Ads 468x60px

.

වරදට දඬුවමක්‌ ලෙසින් සුළඟේ පාවුණු කොන්දොස්‌තරවරයාගේ මුදල් නෝට්‌ටු...


එය ලංගම බස්‌ රථයකි. ගාලු දිසාවේ සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබිණි. හික්‌කඩුව බස්‌ නැවතුමේ නතර කළ බස්‌ රථයෙන් පිරිසක්‌ බැසගත් අතර පිරිසක්‌ ගොඩවිය.

කොන්දොස්‌තරවරයා පා පුවරුව ආසන්නයේ සිට ටිකට්‌ කඩමින් සිටියේය. බස්‌ රථය මේ වන විට සීනිගම දේවාලය ආසන්නයට පැමිණ

තිබිණි. මගියකු ප්‍රවේශ පත්‍රයක්‌ දී මුදල් ගනිමින් සිටියේය. කොන්දොස්‌ තරවරයාගේ මුදල් ඒ වන විට ටිකට්‌ පොතේ රඳවාගෙන තිබිණි.

ප්‍රවේශ පත්‍ර දී ඉතිරි මුදල් දීමට සූදානම් වෙද්දී මුහුදු වෙරළ දෙසින් සුළඟක්‌ එකවර හමා ගියේය. කොන්දොස්‌තරවරයාගේ ටිකට්‌ පොතේ මුදල් නෝට්‌ටු සියල්ල සුළඟේ පාවී ගියේ කොන්දොස්‌තරවරයාට කිsසිවක්‌ කර කියා ගැනීමට ඉඩ නොතබමිණි.

වහා බස්‌ රථය නතර කර ගැනීමට කොන්දොස්‌තරවරයා සමත් වුවත් මුදල් සුළඟේ ගිය ස්‌ථානයේ බස්‌ රථය බොහෝ දුරක්‌ ගොස්‌ තිබිණි.

වහා බැසගත් කොන්දොස්‌තරවරයා සුළඟේ ගිය මුදල් නෝට්‌ටු සොයා ගියත් ඒ වන විටත් පාරේ ගමන් කළ බොහෝ දෙනා ඒ මුදල් ඇහිඳගෙන ගියේ කොන්දොස්‌තරවරයා දිව එන බව දැක දැකය.

මුදල් කිසිවක්‌ කොන්දොස්‌තරවරයාට හමු නොවීය. අනේ දෙවියනේ අසරණ මම මුදල් ඩිපෝවට කෙසේ ගෙවන්නේ දැයි කියමින් සීනිගම දෙවොල් දේවාලය දෙසට දැත දිගුකරමින් කියා සිටියේය.

සීනිගම වරදට දඬුවම් දෙන තැනක්‌ බැවින් කොන්දොස්‌තරවරයාට ද එසේ දඬුවමක්‌ දෙන්න ඇතැයි මගීහු කීහ.
 
Related Posts with Thumbnails