Ads 468x60px

.

උඩුගම්පොළ ගොවිපළ නිවසේ ත්‍රිත්ව ඝාතනය


ගම්පහ උඩුගම්පොළ නයිවල පාරේ දෙවලපොළ මාර්ගයේ අක්කර හයක ඉඩමක මැද පිහිටි නිවෙසක අබිරහස් ලෙස ඝාතනය කළ අඹු - සැමි යුවළක් සහ ළිඳකට දමා තිබූ අවුරුදු 4ක දැරියකගේ මළ සිරුරු ඊයේ සවස ගම්පහ පොලිසිය විසින් සොයාගන්තා.

මීට දින දහයකට පමණ පෙර එම ඝාතන සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මළ සිරුරු සොයා ගන්නා අවස්ථාව වන විට ඒවා දැඩි ලෙස නරක් වී තිබී ඇත. ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ බිරියගේ සිරුරු නිවස

තුළ තිබූ අතර සිව් හැවිරිදි දිය‚යගේ සිරුර හමුවී ඇත්තේ නිවසේ පිටුපස ළිඳේ ගිල්වා තිබියදීය.

මෙම ව්‍යාපාරිකයා කුකුළු ගොවිපළක් හා අන්නාසි වගාවක් පවත්වාෙගෙන යන අතර අක්කර හයක විශාල ඉඩමේ පිහිටි පැරැ
නි නිවසක ඔහු සිය බිරිය හා දරුවා සමග පදිංචිව සිට ඇත. මෙම ගොවිපළේ කලක් තිස්සේ සේවය කරමින් සිටි යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයා මේ වන විට අතුරුදන්ව ඇති අතර මෙම ඝාතනයන්ට ඔහු සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරයි.

ව්‍යාපාරිකයා සතුව තිබූ ˜බට්ටා˜ වර්ගයේ ලොරියද අතුරුදන්ව ඇත. එය සැකකරු රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. සාහසිකයා මළ සිරුරු දෙක කාමරයකට දමා විශාල රෙදි කඩකින් වසා ඒ මත කළු ඉටිකොළද අතුරා තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


මෙම නිවසේ සුරතලයට ඇති කරන රොට්වයිලර් වර්ගයේ සුනඛයෙකු සිටි බවත් පොලිසිය පරීක්ෂණ කරන්නට ඇතුළට යන්න නොදී ඌ කඩාපැන්න බවත් වාර්තා වුණා. පසුව ඌව කාමරයකට තල්ලූකර දමා පොලිසිය ඇතුළ්වී ඇත.

කුකුල් මස් මිලදී ගැනීමට ඊයේ (10 දා) පෙරවරුවේ මෙම ගොවිපළ වෙත පුද්ගලයකු පැමිණ ඇත. නිවස තුළින් දැඩි දුඟඳක් වහනය වීම නිසා ඔහු ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත. ඒ අනුව එහි ගිය ගම්පහ පොලිසියේ නිලධාරීන්

නිවසේ තිබූ මළ සිරුරු සොයාගෙන ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ පනස් දෙහැවිරිදි සමන්ත හා හතළිස් හත් හැවිරිදි ඔහුගේ බිරිය වූ චන්ද්‍රලතා සහ සිව් හැවිරිදි දිය‚ය බවට හඳුනාගෙන ඇත.


සිව් හැවිරිදි
දැරිය පැළඳ සිටි රන් මාලයක කොටසක් සහ පෙන්ඩනය නිවසේ ගරාජය තුළ වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. 

නිවසින් අතුරුදන්වූ පුද්ගලයා නිවසේ සිටි දැරිය සමග ඉතා ළෙංගතුව සිටි බවත් පැවසුණා. ඔහුගේ හැඳුනුම්පත සහ දුරකථන අංකය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇත.



 
Related Posts with Thumbnails