Ads 468x60px

.

මූණ හැපූව හින්දා දැරිය මැරුවා - මුලින් හිතුවෙ නෑ - සමන් කියලා...

සමන් ජයලත් නමැති සැකකරුගේ ඩීඑන්ඒ සාක්ෂි ගැලපීම මත ඊයේ මිනුවන්ගොඩ අධිකරණයේදී සේයා සදෙව්මි දැරියට අතවර කර කෘෘර අන්දමින් ඝාතන ක්‍රියාව ඇත්තටම සිදු කර ඇත්තේ ඔහු බව තහවුරු වුණා.

ඊයේ අධිකරණයට සමන් ජයලත් ඉදිරිපත් නොකළ අතර මේ වනවිට සමන් ජයලත් සහ ඔහුගේ සොයුරු කොණ්ඩයා යන දෙදෙනාම රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙනවා. ලබන 19 වනදා පවත්වන්නට නියමිත ඊළග නඩුවාරයේදී සමන් ජයලත් වරදකරු බවට පත්වනු ඇති බවට ව්ශ්වාසයක් පවතින අතර ඔහුට නියම කරන දඩුවමද එදින තීරණය කරනු ඇත.


ඝාතනය සිදුවූ වකවානුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ සමන්

ජයලත් පොලිසිය නොමග යවමින් බොරු සාක්ෂි ලබාදීමේ වරදක්ද සිදු කර තිඛෙන අතර ඒ නිසාම ඔහුගේ සොයුරුද මෙම වරදට පැටලූණා. එම බොරු සාක්ෂිදීම වෙනුවෙන්ද ඔහු දඩුවම් ලබනු ඇත.

විවිධ අපරාධ සම්බන්ධයෙන් වසර 6 කට අධික කාලයක් බන්ධනා ගාරගතව සිටි අයෙකු බව පැවසෙන සමන් අවස්ථා දෙකකදී විවාහ දෙකක් සිදු කරගත් අයෙකි. එක් දරු පියෙකි. නමුත් ඔහු පවුල් ජීවිතයක් ගත කරන්නෙකු නොවේ. ගැහැණුන් දෙස බලා සිටීමත් රාත්‍රියේ පිහිය පෙන්වා අතවර කිරීම ඔහු සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම සිදු කරන ලද අපරාධයන්ය. ඒවා

බොහොමයක් හසුවී නැති අතරම ඔහු හසුවුණ වැරදි වලට බන්ධනා ගාරගතව සිටියත් එයින් පාඩම් ඉගෙන වැරදි අත්හළ අයෙකු නොවේ.

සේයා දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධ ඔහුගේ පාපොච්චාරණයේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දැරිය දූෂණය කරත් තමන් ඝාතනය කරන්නට මුලින් සිතා සිටියේ නැති බවකි.


සේයා දැරිය ඝාතනයට ලක්වූ දින රාත්‍රියේ සමන් බඩල්ගම ග්‍රාමයේ ඇවිදිමින් නිවාසවලට එබිකම් කරමින් සිටියදී සේයා දැරියගේ නිවසේ කාමරයක විදුලි පහන් දැල්වෙන අයුරු දැක එහිගොස් ජනේලයක් විවෘත කර දැරියගේ මව නිදා සිටින අයුරු බලා සිට ඇත.

පසුව ජනේලයකින් ඇතුළුවී ඇත්තේ දැරියගේ මවට අතවරයක් කරන බලාපොරොත්තුවෙන්ය. ඔහුට පුරුදු ආකාරයට මවගේ ගෙලට පිහියක් තබා ඇය බියට පත් කර ඇය දූෂණය කිරීමට සැලසුම් කළත් නිවස පුරා ඇවිදිමින් පිහියක් සොයාගන්නට බැරිව ගියෙන් එම අදහස ඉවත් කරගෙන දැරිය රැගෙන ගොස් අතවර කිරීමට ඔහු කටයුතු කර තිබුණා.

සේයා දැරිය රැගෙන නිවසේ ජනේලයෙන් පිටවූ සමන් වන ලැහැබකට රැගෙන ගොස් ඇයට දූෂණය කර අතැර දම්නට මුලින් සිතා ඇති නමුත් ඇය මරා දමන්නට ඔහු පියවර ගත්තේ වෙනත් හේතුවක් නිසා බව පොලිසියට පවසා ඇත.


සේයා දැරියට අතවර කරද්දී ඇය කෑගසමින් ඔහුගෙන් බේරීමට ඒ මේ අතට ද`ගලා තිඛෙන අතර සමන්ගේ මුහුණ සපා ඔහුගෙන් බේරීයැමට උත්සාහ කර ඇත. මුහුණ සපා කෑම නිසා සමන් කෝපයට පත්වූ බව පොලිසියට පවසා ඇත. සමන් ජයලත් දැරියගේ ගෙල සිරකර ඇය ඝාතනය කරන්නට පියවර ගෙන ඇත්තේ ඒ නිසාය.

පසුව දැරියගේ සිරුර ඇළට විසිකර දැමූ සැකකරු නිවසට ගොස් තිඛෙන බවත් ඇය නිසා තමාගේ මුහුණ සීරුන බවත් සමන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම පාපතරයා පසුදින දැරිය සෙවීමේ මෙහෙයුමටද දායකවී ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කරනවා. සිද්ධියෙන් පසු ගම මගහැර ගිය අය හා අවමංගල නිවස මග හැරිය අය ගැන සොයද්දී ඔහු ගැන සැකයෙන් ප්‍රශ්න කරද්දී පොලිසියට තම සොයුරා ගැන ඔත්තුව දී තිබුනේ සොයුරා ගම හැර ගොස් ඇති බවටය. එසේ කියූවත් ඝාතනය සම්බන්ධ බවට මුලින් ඔත්තුවක් ලබාදී තිබුනේ නැත. 


කොටදෙණියාව පොලිසිය වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ භාරගත් පසු සමන් ජයලත් ගැන සියුම් තොරතුරු පොලිසියට ඉව වැටෙද්දී ඔහු තම සොයුරා එයට සම්බන්ධ බවට පාපොච්චාරණයක් කර තිබුනේ දැරිය ඝාතනය කොණ්ඩයා කළ බව ස්ථීර කරමිනි. 


ඒ දිනවල කොණ්ඩයාගේ පාපොච්චාරණය ලෙස ප්‍රසිද්ධවූයේ සමන් ගෙතූ කතාවයි. එම කතාවේදී කොණ්ඩයා සේයාගේ නිවසේ දොරෙන් ඇතුළුවන නමුත් ඇත්ත කතාවේදී සමන් ඇතුළු වන්නේ ජනේලයකිනි.

සමන් ජයලත්ගේ ස්ත්‍රී දූෂණ්‍ය, මනුෂ්‍ය ඝාතනය හා අසත්‍ය තොරතුරු මගින් නීතිය නොමග යැවීම සම්බන්ධ නඩු තීන්දුව ලබන 19 වනදා ප්‍රකාශයට පත්වනු ඇත.
 
Related Posts with Thumbnails