Ads 468x60px

.

පොළොන්නරු අහසේ ගමන් කළ මේ යානය කුමක්ද?


පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය පුදබිම ආශි්‍රත ප්‍රදේශයේ ඉහළ අහසේ ගමන්ගත් අබිරහස් යානයක් දැක ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා. මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී පොළොන්නරුව මාධ්‍යවේදී ගාමිණී ඔබේසේකර මහතාද එම යානය දැක ඇති බවත් ඔහු එම යානය ඡායාරූප ගතකර ඇති බවත් අපට දැනගන්නට ලැබුණා.

ඒ අනුව අපි ඔහු හමුවී තොරතුරු විමසා බැලුවෙමි. එහිදී ඔහු මෙසේ පැවැසුවා. පසුගිය 27 වැනිදා පසළොස්වක පෝය දිනයක්. එදා රාත්‍රි 9-10 අතර කාලයේදී තමා මේ යානය අහසේ දැක්කේ. ඒ වෙලාවේ ඒක

තරුවක් වගේ සෙමින් පාවෙමින් තිබුණා. 

ඒකෙන් නිල්, කොළ, රතු සහ තැඹිලිපාට එළි විහිදුණා. දිඹුලාගල පැත්තේ සිට බටහිර අහස දෙසට මේ යානය පාත්වෙමින් තිබුණා. එය එක්වරක ආලෝකය නිවී ගොස් යළිත් ආලෝකය විහිදුවමින් ගමන් කළා.

මේ වන විට ඒ මහතා ලබාගත් ඡායාරූප, වීඩියෝ දර්ශන විද්‍යාත්මක පරීක්‍ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වෙත යොමු කර ඇති බවද වාර්තා වී ඇත.
 
Related Posts with Thumbnails