Ads 468x60px

.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කරන්නට පිරිස ආ සීසීටීවී වීඩියෝව...


පෙරේදා රාත්‍රී අනුරාධපුරයේ සමාජ ශාලාවක සිදුවූ ප්‍රහාරයේ සීසීටීවී වීඩියෝව දැන් නිකුත්ව තිබෙනවා. මෙම සිද්ධිය නිසා ගිනස් වාර්තා තැබූ වසන්ත සොයිසා මහතා මියගියා.

කළඝු රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන ඇඳුම උඩින් ඉටිකොළ ගෝනි ඇඳගෙන පැමිණි මෙම පිරිස හැමදෙනාගේම අතේ උස පොලූ තිබුණ ආකාරය එම වීඩියෝවෙන් පැහැදිලි වෙයි. 

කෙසේ වෙතත් කඩු වැනි උල් ආයුධ ඔවුන් අත තිඛෙන්නට ඇති මුත් ඒ බවක් වීඩියෝවේ පැහැදිලිව නොපෙනේ. සමාජ ශාලාව වෙත සැලසුම් සහගතව ප්‍රහාරය සඳහාම ඔවුන් පැමිණ තිබෙන අයුරුද වීඩියෝවෙන්
හඳුනාගත හැකිය. ඒ ආකාරයට පැමිණෙන ඔවුන් සමාජ ශාලාවේ බාහිර දේපළ වලට පොලූවලින් පහරදී අලාබහානි කරන අතර එක් අවස්ථාවක එහි ආලින්දයටත් තවත් අවස්ථාවක ඇතුළටත් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සිදු කරන අයුරු දැකගන්නට ලැබේ.

පිරිසගේ පැමිණීමට ප්‍රතිචාර ලෙස ඇතුළේ සිට දෙතුන් දෙනෙකු එළියට එන්නට හදද්දී ඔවුන්ට පහරදී එළවා දමන අයුරුද දක්නට ලැබේ.

මේ අතර ප්‍රහාර එල්ල කරන්නට ආ තිදෙනෙකු පමණක් සමාජ ශාලාව ඇතුළට පොලූ රැගෙන යන අතර ඔවුන් ඇතුලේදී වසන්තට පහර දෙන්නට ඇත්තේ එම අවස්ථාවේදී බව අනුමාන කරන්නට හැකිය.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ඇතැමෙකු මෝටර්රසයිකල වල නැගී පළායන අයුරු දෙවන සීසීටීවී කැමරාවෙන් නිරීක්ෂණය වන නමුත් එහි අංක හඳුනාගන්නට අපහසුය.

සිද්ධියෙන් අනතුරුව වසන්ත සොයිසා මහතාගේ පුතු පැමිණ සිය පියාව වාහනයක නංවාගෙන රෝහලට රැගෙන යනු ලබයි. හිසේ ලේ පෙරාගෙන වැටී සිටි වසන්ත ඒ වනවිටත් මියගොස් තිබුණ බව පසුව වාර්තා වුණා.

ඊයේ උදෑසන මෙම ප්‍රදේශය අවට පොලිසිය සිදු කළ සෝදිසියේදී සැකකාර පිරිස සිරුරු ස`ගවන්නට භාවිතා කළ ගෝනි ආවරණ අසළ රජයේ කාර්යාලයක් අසළ දමාගොස් තිබී හමුව ඇත.

මියගිය අයගේ පශ්චාත් මරණ පරරීක්ෂණය මේවනවිට සිදු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු තවම අත්අඩංගුවට ගෙන නැත.





කොන්ක්‍රීට් නළලෙන් කඩා ගිනස් වාර්තා තැබූ වසන්ත සොයිසා ඝාතනය වෙයි

එකවර කොන්ක්‍රීට් බ්ලොක් 35 ක් හා එකවර අයිස් කුට්ටි 20 ක් නළලෙන් තද කොට කඩා ගීනස් වාර්තා පොතට නම ඇතුළත් කරගෙන සිටි කරාටේ ශූරයෙකු වන අනුරාධපුරයේ වසන්ත සොයිසා මහතා පෙරේදා රාත්‍රී විසි දෙනෙකුගේ පමණ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා රාත්‍රී 11.45 ට පමණ අනුරාධපුරයේ මුදිතා මාවතේ පිහිටි ඔහුට අයත් රාත්‍රි සමාජ ශාලාවකට පැමිණි නාඳුනන පිරිසක් ඔහුට කඩු වලින් පහරදී තිබුණ අතර බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබුණා.

කිසියම් කෝන්තරයක් මත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් සහගතව 20 දෙනෙකුගේ පමණ පිරිසක් මුහුණු ආවරණය කර මෙම ස්ථානයට පැමිණ තිබුණ අතර එම අවස්ථාවේ රාත්‍රි සමාජ ශාලාවේ සිටි වසන්ත සොයිසා මහතා සහ තවත් සේවකයින් 03 කුට කඩුවලින් හා පොලූවලින් ඔවුන් පහරදි ඇත.

එම අවස්ථාවේ සමාජ ශාලාව ආසන්නයේ නවතා තිබුණ වාහන 10 ත් 15 ත් අතර ප්‍රමාණයකටද පහරදී අලාබකරන්නට එම පිරිස කටයුතු කර තිබුණි.

පහරකෑමෙන් තුවාල ලැබු වසන්ත හා සේවකයින් අනුරාධපුර රෝහලට ඇතුලත් කිරිමේදි වසන්ත මියගොස් ඇති බව රෝහල තහවුරු කළා.
මියයන විට 57 වන වියේ පසුවූ ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තවම තබා ඇති අතර පශ්චාත් මරණ පරීක‍ෂණය අද දින සිදු කිරීමට නියමිතයි’
අනෙක් තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මෙම පහරදිම සදහා පැමිණි පුද්ගලයින් තවම හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු කර නැත. අනුරාධපුර පොලිසිය විමර්ශන පවත්වා යයි.

කළු පටි ශුරයෙකු වන වසන්ත සොයිසා මහතා ගිනස් වාර්තා පොතේ නම සටහන් කරගත් අතලොස්සක් වූ ශ්‍රී ලාංකිකයන් අතර එක් අයෙකි.
ඔහු ගීනස් වාර්තාවක් තැබූ අවස්ථාවක වීඩියෝවක් පහතින්.




 
Related Posts with Thumbnails