Ads 468x60px

.

කොණ්ඩයා සේයා දූෂණය කර නැති බව ඩීඑන්ඒ මගින් තහවුරු වෙයි - පොලිසිය සතු අවසන් බලාපොරොත්තුව කොණ්ඩයාගේ සොයුරු සමන්


කොටදෙනියාවේ සේයා සෙඳව්මි දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණ යේදී සැකපිට අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ගේ ඩී.එන්.ඒ සමග නොගැලපෙන බව අධිකරණයේදී

අනාවරණ වුණා.  අද මිනුවන්ගොඩ මහේස් ත්‍රාත්වරයා හමුවේ මෙම වාර්තා ඉදිරිපත් කිරීමත් සමග මේ දක්වා සමාජය හමුවේ වරදකරුවෙකු ලෙස හංවඩු

ගැසුණු කොණ්ඩයා අහිංසකයෙකු බව ඔප්පු වුණා.

පොලිසිය මගින් මින් ඉහත 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 32 හැවිරිදි එක්දරු පියෙකුද මෙම වරද සම්බන්ධයෙන් සැකකර තිබුණ අතර ඩීඑන්ඒ නොගැලපීම මත ඔවුන්ද නිදහස් විය.

කොණ්ඩයාගේ සොයුරු සමන් ජයලත්ගේ ඩීඑන්ඒ පරීක්ෂණය තවම අවසන් නැති අතර පොලිසිය සතු අවසන් බලාපොරොත්තුව වී ඇත්තේ මේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව කොටු කර ගැනීමටයි.
 
Related Posts with Thumbnails