Ads 468x60px

.

අනුරාධපුර ක්ලබ් එකට පහරදුන් අවස්ථාවේ අවන්හලේ ඇතුලත දර්ශන (වීඩියෝ)


කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමට පැමිණි මැර කල්ලිය  එදින රාත්‍රී සාමාජ ශාලාවට ඇතුළු වී පහරදීම සිදු කළ අයුරු දැක්වෙන නවතම CCTV දර්ශන පෙළක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.
මීට පෙර අවන්හලට පිටතින් වූ සිදුවීම සම්බන්දයෙන් වන වීඩියෝවක්ද නිකුත් වී තිබුණා.

නවතම වීඩියෝවේ දැක්වෙන පරිදි පැමිණෙන පිරිස් අවන්හලේ සේවකයින්ටද පහර දී දේපල වලටද හානි සිදුකරනවා. ඇතැමුන් එහි

තිබෙන භාණ්ඩද සාක්කුවේ දමාගෙන අයුරු දැක්වෙන අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

එසේම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද පොලීසිය අද උදෑසන සොයාගත්තා. එසේම සැකකරුවන් රැගෙන ආ යකඩ පොල්ලක්, ලී පොලූ හතරක්, පොරෝ තලයක් සහ අඩක් පිලිස්සුනු පොරෝ මිටක්ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. 

එසේම ඝාතනය සඳහා පැමිණි තවත් සැකකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව ඔහු අනාවරණ කළා.

අවන්හලේ ඇතුලත දර්ශන ඇතුලත් නවතම හිරු වීඩියෝව පහතින්....



 
Related Posts with Thumbnails