Ads 468x60px

.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන සැක..?

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රෝගාතුර වූ පසු ප්‍රතිකාර සිදුකළ ආකාරය ගැටලූ මතුකරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. 

මහාචාර්යවරයා සඳහන් කළේ සෝභිත හිමියන් කෙටි කාලයක් තුළ රෝහල් 06 කින් ප්‍රතිකාර ලබා ඇති බවයි. සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට සති අන්ත මුද්‍රිත මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගිය සැප්තැම්බර් මස 10 වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය කරනු ලැබුවා. 

දින කිහිපයක් එහි ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ රෝහලින් පිටත්ව නාග විහාරයට වැඩම කරනු ලැබුවේ වෛද්‍යවරුන් දුන් උපදෙස් මතයි.

විහාරස්ථානයේ වැඩවසමින් සිටි උන්වහන්සේට විවේකීව සිටීම සඳහා මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළුවන ලෙසට ආරාධනා

වක් ලැබුණු බව ද කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමියන් ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලක සෝභිත හිමියන් ඇතුළත් කිරීම ගැටලූ මතුකරන බවයි. විවේකීව සිටීමට රෝහලට පැමිණියත් උන්වහන්සේ බැලීමට පැමිණි පුද්ගලයින් සීමා කිරීමට රෝහලට නොහැකි වූ බව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂවරයා පිළිගත්තා.

සංකූලතා ඇතිවීමෙන් පසු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් නොවැම්බර් 03 වනදා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට වැඩම කරවනු ලැබුවා. උන්වහන්සේ එම රෝහලේදී අපවත් වූයේ පසුගිය 08 වනදායී.


මනාව සැලසුම් කරන ලද හෘද සැත්කමකින් පසු සංකූලතා ඇතිවීම කෙරෙහි දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පෙන්වා දෙන්නේ. 

ඔහු කියා සිටියේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර සිදුකළ ආකාරය ගැටලූ මතුකරවන බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට උරදුන් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රැකගැනීමට සමස්ත වෛද්‍ය ප්‍රජාවට සහ සමස්ත සෞඛ්‍ය සේවයට නොහැකිවීම කණගාටුවට කරුණක් බවද මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.

සෝභිත හිමියන්ට සංකූලතාවයක් ඇතිවීම සිදුවු ක්‍රමවේදයේ වරදක් වී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් යුතු පැවැත්විය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා
සඳහන් කළේ. 

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න පැවසුවේ මෙවැන්නක්.

"මාදුළුවාවේ සෝභිත හිමියන් අපේ රෝහලට ඇතුළත් වුණේ කිසිම ප්‍රතිකාරයක් සදහා නෙමෙයි, ඇත්ත වශයෙන්ම කියනවා නම් ස්වාමීන් වහන්සේට ශල්‍යකර්මය කරලා තිබුණේ කොලඹ රෝහලක, ස්වාමීන් වහන්සේ රෙස්ට් කරන්න තමයි අපේ රෝහලට පැමිණියේ, ඒ ඇරෙන්න කිසිම ප්‍රතිකාරයක් කිසිම ශල්‍ය කර්මයක් අපේ රෝහලේ කළේ නැහැ..."

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලක සෝභිත හිමියන් ඇතුළත් කිරීම ගැටලු මතුකර වන්නක් බවයි. සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා -

"අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පසුව දැනගන්නට ලැබිලා තිබෙනවා උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක තමන්ගේ සැත්කමෙන් පසුව සංකුලතාවයකින් තොරව හිටිය බවට, ඉන් පසු අදාළ රෝහලෙන් මාලඹේ සයිටම් ආයතනයට අනුබද්ධව පවත්වාගෙන යන ඩොක්ටර් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගිය බවත්,මෙහිදී බලාපොරොත්තු නොවූ පරිදි සංකුලතාවයන් මතුවෙලා අවසානයේදී සිංගප්පූරුවට ගෙනියන්න තීරණය වෙලා තියෙනවා..."

විවේකීව  සිටීමට රෝහලට පැමිණියත් උන්වහන්සේ බැලීමට පැමිණි පුද්ගලයින් සීමා කිරීමට රෝහලට නොහැකි වූ බව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය සමීර සේනාරත්න පිළිගත්තා.

"මම ඒකතමයි කිව්වේ විසිටර්ස්ලා කොච්චර ආවද ස්වාමින්වහන්සේ බලන්න, අපට මොනව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණත්.. ස්වාමීන් වහන්සේව බලන්න ආව විසිටර්ස්ලා කන්ට්‍රෝල් කරන්න අපට ශක්තියක් ලැබුණේ නැහැ..."

