Ads 468x60px

.

හිතුවක්‌කාර නව සැලැස්‌මෙන් ඊයේ කොළඹ වාහන හිරවුනේ මෙහෙමයි....


පොලිසිය විසින් ඊයේ (12 දා) කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්‌ම හේතුවෙන් මුළු කොළඹ නගරයේ පුරා පැය ගණනාවක්‌ දැඩි රථවාහන තදබදයක්‌ ඇතිවී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ දැඩි අසීරුතාවන්ට මුහුණ දුන්නා. 

මේ නිසා බොහෝ කාර්යාල සේවක සේවිකාවෝ පැයක්‌ පැය එක හමාරක්‌, පැය දෙකක්‌ ආදී වශයෙන් ප්‍රමාදයකට මුහුණ දුන්නා. අධික රථවාහන තදබදය හේතුවෙන් බොරැල්ල, රාජගිරිය, පුංචිබොරැල්ල, පුරහල, නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය, වැලිකඩ ආදී ප්‍රදේශවල විශාල
කාලයක්‌ රථවාහන එකම ස්‌ථානයේ තිබෙනු දක්‌නට හැකි වුණා.

නව රථ වාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කරනවිට එය මුලින් සති අන්තයේ හෝ පාසල් නිවාඩු කාලවල හෝ ක්‍රියාත්මක කර පසුව ක්‍රමයෙන් අනෙකුත් සාමාන්‍ය දිනවල ක්‍රියාත්මක කරනු වෙනුවට එක්‌වරම අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරවන්නට යැම නිසා මේ තදබදය ඇතිවූ බව මහජනතාව පවසනවා.

මේ අතර මහරගම නගරයේ ඊයේ සිට ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්‌ම නිසා මහරගම නුගේගොඩ ඇතුළු ප්‍රදේශවලත්, හයිලෙවල් මාර්ගයේත් දැඩි රථවාහන තදබදයක්‌ ඇතිවුණා.
 
Related Posts with Thumbnails