Ads 468x60px

.

පොලිසියේ වැඩ නිසා සේයාගේ මිනීමරුවා බේරෙයි..?


සේයා සදෙව්මි දැරිය ඝාතනයේ වගකීම භාරගන්නා බවට 36 හැවිරිදි සමන් ජයලත් නැමති සැකකරු පාපොච්ඡාරණයක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා. 

ඔහු, ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් 'කොණ්ඩයා' නම් සැකකරුවා ගේ
සහෝදරයායි. දුනේෂ් ප්‍රියශාන්ත එම ඝාතනය පිළිගෙන පාපොච්චාරණය කළ බවයි මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසිය කියා සිටියේ.

එම වරදම තවත් පුද්ගලයකු එනම් ප්‍රධාන සැකකරුවාගේම සොහොයුරා සිදුකළ බවට පොලිසිය කරන ප්‍රකාශයත් සමග සේයා ඝාතන පරීක්ෂණ සිදුවී ඇති ආකාරය පිළිබඳව ගැටළු රැසක් පැන නගී.

1. සැප්තැම්බර් 11 වන දින සේයා සදෙව්මි අතුරුදන්වීම

2. සැප්තැම්බර් 13 වන දින දැරියගේ මළ සිරුර හමුවීම

3. සැප්තැම්බර් 18 වන දින 17 හැවිරිදි පාසල් සිසුවකු සහ එක්දරු පියකු සැකපිට අත්අඩංගුවට ගැනීම

4. සැප්තැම්බර් 23 වන දින ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පැවසූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' අත්අඩංගුවට ගැනීම.

5. සැප්තැම්බර් 24 වන දින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය නම් කිරීම සහ ඝාතනය සිදුකළ ආකාරය ඔහු පාපොච්ඡාරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවීම

6. ඔක්තෝබර් 01 වන දින DNA වාර්තා නොගැලපීම නිසා 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් කිරීම

7. ඔක්තෝබර් 03 වන දින සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට පොලිසිය පැවසූ දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම

8. ඔක්තෝබර් 05 වන දින ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා වන සමන් ජයලත් ඝාතනයේ වගකීම භාරගත් බව පොලිසිය පැවසීම
 
එම පොලිස් පරීක්ෂණයේ සිදුවීම් පෙළගැස්ම සලකා බලන විට ගැටළු රැසක් මතුවන බවයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසි යට පවසා ඇත්තේ.

"දැන් පොලිසියම කියනවා, සැකකරුවන් දෙදෙනෙක් පාපොච්ඡාරණය කළා කියලා. මේ වගේ වුනාම වෙන්නේ නඩුවක් ඔප්පු කරගන්න බැරි වෙන එක. DNA වගේ වෙනත් සාක්ෂි හොයාගත්තේ නැත්නම් අපරාධ විමර්ශකයෝ විශාල ප්‍රශ්නයකට පත්වෙනවා."
 
Related Posts with Thumbnails