Ads 468x60px

.

නොවැම්බර් 13 වැනිදා පෙ.ව. 11.50ට ආකාශ වස්තුවක් ලංකාවට කඩා වැටෙයි..


මිනිසා පළමු වරට සඳ මත පා තැබූ 'ඇපලෝ' යානය අභ්‍යවකාශයට ගෙන ගිය සැටර්න් - 5 රොකට්ටුවේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටසක් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ යම් ස්ථානයකට ලබන
නොවැම්බර් 13 වැනිදා ග්‍රිනිච් වේලාවෙන් පෙ.ව. 6.20ට ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.50ට කඩාවැටීමට නියමිත බව ඩේලිමේල් පුවත්පත වාර්තා කර තිබේ.

එඊජ් 1190 ජ් ලෙස හඳුන්වා ඇති මීටර් 2ක පමණ දිගකින් යුත් මේ සුන්බුන් කොටස දකුණු වෙරළ තීරයට කිලෝමීටර් 65ක් පමණ දුරින් ඉන්දියන් සාගරයට පතිත වීමට නියමිත අතර මෙම හඳුනානොගත් අභ්‍යවකාශ වස්තුව මෑතකදී චන්ද්‍රයා වෙත යවන ලද රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන සඳහා මීට 40 වසරකට පෙර යවන ලද යානාවකින් වෙන්ව තිබී අභ්‍යවකාශයේ සැරිසැරූ කොටසක් විය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයන් මත පළ කර ඇත.


මේ එඊජ් 1190 ජ් ආකාශ වස්තුව මුලින්ම 2012 වසරේදී නිරීක්ෂණයට හසුව නැවත 2015 ඔක්තෝබර් මාසයේ මුල් කාලයේදී ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කැටලිනා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර තිබේ.

හවායි විශ්වවිද්‍යාලයෙහි පිහිටි මෝනා කියා අභ්‍යවකාශ දුරේක්ෂ පද්ධතිය විසින් මේ වස්තුව මීටර් 2.2ක් දිගැති බව හෙළිකරගෙන ඇතැයි සඳහන් වෙයි. 


මේ අභ්‍යවකාශ වස්තුව පිළිබඳ මැසචුසෙට්, කේම්බි්‍රජ්හි පිහිටි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවල් පවසන්නේ එඊජ් 1190 ජ් වස්තුව රොකට්ටුවක කොටසක් නම් එය අභ්‍යවකාශයේ සිට ස්වාභාවිකව නැවත පොළොව කරා එන මිනිසා විසින් අභ්‍යවකාශයට යවන ලද පළමු වස්තුව බවයි. 

කෙසේ වෙතත් මේ අභ්‍යවකාශ වස්තුව පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී ගිනිගෙන දැවෙන බවත් එය මුහුදට වැටීමේදී චිත්‍රපටවල පෙන්වන ආකාරයේ බරපතළ මුහුදු රැලි නැඟීමක් සිදුනොවන බවත් පවසන මැක්ඩොවල් එම වස්තුව වැටීමට නියමිත මුහුදු තීරයේ ධීවර කර්මාන්තයට යෑමෙන් වැළකෙන ලෙසද ප්‍රකාශ කර ඇත.
 
Related Posts with Thumbnails