරඹීමය. 


බොහෝ විට මෙවැනි ඝාතන ක්‍රියාදාමයක සැකකරුවන් කාමචිත්‍රපට ලෝලීහු වෙති. කොටකෙතන ඝාතන සිද්ධි දාමයේදී සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් එක්‌ පුද්ගලයකු ගැන අනෙක්‌ සැකකරුවන් පවසා තිබුණේ ද එවැන්නකි. "අසවලාට බ්ලූ ෆිල්ම් බලන්න දීලා තමයි අපරාධය කරන්න එක්‌ක ගියේ." යනුවෙන් එහිදී ප්‍රකාශ කර තිබිණි. 

විද්‍යා ඝාතනයේ සැකකරුවන් ඇයට ලිංගික අතවර කරන අයුරු රූගත කර තිබූ බව වාර්තා වී තිබිණි. එතරම් කෲරතර සිද්ධියක්‌ රූගත කිරීම දරුණු මානසික විකෘතියක්‌ මිස අන් කවරක්‌ ද?

අන්තර්ජාලය හොඳත් නරකත් එකට කැටිවුණ මෙවලමකි. එහෙත් වර්තමානය වන විට අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනකු හොඳට වඩා නරක භාවිත කරන බවක්‌ පෙනේ. 


ශ්‍රී ලංකාව Porn Web site (කාම වෙබ් අඩවි) වලට පිවිසීමෙන් කප් ගැසූ බවට ප්‍රවෘත්තියක්‌ ද දැනට මාස කිහිපයකට උඩදී දක්‌නට ලැබිණි. මේ කාම වෙබ් අඩවිවල ඇත්තේ උසස්‌ රසයක්‌ අත්විඳීමට ඇති වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නොවේ. 

හතර පෝයට සිල්ගන්නා වැඩිහිටියකුගේ වුව මනස විකෘති කරන ආකාරයේ ලිංගික හැසිරීම් හුවා දක්‌වන වෙබ් අඩවිය. අන්තර්ජාලයේ ඇති කාම වෙබ් අඩවි බොහෝමයක ඇත්තේ විකෘති ලිංගික හැසිරීම් ය. හය හතර නොතේරෙන දරුවන් යොදා ගනිමින් රූගත කරන ලද කාම චිත්‍රපට බොහොමයකි. 

මේ දරුවන් සමඟ අතිශය ම්ලේච්ඡ ආකාරයෙන් ලිංගික හැසිරීම්වල යෙදෙන්නේ අවුරුදු හැට හැත්තෑව සපිරි ගොරහැඩි පුරුෂයන්ය. 

මෙවැන්නක්‌ නෙත ගැටෙන යන්තම් මොළේ කොලොප්පම් කරගත් වැඩිහිටියකු වුව එම නිල් චිත්‍රපට ජීවත්වන සමාජයේ අත්හදා බලන්නට යැමේ කෙළවර සේයා දැරිවියට අත් වූ ඉරණම වැන්නක්‌ විය හැකිය. 

වර්තමානය වන විට මේ වෙබ් අඩවිවලට පිවිසීම එතරම් අසීරු කාරණයක්‌ නොවේ. වයස්‌ තරාතිරමක්‌ නොමැතිව ඕනෑම අයෙකු අත ස්‌මාට්‌ ජංගම දුරකථනයක්‌ වරදින්නේ නැත. 

අන්තර්ජාල පිවිසුම ද පහසුය. එසේ අන්තර්ජාලයට පිවිසි පසු කාම චිත්‍රපට ලක්‍ෂ ගණනාවකට ඇතුළු විය හැකි ය. විකෘති මානසික මට්‌ටමක්‌ ඇති අයෙකුට (අඩුපාඩුවට මත්ද්‍රව්‍ය වර්ගයක්‌ද භාවිත කළ පසු) බාල මහලු මුළු සමාජයේම කාන්තාවන් නිල් චිත්‍රපට නිළියන් ලෙස පෙනෙන්නට ගත වන්නේ සුළු මොහොතකි.

පසුගිය කාලයේ සමාජ විද්‍යාව පිළිබඳව විද්වතකු පවසා තිබුණේ ඔවුන් කළ විමර්ශනයකදී 'නෙට්‌ කැෆේ' වලට රිංගාගත් අබල දුබල මහලු වියේ පසුවන පුද්ගලයන් පවා දුටු බවය. 


බොහෝ පුද්ගලයන් පරිගණක සාක්‍ෂරතාව තබා අකුරු සාස්‌තරයවත් නො දන්නා නූගත් පුද්ගලයන් බව ද යාන්තමින් පරිගණකය හසුරුවා වෙබ් අඩවියට ඇතුළුවීමට පමණක්‌ දන්නා අය බව ද එම විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබිණි.

සේයාගේ ඝාතකයාත් එවැනි වෙබ් අඩවිවලට පිවිස, කාම චිත්‍රපට නරඹා, මත්ද්‍රව්‍ය ද භාවිත කර ඔලුගෙඩිය විකෘති කර ගත් අයෙක්‌ බව කීම අපේ අරමුණ නොවේ. එහෙත් සමාජයීය වශයෙන් මෙවැනි දරුණු ඛේදවාචක යන්ට අපට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇයි දැයි යන්න සොයා බැලීමේදී එය ද වැදගත් කාරණයකි.

පසුගිය කාල වකවානුව පුරාම සිදු වුණු බොහෝ ස්‌ත්‍රී දූෂණ හා ඝාතන සිද්ධිවලදී ඊට මුල් වූ පුද්ගලයන්ගේ චරිතය එවැනි විකෘති හැසිරීම් රටාවකට අනුගතව තිබුණු බව පෙනෙන්නට ඇති කාරණයකි. 


අන්තර්ජාල සබඳතා අගුළු දැමීම කළ යුතු යෑයි කියන්නට අපි ඉක්‌මන් නොවෙමු. එහෙත් සිදු වන බොහෝ දේ අපට යමක්‌ කළ යුතු යෑයි කියන මඟක්‌ පෙන්වමින් සිටින බව පමණක්‌ සිහිපත් කර සිටිමු.
 
Related Posts with Thumbnails