Ads 468x60px

.

ගිණුමක් නැතුව දැන් Skype සංවාදයක නිරත වන්න පුළුවන් (වීඩියෝ)


සාම්ප්‍රදායික ආකාරයට Skype හරහා ඔබට යම් පුද්ගලයකු සමඟ සම්බන්ධ වීමට ඔබටත් අනෙක් පාර්ශවයටත් Skype ගිණුමක් (Account) තිබීම අනිවාර්යය වේ. නමුත් මොහොතක් සිතන්න ඔබට හමුවන පුද්ගලයෙක් සමඟ Skype හරහා Call එකක් සඳහා ආරාධනා කලවිට ඒ පුද්ගලයා හට Skype ගිණුමක් නොතිබුනොත් ?… 

ඔබ අපහසුතාවයට පත්වනවා නිසැකයි. නමුත් මේ දුෂ්කරතාවයට පිළියමක් ලෙස Microsoft සමාගම අද දින Skype සඳහා නව හඳුන්වා
දීමක් සිදුකලා. ඒ Skype ගිණුමක් නොමැති වූවද Link එකක් Share කිරීම මඟින් ඔබ සමඟ අනෙක් පාර්ශවයට Skype for Web හරහා සම්බන්ධ වීමේ විශේෂාංගයයි.

ඔබ දැන් මොහොතකට Skype වෙත log වෙලා බැලුවොත් වම්පස Contacts ති තීබෙන තීරූවේ New කියන button එක දැකගන්නට පුලුවන්. ඒ button එක click කිරීමෙන් පසු ඔබට Skype හි පහතින් Your Conversation is all setup ලෙස Link එකක් දිස්වනු ඇති. 

එය Copy කර ඔබට අවශ්‍ය, Skype නොමැති කෙනෙක්ට Share කරන්න එවිට ඒ පුද්ගලයා Link එක Open කල සැනින් Skype for Web හරහා ඔබ සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වන්නට පුලුවනි. 

මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් නම් Group call හා group chat කිරීමට හැකිවීම. Skype Account එකක් නැති ඕනෑම අයෙක්ට මේ ක්‍රමයට සංවාදයක් ආරම්භ කරන්නට පුලුවනි. ඔබත් උත්සාහ කර බලන්න.

 
Related Posts with Thumbnails