Ads 468x60px

.

රාගම ස්ටේෂමේ දුම්රිය කලබලේට හේතුව..!


කෝච්චි ඩ්‍රයිවර්
නැගිටින්න බැරිවෙන්න 
බීලා...

ඊයේ සවස් කාලයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දීර්ඝ වේලාවක් නවතා තැබීම හේතුවෙන් එම දුම්රියේ ගමන් කිරීමට නියමිත මගීන් ඒ ගැන සොයා බලන්නට දුම්රිය රියදුරු කුටිය පරීක්ෂා කර බලද්දී නැගිටගන්නටවත් බැරි ලෙස අධික බීමතින් රියදුරු සිටින බව දැකගන්නට ලැබී තිඛෙනවා.

දුම්රිය පැදවීමේ වගකීම සහායක රියදුරන්ට භාරගන්නට හැකිදැයි විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට බැරි බවයි. 


දුම්රිය ආරක්ෂකයන්ද එම අවස්ථාවේ පැනගොස් ඇත. කළ හැකි දෙයක් නොමැතිවූ තැන බීමත් රියදුරු අල්ලා පොලිසියට භාර දෙන්නට මගීන්
කටයුතු කර තිබුණා. මේ සිද්ධිය නිසා කාර්යාල සේවා නිමවී නිවෙස් බලා යන්නට සිටි සිය ගණනක්වූ මගීන් දැඩි අපහසුතාවයට පත්ව කෝපයට පත්ව රාගම දුම්රිය ස්ථානයේ කලබල ඇති කර තිඛෙනවා.

නොසන්සුන් වූ මගීන් දුම්රිය මාර්ගය අවහිර වන සේ සිටගෙන සිටි අතර අනෙක් දුම්රියටද ධාවනය වන්නට බැරි වනසේ විරෝධතාවයේ නිරතව සිටියා.

මේ හේතුවෙන් රාගම හරහා ධාවනය වන්නට සිටි දුම්රිය 10 ක් පමණ ධාවනයන් අතරමග ඇණහිට ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිඛෙනවා.


දුම්රිය සාමාන්‍යධීකාරීවරයාගේ මැදිහත්වීමෙන් තත්වය සමනය කරන්නට හැකිව ඇත්තේ රාත්‍රී 10 ට පමණය. මෙම සිද්ධිය නිසා විශාල මගීන් පිරිසක් අපහසුතාවයට ලක්විය.

සිද්ධියේ හිරු වීඩියෝව පහතින්.



එහි තවත් පුවත් පහතින් 

මඟීන් පිරුණු දුම්රියක් රියදුරු නැතිව රාගමට යයි - මහා විනාශයක් 99න් බේරෙයි

පස්වරු 6.35 ට කොළඹ  කොටුවෙන් පිටත්ව  ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියක රියදුරු ප්‍රකෘර්ති තත්වයෙන් නොසිටීම හේතුවෙන්  මහා විනාශයක් සිදුවන්නට ගොස් තිබෙනවා. බීමත් රියදුරු එන්ජිම තුළ
ඇදවැටී  සිටි බව මගීන් පවසනවා. 


මන්දගාමී දුම්රිය-  එඬේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කර ඇති අතර රාගම දුම්රිය ස්ථානයේ දී  දුම්රිය නවතාගෙන ඇත්තේ ගාඩ්වරුන් විසිනි.

දුම්රිය රාගම දී නැවතී ඇත්තේ ද සීමාවේ නොවේ. පසුව මගීන් කළ  සොයා බැලීමේ දී  දක්නට ලැබුණේ රියදුරුට නින්ද ගොස් ඇති බවකි.  ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මගීන් පිරිසක් දුම්රිය රියදුරුට පහර දී ඇතැයි පොලිසිය පවසන අතර කෙසේ වෙතත් උප රියදුරුට දුම්රිය ධාවන කළ  නොහැකි බවට ප්‍රකාශ  කරන බව මගීන් පවසා තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය රාගමට සීමා වී ඇති බව පාලක මැදිරිය සඳහන් කරනවා.

නොසන්සුන්තාවට පත් එහි සිටින මගීන් චෝදනා කරනුයේ,  මෙම සිද්ධිය  වෙනතකට හැරවීමට දුම්රිය දෙපාර්තමේන්තු ඇතැම් ඉහල නිලධාරීන් කටයුතු කරන බවටයි.  රියදුරෙකුට  අසනීප තත්ත්වයක්  හටගෙන ඇති බවට දුම්රිය නිලධාරියෙකු පවසා තිබෙනවා.

එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රියන් රාගම දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් ගන්නා බව සඳහන්ය.  රාගම දුම්රිය ස්ථානයේ රැඳී  සිටින දහස් ගණනක මගීන්  අපහසුතාවට පත්ව තිබේ.  එහි දැඩි නොසන්සුන්තාවක් පවති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ...
 
Related Posts with Thumbnails