Ads 468x60px

.

ෆේස්බුක් හැක්කරලා අහු වුනොත් වසර 03 ක් හිරේ


අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

එවැනි වැරදි සිදුකරන්නන්ට සිරදඩුවම්ද ලබාදිය හැකි බවයි කොළඹ ඊයේ (02) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී ඔහු පැවසුවේ  "තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සෙල්ලං කරන්න ආවොත් ලේසි වෙන්නෙ නෑ කියන දේ පිළිබඳව දැන් ජනතාව

දැනුවත් විය යුතුයි. ෆේස්බුක් හැක් කරලා අහු වුනොත් හරි අවුරුදු 03 ක් දක්වා හිරේ යන්න වෙන තත්ත්වයට රට තුළ අද නීති රාමුව තද වෙලා තියෙනවා." යනුවෙනි.

මේ අතර ඉකුත් දිනවල අන්තර්ජාලය පුරා සීග‍්‍රයෙන් හුවමාරු වූ තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව පිළිබද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

සිද්ධිය පිළිබද සොයා බලා වහාම සුදුසු පියවර ගන්නා ලෙසයි අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ. ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයට සහ ජාතික ළමා රක්‍ෂක අධිකාරියටද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම වීඩියෝව http://www.hotandfastnews.com/2015/10/blog-post_38.html අපගේ වෙබ් අඩවියේද ඇතුළත්. අප එය මෙලෙස ප‍්‍රසිද්ධ කළේ එහි දැක්වෙන සිද්ධිය පිළිබද වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීමටයි.


පාසල් සිසුන්ගේ ආරක්‌ෂාවට හරින් 'ගැජට්‌' එකක්‌ ගෙනෙයි

පාසල් දරු දැරියන් සිටින ස්‌ථානය ඕනෑම මොහොතක ඔවුන්ගේ දෙමාපියන්ට නිශ්චිතව හඳුනා ගැනීම සඳහා එම දරුවන් ළඟ තැබිය යුතු නව ඩිජිටල් තාක්‌ෂණ උපාංගයක්‌ හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

එම උපාංගය නොබෝ දිනකින් හඳුන්වා දීමට නියමිත බවත් එමගින් දරුවන් ස්‌ථානගතව සිටින තැන නිශ්චිතව දෙමාපියන්ට දැන ගැනීමට හැකිවීමට අමතරව දෙමාපියන් ලබාදෙන දුරකථන අංක දෙකක්‌ හා 119 හදිසි ඇමැතුම් අංකයට ඇමැතීමට හැකි වන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (02 වැනිදා) සඳහන් කළේය. 


මෙම උපාංගය සහනදායී මිලකට ලබාදීමට නියමිත බවත් එය ජංගම දුරකථනයකට සමානමුත් තිරයක්‌ නොමැති දෙයක්‌ බවත් කී ඇමැතිවරයා ළමුන්ට ඉන් දුරකථන ක්‍රීඩා කිරීමට නොහැකි වන අයුරින් එය නිර්මාණය කර ඇති බව ද සඳහන් කළේය.

දරු දැරියන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් මෙම කටයුතු සිදුකරන බවත් එය පාසල් තුළ භාවිතා කිරීමට අවශ්‍ය අනුමැතිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.

විදුලි සංදේශ හා ඩිජිටල් තාක්‌ෂණ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (02 වැනිදා) කොළඹ පිහිටි ලංකා ටෙලිකොම් මූලස්‌ථාන ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
Related Posts with Thumbnails