Ads 468x60px

.

ශනුද්‍රිව වැස්සියකුට උපමා කරලා


හායි ශනුද්‍රි? කොහොමද ඉතින්?

හායි හායි... මම හොඳින්

මොනවද ඔබේ අලුත් වැඩ කටයුතු?


මේ දවසවල මගෙ රංගන ජීවිතයට විරාමයක් තබලා තියෙන්නෙ.

ඒ මොකද?

මං ලබන වසරෙ ඒලෙවල් විභාගයට මුහුණ දෙනවනෙ. ඒකයි.

රංගනය නැවැත්තුවත් ගායන ජීවිතයනම් තවම එහෙම්මමයි නේද?

ඔව් අනේ. ඒ සඳහා විශේෂයෙන් වැඩි කාලයක් කැප කරන්න අවශ්‍ය නැහැනෙ.

තනියම සින්දුවක් කියලා රිලීස් කළා කියලා ආරංචියි?

ඒකෙ නම ඔබේ ආදරේ. මං තනියම සිංග් කරපු පළමු සින්දුව එය ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්. මීට කලින් මං රිලීස් කරපු ඔක්කොම ගීත යුග ගීත. ඔබේ ආදරේ සින්දුව ලිව්වෙ අමිල කියලා අයියා කෙනෙක්. සංගීතය සංජුල හිමාලගෙ. වාසව බදුගේ අයියා වීඩියීව නිර්මාණය කළා.

ශනු, පසුගිය කාලවකවානුවේ ඔබ රට තුළ මහත් වූ ආන්දෝලනාත්මක චරිතයක් වුණා?

හ්ම්ම්... ඉතින්.

ආයෙ ඉතින් මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ? සිරස නාලිකාවේ ඔබ සහභාගී වුණ වැඩසටහනකදී නිවේදිකාව ඔබෙන් අප රට නිදහස ලැබුණු වර්ෂය මොකක්ද කියලා අහපුවාම ඔබ පිළිතුරු දුන්නෙ 1964 කියලා?

මට එදා වැරදුණා.

ඒ කියන්නෙ ඔබ රටේ නිදහස ලැබුණු අවුරුද්දවත් දන්නෙ නැහැ?

මං දන්නවා.

එහෙනම් කියන්න බලන්න?

එක්දහස් නවසිය හතළිස් අට.


ප්‍රෝගැම් එකේදී වැරදුණු පසුවද ඔබ ඇත්ත වර්ෂය හොයා ගත්තෙ?

අයියෝ නැහැ. මං ඊට කලින් ඉඳලා දන්නවා ලංකාවට නිදහස ලැබුණෙ එක්දහස් නවසිය හතළිස් අටේදී කියලා.

එහෙනම් එදා කිව්වෙ නැත්තේ?

ඒක පොඩි ෆනී ප්‍රෝගැම් එකක්. ජොලි උත්තර තමයි එයට සහභාගී වන්නන් දෙන්නෙ. මමත් එහෙම කළා.

ජනමාධ්‍ය තුළින් පෙන්වන දේ සහ සමාජය ජනපි‍්‍රය අය ජනමාධ්‍යට පැමිණ කරන ප්‍රකාශයන් සමාජයේ ගොඩක් දෙනෙක් පිළිගන්නවා කියලා ශනු දන්නෙ නැද්ද?

මං හිතුවෙ නැහැ වැඩේ මේච්චර දුර දිග යයි කියලා. නැත්නම් කීයටවත් එවැනි උත්තර දෙන්නෙ නැහැ. අනික ඒ වීඩියෝව මගෙ ෆේස්බුක් පේජ් එකට දැම්මේ මම. ඒක දුරදිග යන කේස් එකක් වේවි කියලා හිතුවා නම් කීයටවත් එහෙම කරන්නෙ නැහැ.

ඔබ විහිළුවට ගත්තු ප්‍රශ්නය වැරැදියිනෙ ශනුද්‍රි. මොකද එවන් වූ පැනයකට ජෝක් උත්තර දෙන්න කොහෙත්ම බැහැනෙ?

මං ආයෙ ප්‍රෝගැම්වල කතා කරද්දි මීට වැඩිය හිතනවා. මේක මට හොඳ පාඩමක්.

මේ සිද්ධිය හරහා ඔබට දැඩි මඩ ප්‍රහාර එල්ල වුණා. විශේෂයෙන් ෆේස්බුක් එකේ ඔබට නානාප්‍රකාර පෝස්ට් දැම්මා?ඇතැම් අය ඔබව වැස්සියකුට උපමා කරලා තිබුණෙ?

