Ads 468x60px

.

ලොවම බලා සිටි Facebook Dislike එයි!


ලොව ජනප්‍රියතම සමාජ ජාලය වන ෆේස්බුක් web අඩවිය මෙතෙක් කල් තිබූ ෆේස්බුක් Like Button එකට අමතරව Dislike Button එකක් එක් කිරීමට සූදානම් බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් පවසා තිබේ.

මෙයට පෙර බොහෝ ෆේස්බුක් පරිශීලකයන් විසින් ෆේස්බුක් හි පලවන තමා අනුමත නොකරන දේවල් සඳහා Dislike පහසුකම ලබාදෙන මෙන් ඉල්ලුවද එවැන්නක් ලබා නොදීමට ෆේස්බුක් ආයතනය කටයුතුකොට
සිටියා.

කෙසේ නමුත් ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේදී පැවති ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් මාක් කියා සිටියේ ඔවුන් Dislike පහසුකම ලබාදීමට නිශ්චිත ලෙස තීරණය කළ බවත් මේවනවිටත් එහි කටයුතු සිදුවෙමින් පවතින බවයි. 


Reddit web අඩවිය මෙන් පරිශීලකයන් පල කරන දේ සඳහා කැමැත්ත අකමැත්ත පළකිරීමක් මෙම බටනය මගින් බලාපොරොත්තු නොවන බවත් ශෝකීජනක අවස්තාවන් සඳහා පමණක් මෙම පහසුකම භාවිතා කරනු ඇතැයි මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් ප්‍රකාශකොට තිබුණි.
 
Related Posts with Thumbnails