Ads 468x60px

.

වසන්ත මරාදමා තිබුනේ මුහුණට පොරොවෙන් කොටලා.


අනුරාධපුරයේ සමාජ ශාලාවකදී ගිනස් වාර්තා තැබූ කරාටේ වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන එස් එෆ් ලොක්කා තවමත් අතුරුදන්ව ඇත. 

සිද්ධිය වූ රාත්‍රියේ පැනොරාමා නමැති සමාජ ශාලාව වෙත 24 දෙනෙකු ගොස් තිබු අතර මේසන් කුලී කම්කරුවන් පිරිසක් සමග සමාජ ශාලාව
කුඩු කරන අතරතුර මෙම මිනීමැරුම සිදුකිරීමේ චේතනාවෙන් වසන්ත ඉදිරිපිටට ගොස් ඔහුට මරණීය පහර එල්ල කරනු ලැබුවේ එස් එෆ් ලොක්කා සහ ඔහුට හිතවත් නාවික සෙබළුන් දෙදෙනකි. 

එම පහර එල්ල කළ බව කියන නාවික සෙබළා සිද්ධියට දිනකට පසු පොලිසිය මගින් අල්ලා ගත් නමුත් එස් එෆ් ලොක්කා සහ අනෙක් නාවික සෙබළා අතුරුදන්ව සිටියා. මේ අතර ඊයේ වාර්තා වූයේ සිද්ධියෙන් පසු ගම අතැර ගිය අනෙක් නාවික සෙබළා කොටුවූ බවයි. 

කරේනගර් නාවික හමුදා කඳවුරට ගොස් සුපුරුදු පරිදි සේවය කරන්නට ඔහු ගොසින් තිබුනේ කිසිවක් වුනේ නැති ගාණටය. අනුරාධපුර පොලිසිය සිදු කළ සොයාබැලීම අනුව නැවක සේවය කරමින් සිටි ඔහු අල්ලා ගත් පසු පොලිසියට මෙසේ කියා තිබුනා.

එස්. එෆ් ලොක්කා මා හොඳට හඳුනනවා. අපි දෙන්නම ඉන්නේ අනුරාධපුරේ. වසන්ත සොයිසාට පහරදීමේ සිද්ධියට මමත් හවුල් වුණා. එතැන පහරදීමෙන් පස්සේ ලාච්චුවල මුදල් පැහැරගෙන යාම කළෙත් මමයි. ඒ සල්ලි සියල්ලම අපි කෑමට බීමට වියදම් කළා.


වසන්තට පහර දුන්නට පස්සේ මම කෙලින්ම ගියේ කරේනගර් නාවික හමුදා කඳවුරට. මා එහි සේවය කළා. මේ සිද්ධිය ගැන මාධ්‍ය වාර්තා මං නැවේ ඉඳිද්දි දැක්කා. ඒත් කාටවත් කියන්න ගියේ නෑ. 


අපිව කොටුවෙයි කියලා මා හිතුවේ නැහැ. පොලිසිය ඇවිත් නාවික හමුදාවේ සහය ලබාගෙන මාව අත්අඩංගුවට ගත්තා. වරදක් කරලා ඒකෙන් කවදාවත් බේරෙන්න බැහැ කියලා දැන් මට තේරෙනවා.

වසන්ත සහ ඉරොන් (එස්එෆ් ලොක්කා) කාලයක් තිස්සේ ගජ මිතුරන්ව සිටි බව කියැවුණත් මේ දෙදෙනා අතර විරසකය ආරම්භවී ඇත්තේ මින් ටික කාලයකට පෙරය. වසන්තගේ සමාජ ශාලාවේ බොන්නට හා කාන්තාවන් ඇසුරු කරන්නට ඉරෝන් නිතර ආව ගිය නමුත් මින් ටික කලකට පෙර රුපියල් 84000ක බිලක් නොගෙවා ඉරෝන් මාරුවී තිබුණ බවත් එම බිල ගෙවන තුරු යළි සමාජ ශාලාවට එන්නට නොදෙන බවට වසන්ත කියා තිබුණ බවත් පරීක්ෂණ වලදී වාර්තාවී තිඛෙනවා. 


දෙදෙනා අතර විරසකය ඇරඹී ඇත්තේ එතැන සිටය.

ඔහු විසින් වසන්ත ඝාතනය කර තිබුණ ආකාරය ඉතා ම්ලේච්ඡ සහගතය. මුලින් අල්ලාගත් නාවික සෙබළා ලවා පොරෝ පහර කොටා තිබුනේ වසන්තගේ මුහුණ මැදටය. ඔහු එතැනම ඇදවැටී මියගොස් තිබුණි. වසන්ත සොයිසාගෙන් පලිගැනීම සිදු කළ එස්එෆ් ලොක්කා තවම අතුරුදන්ව සිටී.
 
Related Posts with Thumbnails