Ads 468x60px

.

නිවුන් සොයුරන් කටේ රුවාගෙන උපන් බිළිඳියට කල විශ්මිත සැත්කම (පින්තුර)


දින තුනක බිළිඳියකගේ දිවි ගලවා ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු විශ්මිත සැත්කමක් සාර්ථක වී තිබෙනවා. මෙසේ සැත්කමට භාජනය කොට ඇත්තේ වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියකි.

මහමෝදර මහ රෝහලේ දී උපත ලද මේ දැරිය කුසේ සිටියදී දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර සිසේරියන්

සැත්කමකින් දරුවා බිහිකර තිබුණි.

උපන් බිළිඳියගේ කටේ විශාල ගෙඩියක් එල්ලෙමින් තිබි ඇති අතර මේ හේතුවෙන් ඇගේ කට වැසීමටද නොහැකිව තිබී ඇත. දැරියට මව් කිරි බීමට ද හැකියාවක් තිබී නැත. ඇය නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ වෛද්‍යවරු උදරයෙන් බටයක් යවා ඇයට මව්කිරි දිමට කටයුතු කර තිබේ.

දැරිය පරීක්ෂා කළ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය ශල්‍යකර්මයකට යොමු කළ යුතු බවය. ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.කස්තුරි හා මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.කේ.ඩයස් මහතා ශල්‍ය කර්මය සිදුකකළ අතර නිර්වින්දන කටයුතු සිදුකරන ලද්දේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතාය.

ශල්‍ය කර්මයෙන් ඉවත් කළ කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කළ අතර එහි එක් කලලයක් නොව වර්ධනය නොවූ කළල දෙකක් ඇති බව දැකගන්නට ලැබී තිබේ.



Baby www.nethfm.com00001 Baby www.nethfm.com00002 Baby www.nethfm.com00003 Baby www.nethfm.com00004
 
Related Posts with Thumbnails