Ads 468x60px

.

මගෙ නම කොණ්ඩයා නෙමෙයි - කොණ්ඩයා කියන්නේ මාධ්‍යයෙන් දාපු නමක් (වීඩියෝ)


ඊයේ ගම්පහ පළාත් මහාධිකරණයේදී සේයා සෙඳව්මි ඝාතනයේ සැකකාර දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව නිදහස් වුණා. ඊයේ ඔහුගේ මව ඇප ලබාදීමට ඉදිරිපත් වූ අතර රුපියල් 50,000ක ශරීර ඇප 2ක් මත ඔහු අද මුදා හැරුණා.

ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි‚ දුනේෂ් ප්‍රියශාන්ත මාධ්‍ය ඇසූ ප්‍රශ්න හමුවේ මෙසේ හෙළිදරව්වක් කර තිබුණා. මගෙ නම දුනේෂ්

ප්‍රියශාන්ත. කොණ්ඩයා නෙමේ. කොණ්ඩයා කියන්නේ මාධ්‍යයෙන් දාපු නමක්. මං අමු මාළු ජීවිතේට කාලා නෑ. ඒව දාපු කතා තමයි කට්ටිය. මං ගස් උඩ හිටියයි කියන කතාවත් අමූලික බොරු. 

වතුර යට මඩේ හිටියයි කියන කතා බොරු මං එහෙම ඉඳලා නෑ. මං දූෂණයක් කළා කියල කා එක්කවත් කියල නෑ. සී අයිඩී කට්ටිය කොළයක් දීලා මට අත්සන් කරන්න කිව්වා. මං එවෙලේ අත්සන් කළා ඉතින්. මට ඒ අය පහර දුන්නා. කාමරේකට දාල. 

කේබල් වගේ ඒවයිනුයි පොලූ වලිනුයි හෝස් පයිප්ප වගේ ඒවයිනුයි පහර දුන්නා. ඉස්සරහට මට කොහොම වෙයිද දන්නෑ පරිසරය හොඳ විදිහට බලල මයි යමක් කරන්න ඕන. දැන් යන්න බලාපොරොත්තුව යාළුවෙක්ගෙ ගෙදර තමයි. මං කිසිම වරදක් කරපු කෙනෙක් නෙමෙයි....

එම අදහස් දැක්වීමේ වීඩියෝව පහතින්.




 
Related Posts with Thumbnails