Ads 468x60px

.

බස් රියදුරු රාජකාරිය අමතක කර තරුණිය රැකගනී (වීඩියෝ)


බස් රථ රියැදුරෙකු සිය රාජකාරිය මොහොතකට දෙවැනි කොට ජීවිතයක් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් අන්තර්ජාලය ඔස්සේ ඔස්සේ පළ වී තිබෙනවා.

පසුගිය ඉරිදා දහවල් අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී රියැදුරු එකවරම බස් රථය නවතා ඉතා ඉක්මනින් බසයෙන් බැස ගොස්
යැංසි ගංඟාවේ පාලමක් මතින් ගඟට පැනීමට උත්සාහ කරන තරුණියක බේරා ගන්නවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ, නැගෙහිර චීනයේ ජැන්ග්සිව් පළාතේ නංජින්ග් නගරයෙන්.

පසුව එම තරුණියව බස් රියදුරු තවත් මගියෙකුගේ සහය ඇතිව බලහත්කාරයෙන්  බස් රථයට ඇතුළු කරගන්නවා. එරට පොලීසිය පවසා ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ඇය එලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

 
Related Posts with Thumbnails