Ads 468x60px

.

ලංකාවේ පරණ වාහන අප්‍රිකාවට යවනවලු..


ශ‍්‍රී ලංකාවේ භාවිත කෙරෙන පැරණි වාහන අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීමට පියවර ගැනෙනු ඇති. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

දේශපාලන ආරංචි පවසන්නේ ඒ සඳහා දිරි දෙමින් නව යෝජනා කිහිපයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි. දැනට පවතින ප‍්‍රවණතාවන් අනුව වසර දහයේ සිට විස්ස දක්වා පැරණි වාහන වුවද

අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීමට හැකියාව තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ඇති පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීමයි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන්නේ.

එවැනි වාහන වැඩි ප‍්‍රමාණයක් භාවිතයේ තිබීම ප‍්‍රධාන නගරවල පවතින රථවාහන තදබදයට ද හේතු වී ඇතැයි පෙනී ගොස් තිබෙනවා. පැරණි වාහන පරිසර දූෂණයට ද හේතුවක් බවයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ. 


 
Related Posts with Thumbnails