මට මොනවා කිව්වත් කමක් නැහැ. මං ඔබ කියපු පෝස්ට් එක පවා දැක්කා. මට තරහා ගියෙ නැහැ. හැබැයි මගෙ අම්මට තාත්තට බැනපුවා දැකලා නම් හොඳටම කේන්ති ගියා. මට ඕන එකක් කියන්න. ඒත් මගෙ මව්පියන්ට මුකුත් කියන්න එපා. එහෙම කරන්නෙ මවුපියන්ගෙ අගය දන්නෙ නැති අය.

ඔබට තවම වයස අවුරුදු 18 යි. මෙච්චර පුංචි වයසකදී ඔබ වැනි අයකු කොහොමද මේ මඩ ප්‍රහාර විඳදරා ගත්තෙ?

වෙබ් සයිට්වල මේ මඩ නැගිල්ල දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. මට දැකලා දැකලා හොඳට හුරුයි මේ දේවල්. අනික මගෙ මව්පියො හැමතිස්සෙම මගෙත් එක්ක හිටියා. ඒකත් ප්‍රධාන හේතුවක් මට මානසිකව නොවැටීමට.

ඔබේ වැඩිමල් සහෝදරියෝ, ඩිනක්ෂි සහ ශේෂාද්‍රි මොකද මේ කතාව ගැන කිව්වෙ?

වෙලාවට ඒ අය බැන්නෙ නැහැ. මට හොඳින් කියලා දුන්නා ආයෙ ප්‍රෝගැම් එකක කතා කරන විදිහ .

මේ වගේ සිද්ධියකදී ලංකාවේ මිනිස්සු ක්‍රියා කරන ආකාරය ගැන මොනවද කියන්න තියෙන්නෙ?

ඇත්තටම කිව්වොත් ලංකාවෙ මිනිස්සු දෙයක් කරන්න, කියන්න කලින් දෙවතාවක් හිතන්නෙ නැහැ. මඩ ප්‍රචාර දියත් කරන බොහෝ දෙනකු එහෙම කරන්නෙ වෙන වැඩක් නැති නිසා. බලාගෙන ගියාම වෘත්තීය වශයෙන් මඩ ප්‍රහාරකයො ලංකාවෙ ඉන්නෙ. ඒ තත්ත්වය වෙනස් වෙනවා නම් හොඳයි. මොන දේ වුණත් මං මේ රටේ මිනිස්සුන්ට වෛර කරන්නෙ නැහැ.

කවදද අන්තිමට අම්මගෙන් ගුටි කෑවේ?

ළඟදිනම් ගුටි කෑවේ නැහැ. හැබැයි ඊයෙ පෙරේදා දවසක අම්මගෙන් කන පුරවලා බැනුම් ඇහැව්වා.

ඒ මොකද?

මං යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකක් බලන්න යන්න ඇහැව්වා. අම්මා තදින්ම දොස් කිව්වා. මං පොඩ්ඩක් නහයෙන් ඇඬුවා. එතකොට තමයි හොඳටම බැන්නෙ.

ඔබ එදා මොකද කළේ?

මොනවා කරන්නද ෂෝ එකේ ගමන සිතින් අත ඇරලා ගෙදරට වෙලා හිටියා.

ශනුද්‍රි, අම්මට බයයි වගේ?

අම්මෝ ඔව්, අම්මව තරහ කරගෙන බැහැ. තාත්තා නම් කොහොමත් ෂේප්නෙ.

ඔබ දැන්වත් විශ්වාස කරනවාද ඔබ ගැන බොහෝ දෙනකු අවධානයෙන් ඉන්නෙ කියලා?

ඔව්. ඒක ඇත්ත. මගෙ වයසට වඩා මං ජනපි‍්‍රයයි කියලා මට දැනුණා අර සිද්ධියෙන් පස්සේ.

ශනුද්‍රි ඉන්න චිත්‍රපටයක මේ දිනවල තිරගත වනවා?

ඒක තමයි ලැන්ටිං සිඤ්ඤෝ. කාලෙකට කලින් තමයි එය රූගත කළේ. මං ඒකෙ ලොකුවට පේන්න නැති වුණත් මං තමයි ඒකෙ පෙම්වතියගේ චරිතය රඟපාන්නෙ. මේ ළඟදි පවුලෙ අයත් එක්ක චිත්‍රපටය බැලුවා. හොඳ කමෙන්ට් ආවා එයාලගෙන්.

ශනුද්‍රි පුවත්පතකට පවසලා තිබුණා අනාගතයේ ගුරුවරියක් වෙන්නට ආසයි කියලා?

බොහෝ දෙනකු විවේචනයට ලක්කළා ඒ කාරණය.මගෙ හිතේ තවමත් ඒ බලාපොරොත්තුව තියනවා. මං කියන්නෙ ඔවැනි පොඩි සිද්ධියකින් මගෙ අනාගතය තීරණය කරන්නට එපා කියන එක.
 
Related Posts with Thumbnails