Ads 468x60px

.

ගුරුවරිය පැහැර ගත්තේ ආදරය කළ හිමිනමක්ලු.


ඌරුබොක්ක ප‍්‍රදේශයේදී ගුරුවරියක පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ මින් පෙර අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. ඒ, පැහැරගැනීමට ලක්වූ ගුරුවරිය සහ ඇය පැහැරගත් බව කියන පුද්ගලයාගෙන් පොලිසිය කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදීයි.

පැහැරගැනීමට ලක්වූ බව කියන ගුරුවරිය සහ පැහැරගැනීම කළ සැකකරු ඌරුබොක්ක පොලිසියට ඊයේ පස්වරුවේ පැමිණියා. එහිදී ගුරිවරිය ප‍්‍රකාශ කර ඇත්තේ සිය කැමැත්තකින් තොරව ඔහු විසින් තමා

රැගෙන ගිය බවයි. එමෙන්ම හක්මණ කෝන්ගල ප‍්‍රදේශයේදී එම ගුරුවරිය බලහත්කාරයෙන් සැකකරු විසින් විවාහ කරගෙන ඇති බවට ද මෙහිදී අනාවරණ වුණා.

පැහැරගැනීම සිදුකර ඇත්තේ කසුන් විමුක්ති දර්ශන නමැති 28 හැවිරිදි තරුණයෙක්. ඔහු පැහැරගත් ගුරුවරියගේ පැරණි පෙම්වතා වනවා. ඔවුන් දෙදෙනාම රුහුණු විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ විශේෂ උපාධිධාරීන්.

ඔවුන් පෙම්වතුන් වී ඇත්තේ එම අවදියේදීයි. සැකකරු විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ හිමිනමක් ලෙස බවයි සඳහන් කළේ. මීට වසර දෙකකට පෙර ඔහු සිවුරු හැර ගොස් ඇති බවයි පොලිසියට කරන ලද ප‍්‍රකාශයේ සඳහන් වන්නේ.

අදාළ ගුරුවරිය වෙනත් අයෙකු සමග විවාහ වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. මේ අතර පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ දෙදෙනා සැකකරුගේ ඥාතීන් බවත් අනාවරණය වී තිබෙනවා.

ඌරුබොක්ක ප‍්‍රදේශයේදී ගුරුවරියක පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අද (21) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, මොරවක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මෙනෙවියගේ නියෝගයකට අනුවයි. සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 03 වෙනිදා තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

එමෙන්ම පැහැරගැනීමට ලක්වූ පාසල් ගුරුවරිය මාතර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු සහ ජීප් රථයක් අත්අඩංගුවට ගන්නා ලෙසයි මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී පොලිසියට නියෝග කර සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් එක් අයෙකු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.
 
Related Posts with Thumbnails