Ads 468x60px

.

උපේක්ෂා සහ අකලංක දැන් මුහුණට මුහුණ බලන්නේ නැතිලු - ‘සින්ඩ්‍රෙල්ලා’ ඇන හිටී..


ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ රංගන ශිල්පියෙකු වන අකලංක ගනේගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි අතර ඇති ආරවුල හේතු කොට ගෙන ඔවුන් දෙදෙනා එක්ව රඟපාන ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය දෙසැම්බර් මස මැද හාගයේ තිරගත වීමට නියමිතය.

චිත්‍රපටය රූගත කරන අතරවාරයේ උපේක්ෂා සහ අකලංක අතර ප්‍රේම සම්බන්ධයත් ඇති වූ බව ප්‍රසිද්ධ රහසක් වන අතර පසුකාලීනව එම

සම්බන්ධය බිඳ වැටී ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ නොබලන තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ හේතුව නිසාම චිත්‍රපටයේ කිසිදු පූර්ව ප්‍රචාරක කටයුත්තකට එකට සහභාගි වීම උපේක්ෂා සහ අකලංක ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව චිත්‍රපටය සම්බන්ධයෙන් කිසිදු රූපවාහිනි වැඩසටහනකට හෝ පුවත්පත් සාකච්ඡාවකට උපේක්ෂා සහ අකලංක එකට සහභාගි නොවනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය මේ වන විට බලවත් ගැටලුවකට මුහුණ පා ඇත. මෙහි විශේෂත්වය වන්නේ උපේක්ෂා සහ අකලංක සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බෙහෙවින් ප්‍රේමණීය චරිත දෙකක් වීමයි.


 
Related Posts with Thumbnails