Ads 468x60px

.

ප්‍රවාහන සේවා "දුම් ගාස්තුවේ බර" මගී ජනතාවට..


වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු වැඩි කිරීමෙන් තමන් මත පැටවුණු බර ඉදිරියේදී තමන්ගෙන් සේවා ලබන දරුවන්ගේ මවුපියන් වෙත පටවන බව පාසල් සේවා රියැදුරන් පවසනවා.

ඔවුන් එ් බව කියා සිටියේ 2016 අයවැය යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමකදීයි. දුම් පරීක්ෂණ ගාස්තු මෙන්ම වාහනවල ආදායම් බලපත‍්‍

ර ගාස්තු ද වැඩිකර තිබෙනවා. මෙයින් පැටවුණු බර තමන්ට දරාගත නොහැකි බවයි පාසල් සේවා රියැදුරන් වැඩිදුරටත් කියා සිටියේ.

මෙහිදී ලංකා පාසල් ළමයින් ප‍්‍රවාහන සංගමයේ සභාපති මල් ශී‍්‍ර ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේ වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින් ඉදිරියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ තම සංගමයද මෙම තීරණයට විරෝධය දක්වන බවයි. ඉදිරියේදී දැවැන්ත විරෝධයක් දැක්වීමට සූදානමින් සිටින බවත් පැවසුවා.

වාහනවල දුම් පරීක්ෂණ ගාස්තු හා ආදායම් බලපත‍්‍රවලට අදාළ විධිවිධාන ඇතුළත් වන්නේ අයවැය කථාවේ 559 වන අනුඡේදයේයි.

ඒ අනුව ‘‘මෝටර් රථයක් සඳහා ආදායම් බලපත‍්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට යෝජනා කරනවා. දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කරනු ලැබේ. 


තවද වාහනවල දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම වැඩි පාර්ශ්ව කරුවන්ට තරඟකාරී ලෙස ඉදිරිපත්විය හැකි පරිදි  විවෘත කරනු ඇත.’’ යනුවෙන් එහි සඳහන්.
 
Related Posts with Thumbnails