Ads 468x60px

.

පුත්තලමේ දිනිති අහිංසා අතුරුදන්වී නැවත හමුවීම තවමත් අභිරහසක්...

පුත්තලම, කරුවලගස්වැව, පහරිය ප්‍රදේශයේදී තුන් හැවිරිදි දැරිවියක් පසුගිය අගහරුවාදා සවස අතුරුදන් වී නැවත හමුවීම තවමත් අභිරහසක් බවට පත්ව තිබෙනවා.

එදින කරුවලගස්වැව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැරිය සොයා දැවැන්ත මෙහෙයුමක් තබ්බෝව අභය භූමියේ ආරම්භ කර දැරිය සොයා ගත් නමුත් එය සිදුවූයේ කෙසේද යන්න තවම පැහැදිලිවි නැත.


මෙසේ අතුරුදන්ව සිට ඇත්තේ කරුවලගස්වැව, පහරිය ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි කේ.එච්. දිනිති අහිංසා නමැති දැරිවියකි. අදාළ දැරිවිය තම නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී 29 වැනි දින සවස එකවරම මෙසේ අතුරුදන්ව ඇති බව දැරියගේ මවුපියන් කරුවලගස්වැව පොලිසියට පැමිනිලි කර තිබු
නා.

අනතුරුව කරුවලගස්වැව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ දැරිය සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණද අදාළ දැරිය සොයා ගැනීමට පොලිසියට හා

ගම්වාසීන්ට නොහැකිව තිබුණා.

පසුව දැරියගේ මවුපියන් විසින් පහරිය ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් වෙත ගොස් අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් අංජනමක් බැලීමේදී දේවාලයේ සිටි යකැදුරු මවුපියන්ට පවසා ඇත්තේ අදාළ දැරිය මේ වන විට තබ්බෝව අභයභූමියේ ඇති පෞරා‚ක ගල් ලෙනක නිරුපද්‍රිතව සිටින බවයි.


අනතුරුව දැරියගේ මවුපියන් ප්‍රදේශවාසීන්, පොලිසිය එක්ව නැවත තබ්බෝව අභයභූමියේ පිහිටා ඇති ඉපැරැ‚ ගල් ලෙන පරීක්ෂා කිරීම සඳහා දැරියගේ නිවෙස ආසන්නයේ සිට සැතපුම් 30ක පමණ දුරක් ගෙවා දැවැන්ත වනය පීරමින් අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබි
නා.

මෙහෙයුමට එක්ව තිබූ පොලිස් නිලධාරීන්ට අදාළ දැරිය ගල්ලෙනේ තනිව සිටියදී 30 වැනි දින අලූයම 3ට පමණ හමුව තිබි
නා

පැය 15කට ආසන්න මෙහෙයුමකින් පසුව දැරිය දැරියගේ නිවෙස වෙත රැගෙන ඒමෙන් අනතුරුව දැරියගේ මානසිකත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැරිය මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබී එතැනින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පොලිස් නිලධාරීන් පවසා සිටියේ මෙසේ අතුරුදන්ව සිටි දැරියට යම් කිසි බලවේගයක් හෝ එසේත් නැතිනම් ආවේගයක් ඇති වීමෙන් මෙසේ වනගතව සිට ඇති බවට විශ්වාස කරන බවයි.


රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසා සිටියේ රෝහලේදී දැරිය අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට ලක්ව තිබූ බවත් එහිදී දැරිය කිසිම ආකාරයක් ලිංගික හෝ වෙනත් අපහරණයකට ලක්ව නොතිබූ බවයි.


නමුත් රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට ලක්ව ඇති බවත් ඒ වන විට දැරිය යහපත් මට්ටමක නොසිටීමත් ඇගේ ශරීර සෞඛ්‍යය තත්ත්වය දිගින් දිගටම පහත වැටීම නිසා ඇය විශේෂ පරීක්ෂණ රැසක් සඳහා යෙදවීමට රිජ්වේ ආර්යා රෝහල කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.


ඇය පවුලේ බාල දරුවාය. මව ගෘහ‚යක් වන අතර පියා ධීවරයෙකි. ඇයට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකි.


දැරිය පෙරේදා පෙරවරුවේ නිවස අසල පදිංචි ඇගේ පියාගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසේ සිටියදී එක්වරම එම නිවසින් පිටතට විත් නිවස ඉදිරිපිට මාර්ගයේ මීටර් 500ක් පමණ දුරට ගමන් කර ඇත. 