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට උරදුන් මාදුළුවාවේ සෝභිත හිමියන් රැකගැනීමට සමස්ත වෛද්‍ය ප්‍රජාවට සහ සමස්ත සෞඛ්‍ය සේවයට නොහැකිවීම කනගාටුවට කරුණක් බව ද මහාචාර්ය කාලෝ
ෆොන්සේකා පවසනවා.

"මෙහිදී යම්කිසි සංකුලතාවයක් ඇතිවීම.. සිදු වූ ක්‍රමවේදයේ වරදක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් පරීක්ෂණයක් පවත්වන එක උචිත බව තමයි අපේ හැගීම වෙලා තියෙන්නේ.." -  වෛද්‍ය නවීන්ද සොයිසා අවධාරණය කරයි.


බයිපාස් සැත්කමකින් පසු මතුවී දරුණු නිව්මෝනියාව දක්වා ගිය සෝභිත හිමියන්ගේ රෝග තත්වයන් ගැන මතුකරන සැක සහිත කරුණු...

අපවත්වී වදාළ පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනයෙන් පසුව උන්වහන්සේගේ අපවත්වීම සිදුවූ ආකාරය පිළිබඳ මාධ්‍ය කිහිපයක් ඔස්සේ සැක සහිත කාරණා මතු කර තිඛෙනවා. 


මේවා කෙතරම් දුරට නිවැරදිද යන්න ගැටලූකාරී වන අතර අපවත්වූ හිමියන්ගේ ගෞරවයට මෙවැනි කථාබහකින් සිදුවිය හැකි අනර්ථයද සැලකිල්ලට භාජනය විය යුත්තකි.

කෙසේ නමුත් පාඨකයන්ගේ දැනගැනීම හා විමසිල්ල පිණිස එම මතුවූ කරුණු මොනවාදැයි අපි ඉදිරිපත් කරන්නෙමු.


ඉරිදා සත්හඩ පුවත්පතට ලේඛක සංජය ලියනගේ සඳහන් කර ඇති ලිපියකින් මෙම කරුණු අනාවරණය කර ඇත. සෝභිත හිමියන් පැවති පාලනය පරාජය කිරීමට තීරණාත්මක වැඩ කොටසක් ඉටු කර වත්මන් ආණ්ඩුව දිනා දීමට උදාර මැදිහත් වීමක් සිදු කරන අවස්ථාවක දියත් වූ කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට දිවියෙන් සමුගන්නට සිදු වීද යන්න එහිදී සැකයට භාජනය කර ඇත.


සෝභිත හිමියන් කලක පටන් දියවැඩියාව ඇතුළු සුළු රෝග තත්ත්ව කිහිපයකින් පෙළී ඇත. ඒ රෝගී තත්ත්ව වෙනුවෙන් උන්වහන්සේ ප්‍රතිකාර ගත් බවත් ඒ බොහෝ විට කොළඹ පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහලින් බවත් එහි දැක්වේ. මෙකී ප්‍රතිකාර ගැනීම්වලින් පසුව උන්වහන්සේට

සුපුරුදු පරිදි සිවිල් සමාජ ක්‍රියාකාරකම් සහ ශාසනික කටයුතුවල නියැළෙන්නට අවස්ථාවද හිමි වුවත් මෙම කරදරය ඇරඹී ඇත්තේ මෑතක සිටය. ශරීරයේ පසු පෙදෙසේ ඇති වන වේදනාවක් පිළිබඳ පවසමින් උන්වහන්සේ සැප්තැම්බර් මාසයේ දී කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබුණා. 


එහි දී උන්වහන්සේව භාර ගන්නේ එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාය. අනතුරුව ඔහු දෙන උපදෙස්වලට අනුව සෝභිත හිමියන් ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය වෙත යොමුකර ඇත.

එහි දී සෝභිත හිමියන්ට තිඛෙනුයේ ස්නායු ආබාධයක් නොවන බව තීන්දු කර වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් උන්වහන්සේව යොමුකර තිඛෙනුයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත රාජ් මහතාටය. එහි දී වෛද්‍ය චමින්ද මහතා ද සෝභිත හිමියන්ව පරීක්ෂා කර ඇත.


