Ads 468x60px

.

අගනුවර මහනුවර කියපු 'දසුන් සහ ශනුද්‍රි' පෙම්වතුන් වෙලා ද?


දසුන් සහ ශනුද්‍රි එක්තරා රුපවාහිනී වැඩසටහනක් නිසා පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවිවල ජනප්‍රිය චරිතයක් වුණා.මේ අතරේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් කියලත් රාවයක් මේ වෙබ් අඩවි ඔස්සේ පැතිර ගියා.

මේ සම්බන්ධයෙන් දසුන් මාධ්‍යට කළ කරුණු පැහැදිලි කිරීමක් පහත දැක්වෙනවා.

කොහොම හරි වැඩසටහනකට ගිහින් නා ගත්තා නේද?

සමහරු "නා ගත්තා" කියනවා. තවත් සමහරු "විහිළුවක් වුණා" කියනවා. තවත් අය වැඩසටහන "විහිළුවකට ගත්තා" කියනවා. එක එක්කෙනා එක

එක විදියෙන් අර්ථ දක්වනවා. හැබැයි ඔය ඔක්කොම පිටින් බලලා කියන කතා. ඇත්ත කවුරුත් දන්නෙ නෑනේ.

කොහොම හරි දසුන් ලංකාවෙ අගනුවරයි, ලංකාවට නිදහස ලැබුණ දවසයි දැනගෙන හිටියෙ නෑ නේද?

ඒ දෙක දන්නෙ නැත්නම් ලංකාවෙ ඉඳලත් වැඩක් නෑනේ... හැබැයි අපේ ඔළුවල තියෙන්නේ මියුසික්... අපි ඉන්නේ ඒ ලෝකේ... ගහෙන් ගෙඩි එනවා වගේ ඇහුවාම එකපාරටම මතක් නොවෙන්න පුළුවන්. ඒත් පස්සේ අපි හරි උත්තරේ කිව්වා... ඒක වැඩසටහනේ තිබ්බෙ නෑ.

ඇත්ත ඒක නම් වෙච්ච දේ වැරදියි නේ.දසුන්ලට වෙච්ච හානියට එතකොට වගකියන්න ඕනෑ වැඩසටහන් නිෂ්පාදකවරයාද?

නෑ... නෑ... ඔහුත් අපි වගේම ඒක මහා ලොකුවට හිතුවෙ නෑනේ... එයා වුණත් හිතුවෙ වැඩසටහනේ විනෝදාස්වාදය ගැනනේ... මට ආදරය කරන ලංකාවේ කොල්ලො ටික ඕක ජාතික ප්‍රශ්නයක් කර ගනීවි කියලා නිෂ්පාදකවරයාවත් හිතන්න නැතිව ඇතිනේ. කොහොම වුණත් මට දුක ශනුද්‍රි ගැන. මම කොල්ලෙක්. එයා කෙල්ලෙක්නේ... මට වඩා එයා අපහසුතාවට පත් වෙනවානේ.

මොන ක්ෂේත්‍රයේ හිටියත් රට තොට ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ නේද?

ඒක ඇත්ත. හැබැයි අපි සියල්ලදත්ලා නෙමෙයි. අපි කාටත් වැරදෙන්න පුළුවන්. අඩුපාඩු පෙන්නලා දෙන එක වෙනම දෙයක්. හැබැයි ඇරියස් කවර් කරන එක වෙනම දෙයක්.

කේන්තියෙන්ද කතා කරන්නේ දසුන්...?

නෑ... පොඩ්ඩක්වත් කේන්ති නෑ... බල්ලො අපිව කෑවා කියලා අපි බල්ලන්ව කන්නේ නෑනේ... මොකද අපි මිනිස්සුනේ. කොහොමත් අපේ කොල්ලන්ට මාත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවානේ... මේ සිද්ධිත් එක්ක ඒ ඇරියස් කවර් වෙන්න ඇති.

මොකක්ද ඒ කතාවෙ තේරුම...?

නෑ... ඉතින් ඔය මට ආදරය කරන අය ආදරේට කරන දේවල්නේ... මම ඕවගෙන් සැලෙන්නෙ නෑ... මාව වට්ටන්නත් බෑ... මොකද මම ස්ත්‍රී දූෂණ කරපු, වංචා කරපු, හොරකම් කරපු, අපරාධකාරයෙක් නෙමෙයිනේ... ඒත් අපේ කොල්ලො ප්‍රශ්න දෙකකට වැරැදි උත්තරයක් දුන්නා කියලා මූණු පොතේ මඩ ගහන්නේ අපරාධකාරයෙක් වගේනේ... මෙච්චර කාලයකට මම ගොසිප් කැරැක්ටර් එකක් වුණේ නැහැ. මොකද එහෙම වෙන්න හේතුවක් තිබුණේ නැහැ. දැන් ඉතින් ඒකත් හරිනේ.

පසුතැවීමක්ද තියෙන්නේ...?

අපෝ නෑ... මම පසුතැවෙන්නෙ නෑ... ඇයි මම පසුතැවෙන්නේ... මම වරදක් කළේ නෑනේ... අනිත් එක කවුරු මොනවා කිව්වත් මම කරන කියන දේ නතර වෙන්නෙත් නෑ... මාව දිරවන්නෙ නැති අය, මගේ සින්දුවලට අකමැති අය ඒ සින්දු අහන්නෙ නෑ කියලා මම සින්දු නොකියන්නෙත් නෑ... ඔය වගේ දේවල්වලින් මාව වට්ටන්න බෑ.

දසුන්-ශනුද්‍රි පෙම්වතුන් කියලා රාවයක් යනවා...?

ඔව්... ඒවත් ඔය සමාජ වෙබ් අඩවිවල හපන්කම් තමයි. නිකන් ඉන්න අයට කරන්න වැඩක් තියෙන්න ඕනෑනේ... ඒ අය තමන්ට හිතෙන හිතෙන දේ හොයලා බලන්නෙ නැතිව පළකරනවා. ඒකෙන් අනිත් මනුස්සයට වෙන හානිය ගැන හිතන්නෙ නෑ... ඇත්තක් නම් කිව්වත් කමක් නෑ.

කොහොමින් කොහොම හරි පැය ගාණක් ඇතුළත දසුන් මූණු පොතේ චරිතයක් වුණා...?

ඔව්... සුජීට පස්සේ  හිට්ම චරිතය වුණේ මමනේ... එක අතකට ඒකත් හොඳයි තව ටික දවසකින් මගේ සින්දුවක් එළියට ආවහමත් කියයිනේ ලංකාවෙ අගනුවර මහනුවර කියපු අයියාගේ සින්දුවක් කියලා. ප්‍රචාරණ වියදමක් නැතුවම පබ්ලිසිටි ලැබෙනවා.
 
Related Posts with Thumbnails