Ads 468x60px

.

ගාල්ල මාතර දැන්වීම අස්සේ තිබූ කළුතර කතාව


"ගාල්ල මාතර බිස්කට්" රූපවාහිනී දැන්වීම මේ දවස්වල ඉතා ජනප්‍රිය වෙළඳ දැන්වීමකි.

ඊට පාදක වී තිබුණේ මීට බොහෝ කලකට පෙර සමාජයේ ජනප්‍රිය වූ කතාවකි. එනම් " ආච්චි කෙනෙක් සහ බස් කොන්දොස්තර වරයෙක් ගැන. කොළඹින් ගාල්ලට යන බස්රථයකට ගොඩවන ආච්චි “පුතේ මට කළුතර බෝධිය ළඟදි කියන්න” කියලා කියනවා. 


නමුත් කොන්දොස්තරවරයාට ආච්චිගේ පණිවුඩය මතක් වෙන්නේ කළුතර බෝධිය පසුවී බොහෝ දුරක් ගිය පසුවයි. එහෙත් ආච්චි ගැන
දුක හිතෙන බස් රථයේ සේවකයින් නැවත කළුතර බෝධිය අසලට පැමිණ ආච්චියේ කළුතරට ආවා යැයි පවසා තිබෙනවා. 

එවිට තම ගමන් මල්ලෙන් බෙහෙත් පෙත්තක් ගත් ආච්චි එය වතුර ටිකක් සමඟ කටේ දමාගෙන “හරි පුතේ දැන් යං” යැයි කියා තිබෙනවා." නම් සිදුවීමයි.

ඒ අනුව මෙම දැන්වීම නිර්මාණය කිරීමේදී කොළඹින් ගමන් ආරම්භ වීමට නියමිත බස්රථයක කොන්දොස්තරවරයා “නඟින්න... නඟින්න... ගාල්ල... මාතර” යනුවෙන් කෑගසයි. ඒ බස්රථයට මඟී එකතු කර ගැනීමටයි. කොන්දොස්තරවරයා වයස අවුරුදු 25 ක පමණ සිහින් සිරුරක් හිමි තරුණයෙකි. 


බස්රථයට ගොඩවීමට පැමිණෙන සුන්දර යුවතියකි. ඇය දුටු විගසම කොස්දොස්තරවරයාට ඇතිවන්නේ ප්‍රේමණීය හැඟීමකි. “අයියේ... මට ගාල්ලෙදි කියන්න...” තරුණිය කොස්දොස්තරවරයාට කියයි. 

කොන්දොස්තරවරයාගේ සතුට දෙගුණ තෙගුණ වෙයි. කෙසේ හෝ තරුණිය කියූ පණිවුඩය කොන්දොස්තරවරයාට සිහිපත් වන්නේ මාතරත් පසුකළ විටය. මගීන්ගේ විරෝධතා මැද බසය නැවත හරවා ගාල්ලට පැමිණ, “නංගී... ගාල්ලට ආවා” යැයි කොන්දොස්තරවරයා තරුණියට පවසයි. තරුණිය බසයෙන් බැස ගොස් බිස්කට් පැකට් එකක් රැගෙන පැමිණ “අයියාටත් එකක් දෙන්නදැයි” කොන්දොස්තරවරයාගෙන් අසයි. කොන්දොස්තරවරයාට ඇතිවන්නේ මහත් ලැජ්ජාවකි.

මේ සඳහා වෙළෙඳ දැන්වීම් ආයතන 4 කින් පිටපත් ලබා ගෙන ඇත. එලෙස ලැබුණු පිටපත් හතර පාරිභෝගිකයින් පිරිසක් වෙත ලබා දී ඉන් වඩාත් ආකර්ෂණය හිමි පිටපත ලෙස මෙම දැන්වීම තෝරාගෙන තිබුණි. 


මෙම පිටපත රචනා කර තිබෙන්නේ කසුන් වනිගරත්න නම් දක්ෂ පිටපත් රචකයෙක්. එම පිටපත රූප මාධ්‍යයට නිර්මාණය කිරීමේ වගකීම තිලාන් කුරේට පැවරී තිබුණි. ඔහු ඔහුගේ නිර්මාණ කාර්ය ඉතා මැනවින් සිදුකර තිබුනේ එළෙසිනි.

මෙම දැන්වීමේ කොන්දොස්තර තරුණයා ලෙස රඟපාන්නේ චම්පික ප්‍රියදර්ශනයි. ඔහු දක්ෂ රංග ශිල්පියෙක්. ගිෂානි නවදගල මෙම දැන්වීමට රංගනයෙන් දායක වන තරුණිය. චම්පික මීට පෙර දැන්වීම් කීපයකටම දායක වී ඇති මුහුණින් ඉතාම හොඳින් හැඟීම් ප්‍රකාශ කළ හැකි රංගන ශිල්පියෙක්. ගිෂානි මෙතෙක් කිසිම රංගන කාර්යයකට දායක වී නැති, පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි යුවතියක්.

“මෙම දැන්වීමේ රූපගත කිරිම් සිදු කෙරුණේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ, ගාල්ල මාතර මාර්ගයේ ඇතැම් ප්‍රදේශවල.  පුංචි කොටසක් දෙකක් පිළියන්දල ප්‍රදේශයේ පාරක රූපගත කිරීම් කර තිබෙනවා. එහිදී පාර අයිනේ මාතර නගරය යනුවෙන් දැක්වෙන බෝඩි එක ගහල රූපගත කිරීම් කිරීමටත් සිදු වී තිබෙනවා. 


 
Related Posts with Thumbnails