මෙකී වෛද්‍ය පරීක්ෂාවන්ගෙන් අනතුරුව තීන්දු වන්නේ උන්වහන්සේව හදවත් සැත්කමකට ලක් කළ යුතු බවය. ඒ අනුව උන්වහන්සේ ද සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට ඇතුළත් වන අතර ඒ සැප්තැම්බර් 23 හෝ ඊට ආසන්න දිනයකදීය. 


මෙසේ ඇතුළත් වීමෙන් අනතුරුව උන්වහන්සේට සැත්කම් දෙකක් සිදු කර ඇති බව කියවේ. ඒ බයිපාස් සැත්කමක් සහ හෘදය වස්තුවේ වම් කර්‚කාවේ සිට වම් කෝෂිකාවට රුධිරය පරිවහනය කරන කපාටයේ අඩපණ වීමක් සැකසීම වෙනුවෙන් එම හෘද කපාටයේ සැත්කමකි.

මෙම සැත්කම් විශේෂඥ වෛද්‍ය ශාන්ත රාජ් මහතාගේ නිර්දේශ මත හෘද රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කරුණාරත්න, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මෙන්ඩිස්, වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් ඇතුළු පිළිගත් වෛද්‍ය කණ්ඩායමක් සිදු කර ඇත.


අනතුරුව උන්වහන්සේ එම රෝහලින් පිටත්ව ගොස් තිබේ. මෙහි දී උන්වහන්සේගේ අභාවය පිළිබඳ සැක මතු කරන පාර්ශ්ව ප්‍රශ්න කොට සිටින්නේ ඒ දක්වා වූ ක්‍රියාවලිය තුළත් පැහැදිලි කරගත යුතු සැකමුසු තැන් ඇති බවය.

එහි දී මූලිකව ඔවුන් මතු කරන ප්‍රශ්න කිහිපයක්ම වෙයි. මෙතෙක් උන්වහන්සේ ප්‍රතිකාර ගත් නවලෝක රෝහලට ඇතුළත් නොවුණේ ඇයි? එතෙක් ප්‍රතිකාර ගත් සහ උන්වහන්සේගේ රෝගී තත්ත්ව පිළිබඳ හොඳින්ම දැනුවත්ව සිටි වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් දායක කර නොගත්තේ ඇයි? උන්වහන්සේව නවලෝක රෝහල වෙනුවට සෙන්ට්‍රල් රෝහලට ඇතුළත් කරන්නට සාධාරණ හේතු තිඛෙනවාද? 


අනෙක් අතට උන්වහන්සේට තිබූ අනෙකුත් රෝගී තත්ත්ව සහ වයස පදනම් කරගෙන සැත්කමක් වෙනුවට අතිරේක ප්‍රතිකාර විධි කෙරෙහි අවධානය යොමු නොකළේ ඇයි? එසේම බරපතළ සැත්කමක් සිදු කරන්නට තිබුණා නම් මෙරටට වඩා පහසුකම් ඇති වෙනත් විදේශීය රෝහලක් වෙත උන්වහන්සේව යොමු නොකළේ ඇයි? යන ප්‍රශ්න එහි දී විශේෂය.

මේ පිළිබඳ මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා ද මාධ්‍ය වෙත අවධාරණයක් සිදු කර තිබු අතර එහි දී ඔහු ද විමසා තිබුණේ සැත්කමට පෙර දියුණු වෛද්‍ය ප්‍රතිකර්ම කෙරෙහි අවධානය යොමු කළා නම් සහ මීට වඩා සැලකිල්ලකින් මේ කෙරෙහි යොමු වූවා නම් උන්වහන්සේගේ ඉරණම මීට වඩා වෙනස් වන්නට තිබූ බවය. ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡුාව අරඹා ඇති පාර්ශ්ව එකී ප්‍රකාශය කෙරෙහි අවධානය යොමුකර ඇත.

එකී පාර්ශ්ව විශේෂයෙන් මතු කරන කරුණක් වනුයේ  "මහින්දගේ හිතවත් එවුන්ට හාමුදුරුවන් පෙන්නන්න එපා" යන්නය. දේශපාලන ලකුණු දාගන්නට ඇතැමුන් හිතුමතේ තීන්දු ගෙන කටයුතු කළ බවට ද අසන්නට ලැබේ.

කෙසේ හෝ වේවා මෙකී සැත්කමින් අනතුරුව පශ්චාත් සැත්කම් සමයක් තුළ උන්වහන්සේව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තබාගත යුතු වුවත් එවැන්නක් අවශ්‍ය පරිදි සිදුව නැති බව ද වාර්තා වෙයි. 


