Ads 468x60px

.

MS ගෙ සින්දු MG ධනුෂ්කට තහනම්


“දෙරණ ස්ටාර්“ තරඟයේ දී ඇඹිලිපිටියේ දී එම්. ජී. ධනුෂ්ක ජයග්‍රහණය කළේ බයිලා චක්‍රවර්තී එම්. එස්. ප්‍රනාන්දු ගායන ශිල්පියාණන්ගේ ජනප්‍රිය ගීත ගායනය කරමින් වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනිමින්. 

ජයග්‍රහණය කිරීමෙන් පසුව ද ධනුෂ්ක ගීතලෝලීන්ගේ ඉල්ලීම නිසා එම ගීත ප්‍රසංග වේදිකා වලදී ගායනා කළ අතර කෙටි කලකින් වෘත්තීය
ගායන ශිල්පීන් වන එම්. එස්. ප්‍රනාන්දු ගායන ශිල්පියාණන්ගේ පුතුන් සිය පියාගේ ගී මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් සංගීත ප්‍රසංග වේදිකාවේ ගායනා නොකරන ලෙස ධනුෂ්කට දන්වන තිබුණා. 

නමුත් ධනුෂ්කට කොපමණ දැනුම් දුන්නත් ඒ පිළිබඳව තැකීමක් නොකර නීති විරෝධි ලෙස සිය පියාගේ ගී මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් දෙස් විදෙස් ගීත ප්‍රසංගවල ගායනා කිරීම සම්බන්ධයෙන් එම්. එස්. ගේ පුත් සරත් ප්‍රනාන්දු රහස් පොලිසියට පැමිණිලි කර තිබුණා. 

එහි ප්‍රතිඵලයක් ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන ඒකකය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ පසුගියදා (09 දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇඹිලිපිටියේ මොරකැටිය පාරේ පදිංචි මහගමගේ ධනුෂ්ක පුෂ්පකුමාර (යොවුන් ගායක එම්. ජී. ධනුෂ්ක) ලක්ෂ 5 ක (පහක) ශරීර ඇප සහිතව මුදාහරින ලැබුවා.
 
Related Posts with Thumbnails