Ads 468x60px

.

ජපානයෙන් ගෙන්වන වාහනවල මිළ දැවැන්ත ලෙස ඉහළට...!


Toyota Axio 700,000කින්
Aqua 770,000කින්
Prius 1,150,000කින් වැඩිවෙනවලු.

ගැසට් අංක 1933/16 යටතේ ලංකාවට ගෙන්වන Toyota ඇතුළු ජපන් වාහනවල රේගු බඳු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අලුතින් ගෙන්වන වාහන සඳහා රේගු වටිනාකම් විශාල වශයෙන් වැඩි
වන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් පවසන්නේ.

මේ අනුව, Toyota Axio රථයක මිල රුපියල් 700,000 කින් වැඩි වන අතර Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් 770,000 කින් වැඩිවන බවට ඔහු පවසනවා.

එමෙන්ම Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් 1,350,000, මෙන්ම Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් 1,700,000 වැඩිකර තිබෙනවා.

Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල්  6,75,000 වැඩිකර තිබෙන බවත් Toyota Prius මෝටර් රථවල රේගු බදු 1,150,000 වැඩිකරඇති බවත් ඔහු අප සමඟින් පැවසුවා.

මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් 1,150,000 වැඩිකර තිබෙන අතර Mitsubishi Outlander රථයක රේගු බදු රුපියල් 850,000 වැඩිකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
 
Related Posts with Thumbnails