Ads 468x60px

.

ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද අනුරාධ පුරේ ඉන්නේ බයියෝද - කියූ වසන්තට වෙච්චි දේ


ඊයේ අනුරාධපුරයේදී සිදුවූ උල් ආයුධ පහරදීමක් නිසා ගිනස් වාර්තා තැබූ කරාටේ ශූර වසන්ත සොයිසා (57) මහතා මියගියේය. ඔහුට අයත් පැනො රාමා නමැති රාත්‍රී සමාජ ශාලාව නවීන පන්නයේ එකකි. 

එහි රාත්‍රීකාලයේ මත්පැන්බී තරුණයන් නටන අතර එම ප්‍රදේශය අවට එළිවනතුරුම පවතින්නේ නොහික්මුණ වාතාවරණයක් බවද වාර්තා
වුණා. ශ්‍රීමහා බෝධියට පෙනෙන දුරින් පිහිටි මුදිතා මාවතේ මෙම සමාජ ශාලාව පිහිටා ඇත. පසුගිය කාලයේ මෙම සමාජ ශාලාව ඉවත් කළ යුතු එකක් බවටත් පූජා භූමියකට නොගැළපෙන්නක් බවටත් පාර්ලිමේන්තුවේද කතාබහට ලක්ව තිබුණා. 

ඒකාලයේ මෙම රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා මහතා මාධ්‍ය අමතමින් එයට පිළිතුරු දුන් අතර ඔහු කියා සිටියේ ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතරද අනුරාධපුරේ ඉන්නේ බයියෝද˜ යන වචන පෙළයි.

මුල් කාලයේ මෙම සමාජ ශාලාව අනවසරයෙන් පවත්වාගෙන ගිය එකක්ව තිබුණ අතර පසු කාලීනව එයට අවශ්‍ය අවසරය රජෙයෙන් ලබාගන්නට වසන්ත කටයුතු කර තිබුණ බවද වාර්තා වුණා.


ඊයේ ඇතිවුණ සිද්ධිය නිසා මෙම රාත්‍රී සමාජ ශාලාවේ කළමනාකරුවකු හා සේවකයන් දෙදෙනකුද පහරකෑමට ලක්‌ව තුවාල ලබා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තවම ප්‍රතිකාර ලබනවා.


තුවාල ලැබූවන් පුංචිකුලම, බුත්තල යන ප්‍රදේශවල අයයි. මම පහරදීම් වලින් සමාජ ශාලාව විශාල ලෙස විනාශ වී ඇති අතර රුපියල් මිලියන ගණනක අලාභයක්‌ සිදුවී ඇත. ඝාතනයට ලක්‌ වූ කරාතේ
ශූර වසන්තගේ සමාජජ ශාලාව ගැන පොලිසිය කථාබහහ කරන්නේද හොඳ ආකාාරයට නොවේ.

මම සමාජ ශාලාව සම්බන්ධයෙන් සතියකට පහරදීම් ඇතුළු සිද්ධීන් හතරක්‌ පහක්‌ පොලිසියට ලැඛෙන බවත් ඝාතනයට ලක්‌වූ වසන්තද අනුරාධපුර ප්‍රදේශය භීතියට පත්කර සිටි අයකු බවත් පොලිසිය පවසයි.


මෙම සමාජ ශාලාවට පැමිණෙන පිරිස්‌ සමග හා ආරක්‌ෂක අංශ සමගද මෙම ඝාතනයට ලක්‌ වූ පුද්ගලයා නිතරම ආරවුල් ඇතිකරගෙන පොලිස් පොතේ ලියවී ඇතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.


අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ හිටපු ආරක්‌ෂක අංශ නිලධාරියකු සමඟද කාලයක්‌ තිස්‌සේ වසන්ත ආරවුලක්‌ ඇතිකරගෙන සිට ඇත.


මෙම සමාජ ශාලාවේ සේවය කරන තරු‚යන්ටද පහරදෙන බවට පොලිසියට පැමි‚ලි ලැබී ඇත. සිද්ධිය වූ රාත්‍රියේද තරු‚යන් අට දෙනකු එහි සිට ඇති අතර පසුගිය කාලයේ මෙම ස්‌ථානය කිහිප විටක්‌ම පොලිසිය මගින් වටලා ඇති බවටද තොරතුරු තිිබේ.


පූජාභූමියක් අසළ පිහිටා තිබීම මත ප්‍රදේශයේ පිරිස් අතර ඔහුගේ සමාජ ශාලාව සම්බන්ධ විශාල විරෝධයක්ද තිබී ඇත. ඊයේ 20 දෙනෙකු පමණ පිරිසක් පැමිණ කඩු හා පිහි මගින් පහරදීමකින් කරාටේ
ශූර වසන්ත සොයිසා මියයාම සහ එම සමාජ ශාලාව පවත්වාගෙන ගිය වසන්තගේ කලහකාරී පැවැත්ම මත සිද්ධවූවක් වියහැකි බවට මත පවතී. 

ඔහුට විරුද්ධ විශාල පිරිස් අතරින් මෙවැන්නක් කළ අය කවුද යන්න පොලිසිය විමර්ශන කරමින් පවතී. දෙදරු පියෙකු වන පනස්‌ හත් හැවිරිදි වසන්ත සොයිසා මහතා ෂින් ක්‌යෝකුෂින් කරාටේ සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන කරාටේ උපදේශකවරුන් තිදෙනාගෙන් අයෙකි.

පසුගිය වසර කීපය තුළ කරාටේ ක්‍රීඩා අංශයෙන් ගිනස්‌ වාර්තා දහයක්‌ පිහිටුවා ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්කර දුන් දක්‌ෂ කරාටේ ක්‍රීඩකයකු වන  ඔහු ලබන විසි අටවැනිදා ජපානයේ පැවැත්වෙන ලෝක කරාටේ ශ+රතා තරගාවලියට යන්නට සිටි අතර අනතුරුව පෙරළා මෙරට පැමිණ තවත් ගිනස්‌ වාර්තා දහයක්‌ පිහිටුවීමට සූදානම්ව සිට ඇත.








 
Related Posts with Thumbnails