එහි දී ලැඛෙන එක් තොරතුරක් නම් නිසි සමයට පෙර උන්වහන්සේව රෝහලින් නිදහස් කර ඇති බවය. අනෙක නම් උන්වහන්සේ තරමක් සුවය ලබන ලද අතරතුර අනතුරුව උන්වහන්සේ සිය කැමැත්තෙන් එම රෝහලෙන් ඉවත් වී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත් වූ බවය. 

ඒ විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයකට උන්වහන්සේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් වූ බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සෝභිත හිමියන්ගේ සුවදුක් බලන්නට ගොස් උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේ ද උන්වහන්සේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වැඩ වසන සමයේය.

මේ සමය තුළ ද උන්වහන්සේගේ අභාවයට අදාළ සැකමුසු තැන් අති බව දැනගන්නට ඇත. එකී පාර්ශ්ව මෙහි දී මතු කරන කාරණා අතර නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී උන්වහන්සේට කළ ප්‍රතිකාර මොනවාද? ඒ සඳහා වෛද්‍ය නිර්දේශ නිකුත් කළේ කවුද? ආදී ලෙසින් වැදගත් කරුණු වෙයි. 


මෙකී කරුණු වැදගත් වනුයේ උන්වහන්සේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලැබූ සමයෙන් අනතුරුව උන්වහන්සේගේ රෝගී තත්ත්වය යළිත් අයහපත් වූ නිසාය. ඔක්තෝබර් 26 හෝ ඊට ආසන්න දිනයක දී උන්වහන්සේට ද සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට ඇතුළත් වන්නට සිදු වූයේ ඒ අනුවය.

එහි දී උන්වහන්සේව පරීක්ෂා කළ වෛද්‍ය මතය බවට පත්ව ඇත්තේ උන්වහන්සේ දරුණු නිව්මෝනියා තත්ත්වයකට පත්ව ඇති බවය. එහි දී වෛද්‍ය පරීක්ෂණ කටයුතු වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් වන ශිවකුමාර්, ප්‍රසාද් කටුලන්ද, ප්‍රියංකර ජයවර්ධන, උපුල් ගුණසේකර යන මහත්වරුන් සම්බන්ධ වී ඇත. 


නමුත් උන්වහන්සේගේ රෝගී තත්ත්වය එන්න එන්නම දරුණු වූ බැවින් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසඛෙත් රෝහලට ඇතුළත් කරන්නට වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

උන්වහන්සේව පසුගිය 4 වනදා අලුයම සිංගප්පූරුවට රැගෙන යන්නේ ඒ අනුවය. ඒ ගිලන් වූවන් ප්‍රවාහනය කරන විශේෂ ගුවන් යානයකින් වන අතර එහි සෝභිත හිමියන්ව භාර ගැනීමට සිංගප්පූරුවේ සිට පැමිණි විශේෂඥ වෛද්‍ය දාස් සහ හෙදියක් ද ඊට අමතරව මෙරටින් අවසන් සමයේ උන්වහන්සේට ප්‍රතිකාර කළ ප්‍රසාද් කටුලන්ද සහ උපුල් ගුණසේකර යන වෛද්‍යවරු සිට ඇත.


ඒ වන විටත් උන්වහන්සේගේ එක් පෙණහල්ලක් අක්‍රියව තිබී ඇති අතර අනෙක ද තිබී ඇත්තේ අසාධ්‍ය තත්ත්වයකය.

නොවැම්බර් 4 වනදා උදෑසන පෙරවරු 7.30 ට පමණ සිංගප්පූරුවේ මවුන්ට් එලිසඛෙත් රෝහලේ දැඩිසත්කාර අංශයට උන්වහන්සේව ඇතුළත් කර ඇති අතර එහි දී හෘද සැත්කම් සඳහා ලොව කීර්තියක් උසුලන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශිවදාසන් ඇතුළු වකුගඩු, දියවැඩියාව, ස්නායු ආදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් උන්වහන්සේට ප්‍රතිකාර කරන්නට එක් වී ඇත. 


මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් හෘද සැත්කම් සඳහා ලොව කීර්තියක් උසුලන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශිවදාසන් යනු 83 කලබල වකවානුවේ මෙරට මහ ජාතියේ අන්තවාදීන්ගෙන් දිවි ගලවා ගන්නට විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයකු වන බවය. කෙසේ වුවත් උන් වහන්සේගේ ජීවිතය බේරා ගන්නට ඔවුන් දැඩි වෙහෙසක් ගත් නමුත් එය සාර්ථක නොවූ බව දැන් යථාර්ථයක්ය.

