Ads 468x60px

.

දරුවාගේ ඝාතකයාට ලිංගේන්ද්‍රයක් නැතිලු...!


හිස, අත් සහ පාද වෙන් වන පරිදි වයස අවුරුදු 10ක් වූ කවිඳු දේවින්ද කපුරුගේ නමැති කුඩා දරුවෙකු කපා කොටා ඝාතනය කළ පුවතක් පසුගිය දා පනාගොඩින් වාර්තා විය. කවිඳුගේ පියා සමඟ තිබූ ආරවුලක් හේතුවෙන් දරුවා ඝාතනය කළ බවයි මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා නමැති 50 හැවිරිදි සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙක් වන අතර මොහු හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවත් අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නම ගිය අපරාධකරුවකු ද බවත්

පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම මොහු නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත.

ඉන් පසු ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති සැකකරුගේ ලිංගේන්ද්‍රය මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සිදු වූ අනතුරක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුව නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය සඳහන් කොට තිබේ.


දරුවා කපාකොටා මැරූ හැටි ඝාතකයා හෙළි කරයි.

"දරුවාගේ පියාගෙන් සිදු වූ කෙනෙහිලිකම් නිසා එයට පළිගන්න මම දරුවව කපලා කොටලා මැරුවා" යැයි පනාගොඩ කපුරුගොඩ ප්‍රදේශයේ ළමා ඝාතනයෙහි සැකකරු අතුරුගිරිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

කළුගල් වැඩපළක්‌ අසල පාළු නිවසක දී තියුණු ආයුධයක් භාවිත කරමින් මෙම ළමා ඝාතනය සිදු කර තිබූ අතර ඝාතනයට ලක්‌ව තිබුණේ පනාගොඩ කපුරුගොඩ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති දස හැවිරිදි පිරිමි දරුවෙකු ය.

මෙම ඝාතන සිද්ධියෙන් පසු සැකකරු පලාගොස්‌ තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබිණි. අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු බියගම, බණ්‌ඩාරවත්ත ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී කොටුකරගෙන ඇත.

ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා නමැති 50 හැවිරිදි සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 7 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනා ගාරගත කර තබන ලෙසට හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන් දෙණිය මහතා නියෝග කළේය. පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටියේය.

සිද්ධිය වූ පසුගිය සිකුරාදා වර්ෂාව නිසා කවිඳු පාසල් නොගොස්‌ නිවසේ රැඳී සිට තිබෙන අතර ඔහුගේ මව සිය වැඩිමල් සොහොයුරාට කෑම පාර්සලයක්‌ ලබාදීමට නිවසින් ගොස්‌ ඇත. කවිඳු සිය පියා සමග නිවසේ රැඳී සිටිය දී පියාද ගොවිපළ වෙත ගොස්‌ ඇත.

විනාඩි දහයකට පසු නිවසට පැමිණි කවිඳුගේ පියා සිය දරුවා නිවසේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව අසල්වාසීන් සමග ද එක්ව දරුවාව සොයා තිබේ. කොතෙක්‌ සෙව්වත් දරුවා හමු නොවූ නිසා පියා ඇතුළු පිරිස පාළු නිවසේ දොරගුළු කඩා ඇතුළු වී බැලීමේදී ගෙල, අත් පා වෙන් වන්නට කපා දමා මරා තිබූ සිරුර හමුවී තිබේ.

"ගල් වළේ වැඩට පැමිණි දා සිට දරුවගේ පියා මට බොහෝ කෙනෙහිලි කම් කළා. මට ඕනෑ කළා ඔහුට දරුණුතම දරාගත නොහැකි වේදනාවක්‌ දෙන්න. ගෙදරට යනකොට දරුවා රූපවාහිනිය බලමින් හිටියේ. දරුවාගේ ගෙදර අය එළියට යනකම් මම බලන් ඉඳලයි ගෙට ගියේ. පස්‌සේ දරුවව පාළු නිවස තුළට අරන් ඇවිත් කෑලි කෑලිවලට කපලා මරා දැම්මා" යෑයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

ව්‍යාජ නම් ගම්වලින් පෙනී සිට ඇති සැකකරු පනාගොඩ ගම්වාසීන් නොමග යවමින් වසර එකහමාරක කාලයක්‌ ගල් වැඩපළේ සේවය කර ඇත. ඝාතනයට ලක්‌වූ කවිඳුගේ බාප්පාට අයත් මෙම ගල් වැඩපළේ රැකියාව කරන ඔහු ඒ ආසන්නයේ ඇති පාළු නිවසේ නැවතී සිට ඇත.

සැකකරු කාලයක්‌ තිස්‌සේ මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර, මීට මාස තුනකට පෙර ගොඩගම ප්‍රදේශයට ගොස්‌ මන්නා පිහියක්‌ මිලදී ගෙනැවිත් ඔහු නැවතී සිටි නිවසේ සඟවා තබාගෙන සිට ඇත. 


25 වැනිදා දරුවාගේ මව හා පියා එළියට යනු දැක පසුව එම නිවසට ගොස්‌ ඇති සැකකරු "පුතේ කාසි වගයක්‌ තිබෙනවා; යමු මං ඔයාට දෙන්නම්" කියා දරුවා රවටාගෙන ඔහු නැවතී සිටි පාළු නිවසට රැගෙන ගොස්‌ ඇත.

පසුව එම ගෙතුළ ඇති සකස්‌ කළ කුඩා වළක කාසි ඇති බව පෙන්වා එම වළ හාරා කාසි ලබා ගන්නා හැටියට සැකකරු දරුවාට පවසා තිබේ.

එම කාසි ලබාගන්නට දරුවා වළ හාරන අතරේ සැකකරු මන්නා පිහිය රැගෙන විත් දරුවාගේ ගෙල වෙන්වෙන අන්දමට කොටා ඇත.

"පස්‌සේ මම දරුවාගේ සිරුර කෑලි කෑලිවලට කපා කොටස්‌ කර පසුව මන්නය විසිකර ත්‍රීවිල් එකක නැගලා ගිහින් පනාගොඩ හන්දියෙන් බැහැලා ගියා" යැයි ද සැකකරු පොලිසියට කියා තිබේ.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය පවසයි.

මොහු නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails