Ads 468x60px

.

සේයාගේ ඩීඑන්ඒ ගැලපෙන්නෙ නෑ - 17 හැවිරිදි සිසුවා හා සගයා නිදොස් කොට නිදහස්


වරද පිළිගනින් කියා  නිරුවත් කර පහර දුන්නා - බාල්කයක එල්ලලත් ගැහුවා

පසුගියදා රටම ආන්දෝලනයට පත් කළ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා යන සැකකරුවන් දෙදෙනාම අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කර තිබේ.

ඔවුනගේ ඩීඑන්ඒ සාම්පල ඝාතනයට අදාළව නොගැළපෙන බව මිනුවන් ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වූ නිසා මෙම තීරණය

ගෙන තිබේ.

දැනටමත් සේයා ඝාතනය තමන් සිදු කළ බවට කොණ්ඩයා නමැති සැකකරුවෙකු පාපොච්චාරණය කර තිබුණත් පසුගියදා මෙම සැකකරුවන් දිගටම බන්ධනාගාරයේ රඳවා මෙම වාර්තාව ලැඛෙන තුරු බලාසිටි අතර අද ඔවුන් නෛතික ලෙස නිර්දෝෂී විය.

මේ අතර ඊයේ ඔවුන් දෙදෙනාව මීගමුව රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේ පොලිසිය ඔවුන් රඳවා තිබියදී පහරදුන් බවට ලැබුණ චෝදනා හේතුවෙනි.


17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් ගංජා ගසන්නන් ලෙසත් නිල් චිත්‍රපට නරඹන්නන් බවටත් ප්‍රසිද්ධ කර සමාජය තුළ ඔවුන් අපකීර්තියට පත්වූ අතර ඔවුන්ට නැවත නිදහස්වී ගම්දනව් කරා ගියත් ඔවුන්ගේ නමට ඇතිවූ කැළල ගැන තවම ප්‍රශ්නාර්ථයක් ඉතිරිව පවතී.


මේ සම්බන්ධව 17 හැවිරිදි සිසුවාගේ මව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පසුගියදා වාර්තාවී තිබුණි.


වරද පිළිගනින් කියා  නිරුවත් කර පහර දුන්නා - බාල්කයක එල්ලලත් ගැහුවා නිදහස ලැබූ දෙදෙනා කියති

මිනුවන්ගොඩ අධිකරණය මගින් ඊයේ (01දා) නිදහස්‌ කරනු ලැබූ සේයා ඝාතනයට නිකරුණේ අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයා සහ එක්‌දරු පියා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මඬුල්ල මාධ්‍යයට අදහස්‌ දක්‌වමින්.

සේයා සදෙව්මි දැරිගේ ඝාතනය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය නිකරුණේ අපව දංගෙඩියට ගෙන යද්දී රටේ ඇතැම් මාධ්‍ය දෙවරක්‌ නොසිතාම අපේ හිස ගසා දැමුවේ යෑයි ඊයේ (01 වැනිදා) මිනුවන්ගොඩ අධිකරණය මගින් නිදහස්‌ කරනු ලැබූ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ කැලුම් නමැති එක්‌දරු පියා ඉතා හැඟීම්බරව පැවසූහ.

සේයා දැරිය ඝාතනයේ සැකකරුවන් බව පවසමින් කොටදෙණියාව පොලිසිය එල්ල කරන ලද බරපතළ චෝදනාවෙන් නිදහස ලබා යළි නිවසට පැමිණි මොහොතේ පාසල් ශිෂ්‍යයාගේ මව සහ කැලුම්ගේ බිරිඳ, වැඩිමල් සහොද්රිය මෙන්ම අනෙකුත් ඥතීන් හැඬූ කඳුළින් යුතුව සිප වැළඳ ගනිමින් ඔවුන් පිළිගනු ලැබූ අතර එය ඉතා සංවේදී දසුනක්‌ විය.

මෙම සිද්ධියත් සමග තමන්ට සිය තුන් හැවිරිදි දියණිය සමග මහමඟ යැමට පවා නොහැකි වන අන්දමින් සමාජ අපවාදයන් ඇති වූ බව මෙහිදී අදහස්‌ දක්‌වමින් කියා සිටි කැලුම්ගේ බිරිඳ එපමණක්‌ නොව තම පවුලේ අනෙකුත් ඥතීන්ට පවා නිවාසවල විසිය නොහැකි තත්ත්වයක්‌ ඇති වූ බවද සඳහන් කළාය.

තම පුත්‍රයා කොටදෙණියාව පොලිසිය මගින් නිකරුණේ රැගෙන යාමත් සමග පියකුද නොමැතිව දරුවා උස්‌ මහත් කළ තමන් දෙස ඇතැම් ගම්වාසීන් පමණක්‌ නොව මඟතොට හමුවන්නන් පවා බැලුවේ ඉතාම පහත් ගැහැණියක දෙස බලන අන්දමින් බව 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව පැවසුවාය.

කොටදෙණියාව පොලිසිය මගින් මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය මගින් ඔවුන්ගේ නම් හෙළි කිරීම හේතුවෙන් පොල්පිතිගම ප්‍රදේශයේ වාසය කළ, කැලුම් නැමැති එක්‌දරු පියාගේ සොහොයුරියකගේ නිවසට ගිනි තැබීමට ද ප්‍රදේශවාසීන් උත්සාහ දරා ඇත.

මෙහිදී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කැලුම් නමැති එක්‌ දරු පියා මෙසේද සඳහන් කළේය.

"මාව පොලිසිය අරගෙන ගියේ 16 වැනිදා පාන්දර 2.00 ට විතර. පොලිසියේ ඕඅයිසී මහත්තයා ගෙදරට ඇවිත් පොඩ්ඩක්‌ එළියට එන්න කිව්වා.. මම ගියා.. පස්‌සේ මාව මගට එක්‌කගෙන ඇවිත් ජීප් එකට දාගත්තා.. ඒ සමගම තට්‌ටය තිබුණු සුදු මහත පොලිස්‌ නිලධාරියෙක්‌ බෙඩ් ෂීට්‌ එකක්‌ වගේ රෙද්දක්‌ මගේ ඔලුවට දාලා තද වෙන්න බැන්දා.. එතන ඉඳන් කිසි දෙයක්‌ පෙනුනේ නැහැ..

ඔවුන් මාව අරගෙන ගියේ කාමරයක්‌ වගේ තැනකට.. ඒ ගෙනිහින් ඇඳුම් සියල්ල ඉවත් කර මාව නිරුවත් කරලා හොඳටම පහර දුන්නා.. සේයා ඝාතනය කළේ උඹ ඒ නිසා ඒක භාර ගනින් කියලයි ඔවුන් මට පහර දුන්නේ.. මගේ නිරුවත් ඡායාරූප ගත්තා.. පස්‌සේ අත් දෙක පිටුපස්‌සට තියලා බැඳලා බාල්කයක එල්ලලත් ගැහුවා.. පහුවදා තමයි මාව පොලිසියට ගෙන ආවේ.

මට බිරිඳයි දරුවයි මතක්‌ වෙලා ඇඬුනා.. විශාල බයක්‌ දැණුනා මිනිස්‌සු ඔවුන්ට මොනවා හරි කරදරයක්‌ කරයි කියලා.."

මෙහිදී කතා බහට එක්‌වූ නිදහස ලබා පැමිණි පාසල් සිසුවා අදහස්‌ දක්‌වමින් තමන්ට සිදුවූ දෙය පැහැදිලි කරනු ලැබුවේ මෙසේය.

"මාව පොලිසියෙන් අරගෙන ගියේ 16 වැනිදා උදේ නවයට විතර.. ගෙදරට ආපු පොලිසියේ මහත්තුරු මගේ අම්මට බැණ බැණ මාව කාමරයකට දාගෙන ගොඩක්‌ වෙලා ප්‍රශ්න කළා.. 


ෆේස්‌ බුක්‌" එකේ තිබුණ සේයා දැරියගේ ෆොටෝ එකක්‌ මම මගේ ෆේස්‌ බුක්‌ මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක ෆේස්‌ බුක්‌ එකට දාලා තිබුණේ.. පොලිසිය ඒ ෆොටෝ එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක ෆේස්‌ බුක්‌ එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා..

පස්‌සේ මගේ අම්මා හඬා වැටෙද්දී මාව පොලිසියට අරගෙන ආව.. පොලිසියට ගෙනාවට පස්‌සේ දණ ගස්‌සලා මට හොඳටම ගැහුවා.. ගහන අතර කිව්වා කැලුම් අයියා ඔක්‌කොම පිළි අරගෙන තියෙන්නෙ.. එයාව පෑලියගොඩ පොලිසියේ තියාගෙන ගහනකොට සේයා මැරුව විදිහ ඔක්‌කොම කියලා.. ඒ නිසා දැන් ඇත්ත පිළිගනින් කියලා.. මට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. ඒත් පොලිසිය මට ගැහුවා..

මගේ ඇඳුම් ගලවලා පහර දුන්නා.. ඒ අතරේ මගේ නිරුවත් පිංතූර අරගත්තා.. සම්පූර්ණයෙන්ම ඇඳුම් ගලවලයි පහර දුන්නේ.. 17 වැනිදා මාව සීඅයිඩී එකට භාර දුන්නා. එදාත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරන ගමන් දණගස්‌සවලා මට හොඳටම ගැහුවා..

ඉදිරියේදී මාධ්‍ය සාක්‌ච්ඡාවක්‌ කැඳවා තමන්ට සිදු වූ අසාධාරණය සම්පූර්ණයෙන්ම හෙළි කරන බවද මෙහිදී 17 හැවිරිදි පාසල් සිසුවා සහ කැලුම් නමැති එක්‌දරු පියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails