Ads 468x60px

.

දමිතාගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි දන්නවාද?


රංගන ශිල්පිනියක ලෙස නමක් දිනා සිටින දමිතා අබේරත්නත් අද ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවීම ගැන කාට කාටත් ප්‍රශ්නයක්
වෙලානේ. මේ කොමිසමට දැන් කවුද කැඳවන්නේ නැත්තේ කියන ප්‍රශ්නයත් මේ වගේ කතා ඇහෙනකුට හිතෙන්න පුළුවන්.

කොහොම කොහොම හරි දමිතා කැඳවලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට කියලයි ආරංචි. 


මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර, රංගන ශිල්පිනී රුවන්ති මංගලාගෙන් ද කොමිසම මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබූ බව වාර්තා වුණා.

කටුනායක ප්‍රදේශයේ පැවැත්වූ සංගීත සංදර්ශණයක සිදු වූ මූල්‍යමය අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රශ්ණ කිරීමට මෙසේ කැඳවූ බව ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රසංගයේ ආහාර සැපයීම් කටයුතු පිළිබඳව තමාගෙන් විමසූ බව පැවසූ දමිතා වැඩිදුරටත් සඳහන් කළේ "කෑම සම්බන්ධව මං මොනවත් දන්නෙ නෑ. මොකද මං කන්න ගියෙ නෑ. මං සින්දු කියලා අනෙක් සංදර්ශණයට සහභාගී වුණා" යනුවෙනි.

එහි දෙරණ වීඩියෝව පහතින් නරඹන්න.


 
Related Posts with Thumbnails