Ads 468x60px

.

අභ්‍යවකාශ සුන්බුන් කොටස දහවල් 11.45 ට පමණ දකුණු මුහුදු වෙරළට කඩා වැටෙයි...


අභ්‍යවකාශ රොකට්‌ටුවක ඉන්ධන ටැංකියක කොටසක්‌ හෝ රොකට්‌ටුව ක්‌ පණගන්වන බූස්‌ටරයක කොටසක්‌ යෑයි කිව හැකි සුන්බුන් කොටසක්‌ නොවැම්බර් 13 දා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් සැතපුම් 62 ක්‌ ඈත මුහුදු ප්‍රදේශයට වැටීමට නියමිතය.

මෙම සුන්බුන් කොටස පෘතුවියේ ගුරුත්වාකර්ෂණයට අසුවීමත් සමගම ගිනි ගන්නා නිසා ඉන් විපතක්‌ සිදු නොවන බව කියති.

WT1190f නමින් හඳුන්වන මෙම අභ්‍යවකාශ සුන්බුන් කොටස ග්‍රිනිච් වේලාවෙන් 6.20 ට මුහුදට පතිතවීමට නියමිතය. පසුගිය ඔක්‌තෝම්බර්

3 දා මෙය සොයාගනු ලැබුවේ අභ්‍යවකාශ විමර්ශකයකු වූ රෝස්‌ මැට්‌නියයි. කැටලිනා අභ්‍යවකාශ විමර්ශන ආයතනය දක්‌වන්නේ එකී සුන්බුන් කොටස්‌ කුඩා බවයි.

මෙය මුලින්ම උල්කාපාතයක කොටසක්‌ යෑයි සිතුවත් පසුව එම අදහස බැහැර වී ඇත.

මේ අතර යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ පෘතුවියට කඩා වැටෙන සුන්බුන් කොටස්‌ පැරණි අභ්‍යවකාශ යානාවක කොටසක්‌ බවයි. සමහර විට එය අභ්‍යවකාශය තුළ අත්හැර දැමූ ඇපලෝ යානාවේ උපාංගයක කොටසක්‌ විය හැකි බවට ඔවුහු හෙළි කර ඇත.

එහෙත් මේ "සුන්බුන්" නිසිලෙස හඳුනාගෙන නැත. පිහිල් ප්ලයිට්‌ නැමැති ලේඛකයා පවසන්නේ අද කඩා වැටෙන එම අභ්‍යවකාශ සුන්බුන් කොටස ගැන බියක්‌ ඇති කර නොගත යුතු බවත් ඇමරිකානු වේලාවෙන් 1.20 ට එය පෘතුවියට ඇතුල් වී ගිනි ගන්නා බවයි. 


2008 වසරේදී අභ්‍යවකාශයේ සිට පෘතුවියට පැමිනි ඔC3 සහ 2014 දී AA නැමැති උල්කාපාතය අපි දුටුවා එහෙත් මෙවර පෘතුවියට කඩා වැටෙන්නේ උල්කාපාතයක්‌ නොවෙයි යෑයි ඔහු කියා සිටියේය.

අද වැටෙන අභ්‍යවකාශ කැබැල්ල ග්‍රහලෝකාගාරයෙන් නිරීක්‍ෂණය කෙරේ

දකුණු මුහුදු වෙරළට අද (13 වැනිදා) දහවල් කාලයේ පතිත වීමට නියමිත ආකාශ වස්‌තුව නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය තීරණය කර ඇත. ඒ අනුව එම ආකාශ වස්‌තුව තංගල්ල ප්‍රදේශයේ සිට නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය බලාපොරොත්තු වේ.

අඩි 6.5 ක්‌ පමණ වන මෙම අභ්‍යවකාශ කැබැල්ල නිරීක්‍ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයකින් මුහුදට පතිත වනු ඇතැයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ පෘථිවියට ආසන්න ආකාශ වස්‌තූන් අධ්‍යයනය කරන මධ්‍යස්‌ථානය සඳහන් කර ඇතැයි විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

WT1190f ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ වස්‌තුව නිරීක්‍ෂණය කිරීමට යම් අයෙක්‌ බලාපොරොත්තුවේ නම් උදේ 10.30 සිට 12.30 දක්‌වා කාලය තුළ නිරීක්‍ෂණය කිරීම වඩාත් සුදුසු යෑයි ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අභ්‍යවකාශයට යවන ලද රොකට්‌ටුවක කැබැල්ලක්‌ අද (13 වැනිදා) දහවල් 11.45 ට පමණ දකුණු මුහුදු වෙරළේ සිට සැතපුම් 65 ක්‌ පමණ දුරින් මුහුදට පතිත වනු ඇති බවට විද්‍යාඥයන් සොයාගෙන ඇතැයි ද විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


පියවි ඇසින් නිරීක්‍ෂණය ඉතා අපහසුයි
- ආතර් සී ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ විද්‍යාඥ චන්දන පීරිස්‌


ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට අද (13 වැනිදා) පෙරවරු 11.50 ට පමණ කඩාවැටෙන බවට සැලකෙන අභ්‍යවකාශ කසළ කැබැල්ල පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීම ඉතා අපහසු බව ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ විද්‍යාඥ චන්දන පීරිස්‌ මහතා පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ චන්දන පීරිස්‌ මහතා මෙම කසළ කැබැල්ල පෘථිවියේ වායුගෝලයට ඇතුළුවෙන්නේ කිලෝමීටර් 80-100 ක්‌ අතර දුරකින්. එම අවස්‌ථාවේදී මෙම කසළ කැබැල්ල කුඩුවෙලා විනාශ වී යා හැකි බවට විද්‍යාඥයන් නිගමනය කර තිබෙනවා. 


නමුත් මෙහිදී විනාශ වී යන කසළ කැබලි බිමට වැටීමෙන් අනතුරු වීමේ ඉඩක්‌ තිබෙනවා. විශේෂයෙන් ගුවන් යානා මෙන්ම ධීවර බෝට්‌ටුවලට අනතුරු වෙන්න පුළුවන්. එම නිසා මෙම කසළ කැබැල්ල වැටෙන කලාපය අවදානම් කලාපයක්‌ ලෙස නම් කර තිබෙනවා යෑයි පැවසීය.
 
Related Posts with Thumbnails