කෙසේ නමුත් එරටින් ලැඛෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අවසන් මොහොත වනතුරු නොසිට උන්වහන්සේව ඒ වෙත වඩම්මනු ලැබුවා නම් තත්ත්වය මීට වඩා යහපත් වන්නට තිබූ බවය.


කෙසේ හෝ වේවා මේ අයුරින් දිගින් දිගටම උන්වහන්සේ රෝගාතුර වන විට කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිතුමාව ද දැනුවත් කර ඇති අතර එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකේ කොහේ යවලා හරි කමක් නෑ හාමුදුරුවන්ව හොඳ කරගන්න කටයුතු සූදානම් කරන ලෙසය. 


ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් වුවත් ඒ මුදල් දැරීමට තමන් සූදානම් බවය. අගමැතිවරයා ද ඊට එකඟතාව පළකර ඇති නමුත් මෙවර උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයට පත්වන තුරුම ඒ වෙනුවෙන් කටයුතු යෙදී නැත.

ඒ අර්ථයෙන්, කටයුතු සිදුව තිඛෙනුයේ එම කරුණුවලට අනුව නම් උන්වහන්සේගේ අභාවයට හේතු වූ සැකමුසු කාරණා පිළිබඳ යළිත් පරීක්ෂණයක් ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කළ නොහැක.
අප මේ පිළිබඳව විමසූ විට විශේෂඥ වෛද්‍ය

ප්‍රසාද් කටුගම්පල මහතා පවසා සිටියේ ප්‍රතිකාරවල කිසිදු අඩුවක් සිදු නොවූ බවත් උන්වහන්සේට වැළඳුණු නිව්මෝනියා තත්ත්වය දරුණු වීම අභාවයට හේතු වූ බව ය. එසේම මෙරට වෛද්‍යවරුන්ව අවතක්සේරු කරන හා කීර්තියට හානි කරන ඔය වැනි ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවය.


මේ පිළිබඳව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වන පූජ්‍ය උඩුකලකන්දේ අරියරතන හිමියන් මේ පිළිබඳ අදහස් දක්වන්නට මැළි විය. උන්වහන්සේ වදාළේ ද තමන් ඔය කතා විශ්වාස නොකරන බවය.


මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයේ අවසන් කටයුතු කළ ජයරත්න මල් ශාලාවෙන් අප උන්වහන්සේගේ දේහය පිළිබඳ තොරතුරු විමසූ කල ඔවුන් එය කාරු‚කව ප්‍රතික්ෂේප කරනු ලැබිණ.


එහෙත් සෝභිත හිමියන්ට සිදු කළ සැත්කම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබූවක්ද? සැත්කම සාර්ථකය. අතුරු ආබාධ නැත.’’ කියා සැත්කම කළ වෛද්‍යවරුන් පවසා සිටිය දී සෝභිත හිමියන්ට හදිසියේ නිව්මෝනියා තත්ත්වයක් ඇති වූයේ කෙසේද?


ද සෙන්ට්‍රල් රෝහලේ තිබූ සෝභිත හිමියන්ගේ ඇඳ ඉහපත් වාර්තා මේ වන විට අස්ථානගතව ඇති බවට යන ආරංචිය සත්‍යයක්ද? හදවත් සැත්කමකින් අනතුරුව පශ්චාත් සැත්කම් සමයක් වෛද්‍ය රැකවරණය යටතේ තිබිය යුතු නමුත් උන්වහන්සේව රෝහලෙන් නිදහස් කරන්නට අනුමැතිය දුන්නේ කවුද?

ද සෙන්ට්‍රල් රෝහලෙන් ඉවත් කරගෙන උන්වහන්සේව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙන ගියේ ඇයි? එම තීන්දුව සෝභිත හිමියන් ගත්තා නම් ඊට විරුද්ධ වීමට අයකු සිටියේ නැද්ද?


මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී උන්වහන්සේට කළ ප්‍රතිකාර මොනවාද? ඊට මැදිහත් වූ වෛද්‍යවරුන් කවුද? එහි දී විශේෂ ඖෂධ කිසිවක් ලබා දී තිඛෙනවාද? එහි සිටි කාලය තුළ උන්වහන්සේට ඇප උපස්ථාන කළේ කවුද? යන ප්‍රශ්න අප සමාජය හමුවේ ඇත.

තොරතුරු -  සංජය ලියනගේ
 
Related Posts with Thumbnails