Ads 468x60px

.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අය වැයෙන් භාණ්ඩ මිල අඩු වැඩි වෙන්නේ මෙහෙමයි..


කිසියම් ද්‍රව්‍යයකට උපරිම මිළක් නියම කිරීමේ බලය ඇත්තේ තම ආයතනයට පමණක් බව පරිභෝගි සේවා අධිකාරිය කියා සිටියා.

හෙට (20) සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිළ තම ආයතනය විසින් නියම කළ එකක් නොවන බව එහි

සභාපති ආර්.එම්.කේ. රත්නායක මහතා කියා සිටියා.

අවම වශයෙන් අදාළ සංශෝධන සම්බන්ධයෙන් තමන් දැනුවත් හෝ නොමැති බවයි විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් පවා තවමත් පළ කර නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාරිභෝගික සේවා අධිකාරිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන්නක්. හෙට සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිළ පිළිබද නිවේදනය නිකුත් කර ඇත්තේ එම අමාත්‍යාංශ විසින්.

මේ පිළිබද විමසීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාද දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා. එහෙත් එම උත්සාහය සාර්ථක වුයේ නැහැ.

ආහාර ද්‍රව්‍ය 6 ක් සදහා උපරිම සිල්ලර මිළක් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත්කර තිබුණා. ඒ මයිසූර් පරිප්පු, අර්තාපල්, ලොකු ළුෑණු, සම්පූර්ණ සම රහිත කුකුළු මස්, පැකට් කළ තිරිගු පිටි සහ වියළි මිරිස් සදහායි.

මයිසූර් පරිප්පු සදහා නියම කර ඇති උපරිම සිල්ලර මිළ කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 190 ක්. අර්තාපල් සදහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 145 ක් ද, ලොකු ළුෑණු සදහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 155 ක් ද වනවා.

සම්පූර්ණ සම රහිත කුකුළු මස් සදහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 480 ක්. පැකට් කළ තිරිගු පිටි සදහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 95 ක්ද, වියලි මිරිස් සදහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 355 ක් ද වනවා. මෙම උපරිම සිල්ලර මිළ හෙට සිට කි‍්‍රයාත්මක වන බවයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.

ආහාර ද්‍රව්‍ය දෙකක මීට පෙර නියම කර තිබූ උපරිම සිල්ලර මිළද හෙට සිට සංශෝධනය කෙරෙනවා. ඒ, සම සහිත කුකුළු මස් සහ හාල්මැස්සන් සදහායි. සම සහිත කුකුළු මස් සදහා මීට පෙර නියම කර තිබූ උපරිම සිල්ලර මිළ කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 380 ක්. හෙට සිට එය රුපියල් 400 දක්වා වැඩි කෙරෙනවා.

හාල්මැස්සන් සදහා උපරිම සිල්ලර මිළ නියම කර ඇත්තේ කාණ්ඩ දෙකක් යටතේයි. ඒ, ආනයනික පැකට නොකළ හාල්මැස්සන් සහ ආනයනික පැකට් කළ හාල්මැස්සන් ලෙසයි. ආනයනික පැකට නොකළ හාල්මැස්සන් සදහා මෙතෙක් පැවති උපරිම සිල්ලර මිළ කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 385 ක්. හෙට සිට එය රුපියල් 410 ක් දක්වා වැඩි කෙරෙනවා.

ආනයනික පැකට් කළ හාල්මැස්සන් සදහා මෙතෙක් පැවති උපරිම සිල්ලර මිළ කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 425 ක් වූ අතර හෙට සිට එය රුපියල් 430 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක උපරිම සිල්ලර මිළ තවදුරටත් නොවෙනස්ව පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කියාසිිටියා. ඒ, සීනි පැකට නොකළ තිරිගු පිටි සහ ටින් මාළු සදහායි.

සුදු සීනි පැකට් නොකර අළෙවි කරන්නේ නම් ඒ සදහා උපරිම සිල්ලර මිල කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 87 ක්. පැකට් කළ සුදු සීනි  කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිළ රුපියල් 95 ක් වනවා. පැකට නොකළ තිරිගු පිටි සදහා උපරිම සිල්ලර මිළ කිලෝග‍්‍රැම් එකකට රුපියල් 87 ක්. ටින් මාළු ග‍්‍රෑම් 425 සදහා උපරිම සිල්ලර මිළ රුපියල් 140 ක්ද, ග‍්‍රෑම් 155 සදහා උපරිම සිල්ලර මිළ රුපියල් 70 ක් ද වනවා.
 
Related Posts with Thumbnails