ගම්වාසීන් කතුන් කීප දෙනකු දැරිය දැක නැවත ඇගේ ලොකු අම්මාට භාර දී තිබුනා. සවස් කාලයේදී තමා ආහාර පිසිමින් සිටියදී දැරිය මෑකරල් කිහිපයක් කැබැලි කරමින් සිටි බව ඇගේ මව කියා සිටියාය. මෙලෙස ඇය අතුරුදන්වූ පසු දැරිය කොහේ ඇත්දැයි සොයා බැලීමට ගම්වාසියකු තවත් අයෙකු සමග පහරිය දේවාලයට ගොස් තිබුනා.

අපි දේවාලයට ගියාට පස්සේ මෑ‚යෝ කිව්වා දරුවා කැලේ ඉන්නවා දැනටමත් ප්‍රමාද වැඩියි. ඉක්මනට යන්න දැරිය හොයාගන්න කාන්තාවන්ට විතරක් ඒ ස්ථානයට යන්න කියන්න කියලා දෙහි හා පොල් ගෙඩියක් ජීවම් කරලා දුන්නා. කාන්තාවන්ගේ ආරක්ෂාවට පිරිමින්ටත් ඔවුන් පසුපසින් මෑ‚යෝ යන්න කිවා යැයි දේවාලයට ගිය ගම්වැසියා කියා සිටියේය.

ඒ අනුව ගම්මානයේ පිරිමින් සහ කාන්තාවන් පනස්දෙනෙකු පමණ දරුවා සොයා කණ්ඩායම් හතරකට ඛෙදී ගොස් ඇත.


රක්ෂිතයේ වැලිතලා අතර ස්ථාන කිහිපයක දැරියගේ පා සලකුණු තිබි ගම්වාසීන් කිහිපදෙනෙකු දැක තිබේ. නමුත් කිලෝ මීටර් පහක් පමණ පහරිය රක්ෂිතය ඇතුළට යද්දී දරුවා හමුනොවීම නිසා යළි ගම්වාසීන් දේවාලයට ප‚වුඩයක් දී ඇත. 


එහිදී පවසා ඇත්තේ දැරිය ගල්තලාවක් ආසන්නයේ සිටිනා බවය. රාත්‍රී 12 පමණ වනතුරුද දැරිය හමුනොවීම නිසා එක් කණ්ඩායමක් කැලය තුළ නතර වී අනෙක් පිරිස යළි නිවෙස් බලා පිටත්ව ඇත්තේ ඊයේ පෙරවරුවේ යළි පැමිණ දැරිය සොයාගන්නා අපේක්ෂාවෙනි.

පිරිස කිලෝමීටර් 10ක් පමණ දුර ගමන් කරන විටදී ගල්තලාවක් හමු වී ඇති අතර, ඒ ආසන්නයේදී කාන්තාවක් පුතේ යැයි ශබ්ද නගා පවසා සිටියාය. එහිදී දැරිය අම්මේ යැයි පවසමින් වන රොදක් ඇතුළෙන් පැමිණ තිබේ. ඒ වන විට වෙලාව අලූයම 3ට පමණය.

දැරියට කිසිදු උපද්‍රවයක් වී නොතිබූ බවද ගම්වාසීහු පවසති. මෙම ප්‍රදේශයේ අලි බහුලව ගැවසෙන ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සිද්ධිය අපට හිතාගන්න බෑ. මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් නිසා දුව අතුරුදන් වුණා කියලා තමයි අපට හිතෙන්නේ. දැන් අපි හරි බයෙන් ඉන්නේ යැයි දැරියගේ පියා පැවැසුවේය.

මෙම සිද්ධියෙන් පසු දැරියගේ මවද මහත් භීතියට පත්ව සිටින්නීය. ළමයා මගෙත් එක්ක ගෙදර හිටියා. එකපාරටම නැතිවුණා. ඊට පස්සේ හෙව්වා. මේ සිද්ධිය කොහොම වුණාද කියලා දන්නේ නෑ. යැයි දැරියගේ මව පැවැසුවාය.


දැරිය තනිවම කිලෝමීටර් 10ක දුරක් ගමන් කිරීම සැකයට තුඩුදෙන බැවින් මෙම සිදුධිය පිළිබඳව පරීක්ෂණ අරඹා ඇත.
 
Related Posts with Thumbnails